ඔන්ලයින් උසාවියේ හෙන ඉල්ලීමට පෙර

Sajam

Active member
  • Aug 29, 2021
    183
    228
    43
    IMG_6532.jpeg


    ජස්ලීන් කවුර් නඩුව.. (ඉන්දියාව)

    The Wikipedia article on the incident: https://en.wikipedia.org/wiki/Jasleen_Kaur_harassment_controversy

    Copied the below content from: https://www.facebook.com/share/1Mj2prbbC6/

    සමාජ මාධ්‍ය වල පලවෙන අපරාධ කරුවන්ගේ ඡායාරූප, ඔවුන්ට හෙන ඉල්ලා ශෙයා කරන්න පෙර කියවන්න..

    සාමාන්‍යයෙන් නීතිය අනම්‍යයි කිව්වට කාන්තාව හා ළමයා වැනි "දුර්වල" යැයි සම්මත දේවල් දෙසට නීතිය ටිකක් නැමිලා තියෙනවා.. මේක එක් පැත්තකින් විශාල යහපතක් කරත් මේකේ අනිත් පැත්තකුත් තියෙන්වා

    2015 එක දවසක ජස්ලීන් කෞර් නැමැත්තියක් මාර්ග සංඥා ක්‍රියාත්මක වන හන්දියක රතු එලියට නැවතිලා ඉන්න යතුරුපැදිකරුවෙක් ගේ හස්ත මුද්‍රාවක් සහිත පහත වම් පස රූපය ෆේස්බුක් හරහා අන්තර්ජාලය වෙත මුදා හරිනවා.. නිකං නෙමේ ඔහු කාම විකෘතිකයෙක් (Pervert) ලෙසට චෝදනා නගමින්..

    ජස්ලීන්ගේ චෝදනාව වුනේ සර්ව්ජීත් නැමැති මේ පුද්ගලයා ඇයට බොහොම බරපතල වාචික ලිංගික හිංසනයන් සිදු කළ බවයි.. ඇය මේ දාන එෆ්බී පෝස්ට් එකේ මේ පුද්ගලයගේ ඡායාරූපය බයික් නම්බර් එක ඇතුලුව මේ කතාවත් ඇතුලත්..

    සාමාන්‍යයෙන් අපේ රටේ වගේම ඉන්දියාවත් මේ වගේ දේවල් හෙවිල්ලක් බැලිල්ලක් නැතිව වයිරල් යවන්න හරි දක්ශයි.. ඉතින් මේ ෆේස්බුක් පෝස්ට් එක එක රැයින් මිලියන ගානක් ශෙයාස් සහිතව වයිරල් ගියා. ඒ විතරක් නෙමේ ඉන්දියාවේ ප්‍රධාන මාධ්‍ය මගින් ඔහුගේ මූන බොඳ කරන්නෙවත් නැතිව මෙම ඡායාරූපය ප්‍රසිද්ධ කරමින් ඔහුට ප්‍රසිද්ධියේ Pervert යැයි චෝදනා නැගුවා.. ඒ වගේම ජස්ලීන් කොයි තරම් නිර්භීත කාන්තාවක්ද කියලා ඇයව අගය කරන්නත් මේ මාධ්‍ය අමතක කරේ නෑ..

    සාමාන්‍යයෙන් ඉන්දියානු මාධ්‍ය අපේ රටේ මාධ්‍ය වලට වඩා වගකීම් සහගත වෙන්න නීතියෙන්ම බැඳිලා ඉන්නවා.. නමුත් මේ කතාවේ වික්ටිම් පිරිමි කෙනෙක් නිසාත් මේ සෙක්ශුවල් හැරස්මන්ට් චෝදනාවක් නිසාත් වෙන්න ඇති නිර්භයාගේ සිද්ධි වලදි වගේ මේ මාධ්‍ය වගකීම් සහගත වුනේ නෑ.

    ඉතාමත් ඉක්මනින් සර්ව්ජීත්ව ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහයේ 354A, 506, 509 වගන්ති යටතේ චෝදනා ගොනු කරලා අත්අඩංගුවට ගෙන නඩු පවරනවා..

    ඒ විතරක් නෙමේ

    🔻 සර්ව්ජීත් සිං ට හා ඔහුගේ පවුලේ අයට විවිධ චෝදනා අපහාස මරණ තර්ජන ගලාගෙන එනවා.

    🔻මේ හේතුවෙන් ඔහුගේ පියා හෘදයාබාධයකින් මිය යනවා..

    🔻සර්ව්ජීත්ගේ රැකියාව නැති වෙනවා..

    🔻සෑම ආයතනයක්ම සර්ව්ජීත්ට රැකියා දීම ප්‍රතික්ෂේප කරනවා..

    🔻කිසිම කෙනෙක් කාම අපරාධ කරුවෙක්ට තමංගේ දුව දෙන්න කැමති නෑ සර්ව්ජීත්ගේ විවාහයට බාධා එල්ල වෙනවා..

    🔻තමංගේ පවුලේ අයගෙන් ආදායම් උපයන්නේ දෙන්නෙක් තුන්දෙනෙක් නිසා පවුල නඩත්තු කරන්න සර්ව්ජීත් ට ඔහුට මේ සිද්ධිය වෙන්න කලින් වැඩ කළ වැටුප වගේ 30%ක ප්‍රමාණයක සුළු වැටුපකට වැඩ කරන්න සිද්ධ වෙනවා...

    🔻 පහුගිය අවුරුදු හතරටම ඔහු නගරයෙන් පිට යන හැම වෙලාවකම පොලිසියෙන් අවසර ගන්න සිද්ධ වෙනවා..

    මේ නඩුව අවුරුදු 4ක කාලයක් ඇදෙනවා මෙයින් අවුරුදු 3ක් ම වුනේ ජස්ලීන් උසාවියේ පෙනී නොසිටීම නිසා නඩුව කල් යෑම.. නමුත් 2015සිට මේ අවුරුදු ගාන පුරාවටම මේ ෆේස්බුක් පෝස්ට් එක නිසා සර්ව්ජීත්ට පාරේ බැහැලා යන්න බැරි වෙනවා..

    තුන් වෙනි අවුරුද්දේ දි උසාවිය තීරණය කරනවා ජස්ලීන් ඊළඟ නඩු වාරයේදිත් පෙනී නොසිටියොත් නඩුව නිශ්ප්‍රභා කරන්න.. නමුත් ඊළඟ නඩු වාරයේදි ජස්ලීන්ගේ පියා උසාවියට ඉදිරිපත් වෙලා කියනවා ඇය කැනඩාවේ අධ්‍යාපන කටයුතු වල නිරත වන නිසා තමයි ඇයට උසාවියේ පෙනීසිටින්න බැරි වුනේ කියලා..

    උසාවිය ඇයට දෙසැම්බර් දක්වා කල් දෙනවා. අවසානයේ ඇය උසාවියේ පෙනී සිටිනවා.. මේ මුලු නඩුවටම ජස්ලීන්ගේ පැත්ත ඔප්පු කරන්න මේ ඇඟිලි දෙකක් දික් කරං ඉන්න ඡායාරූපය ඇර වෙන කිසිවක් නෑ.. මෙතනදි සර්ව්ජීත් කියනවා ඇයයි මුලින්ම ඔහුව වාචික හිංසනයට ලක් කළේ ඔහු කළේ ඇයට පිළිතුරු දීම පමණයි කියලා..

    මේ සිද්ධියේ හැරවුම් ලක්ෂය විදිහට මෙහිදී ඇසින් දුටු සාක්ශිකරුවෙක් ඉදිරිපත් වෙනවා.. ඔහුගේ සාක්ශිය මත උසාවිය සලකා බලන කරුණු මත ඔප්පු වෙනවා සර්ව්ජීත් නිර්දෝශී බවට..

    ඔව් කාම විකෘතිකයා චෝදනාවෙන් නිදොස් වෙන්න වසරම හතරක් ගත වෙනවා.. මොහු 28 හැවිරිදි තරුණයෙක්.. ඔහුගේ ජීවිතේ හොඳම කාලය දිය වුනේ කොහේවත් යන ගෑනියෙක්ගේ බොරු චෝදනාවකට සමාජෙන් එල්ල වෙන ගල් මුල් වලින් බේරි බේරි ඉන්න..

    මේ සිද්ධියෙන් සර්ව්ජීත් නිදහස් වුනාට පස්සේ ඔහුට චෝදනා කළ අපහාස කළ සියළුම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලට සර්ව්ජීත්ගෙන් සමාව ගන්න සිද්ධ වෙනවා ඒ වගේම ඉන්දියානු මාද්‍ය පාලන බලධාරීන් මේ සිදුවීමට වන්දි ගෙවන්නත් නියෝග කරනවා..


    ඒත් මේ ලංකාව..

    පහුගිය කාලෙකදී වැලන්ටයින් ඩේ එකට තෑග්ගක් ගන්න සල්ලි ඉල්ලලා දුන්නේ නැති වුනාම අම්මව මැරුවා කියලා සෝශල් මීඩියා වගේම ප්‍රධාන මාධ්‍යත් දහ අට හැවිරිදි දරුවෙක්ව පට්ට ගැහුවා.. හරියටම අවුරුද්දකට පස්සේ නඩු තීන්දුව එනවා ඒ දරුවා නිදොස් කොට නිදහස් කරලා.. ඒත් මාධ්‍ය මගින් සමාව ගැනීමක් හෝ වන්දි ගෙවීමක් වෙන්නේ නෑ..

    සේයා සදෙව්මි ඝාතන සිද්ධියේදී කොණ්ඩයා පාසල් සිසුවා මාධ්‍ය මගින් ඝාතනය කරා. ඔවුන්ට නැවත සාධාරණයක් මාධ්‍යයෙන් ලැබුනේ නෑ.. නමුත් ඒ නිවුස් වල ඔවුන්ගේ මුහුනු පවා ප්‍රචාරය කරමින් රීච් ලබා ගෙන ඔවුන් ආදායම් උපයා ගත්තා..

    අපි නොදැන ශෙයා කරන දේවල් වලින් නැති වෙන්නේ අහිංසකයෙක්ගේ ජීවිතයක්..

    සිද්ධ වුන සිද්ධියෙන් කණගාටුවට පත් වී හෘදයාබාධයකින් මියගිය සර්ව්ජීත් සිං ගේ පියාගේ ජීවිතය නැවත ගේන්න බෑ..

    ඒ වගේම ඉතාම මෑතකාලීන සිද්ධියක් ඉන්දියාවෙන් වාර්ථා වෙනවා. ඉන්දියාවේ මානව් සිං නැමති දාසය හැවිරිදි දරුවෙක් ඔහු දාහතර හැවිරිදි වියේදී තමාව දූශනය කළ බවට එක්තරා ගැහැණු ළමයෙක් සමාජ මාධ්‍ය වල පල කරනවා. මේ හේතුවෙන් ඔහු එක රැයින් දූශකයෙක් විදිහට නම් දරනවා..

    මේ නිසා එල්ලවන චෝදනා දරාගන්න බැරිව 2020 මැයි 4 වෙනිදා ඒ දරුවා සියදිවි හානි කර ගන්නවා.



    ඉහත ලිංක් එකේ තියෙන්නේ මගේ සහෝදරයා දූශකයෙක් නෙමෙයි කියලා බොහොම සංවේදීව මිය ගිය මානව් සිං ගේ සහෝදරයා විසින් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තැබුව සටහනක්..

    නමුත් මානව් සිං දූශකයෙක් නොවුනට මානව් සිං ජීවිතයෙන් වන්දි ගෙවලා අවසානයි..

    මම පෞද්ගලිකව විශ්වාස කරනවා ස්ත්‍රී දූශනයට වගේම ව්‍යාජ ස්ත්‍රී දූශක චෝදනා වලටත් දඩ මුදලක් වත් තිබිය යුතු බව..

    ඒ නැතත් අපි අපරාධ චෝදනාවකට හෝ කවරාකාර චෝදනාවකට ෆේස්බුක් එකෙන් නඩු කියලා වැරදි කාරයෝ නම් කරලා හෙන ඉල්ලන්න කලින් දහස් වාරයක් හිතන්න ඕනේ කියන එකට මේ නඩු තීන්දු සහ සිද්ධි හොඳටම ප්‍රමාණවත්..

    අපේ සිංහල කියමනක් තියෙනවා බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා කියලා.. ඉතිං අධිකරණ කටයුතු ෆේස්බුක් එකේ විසඳන්න යන්න කලින් තීරණය කරන්න ඕනේ බූරුවා කරන්නේ තප්පුලන එක මිස බුරන එක නෙමේ කියල... ඒ වගේම බූරුවා කළ යුත්තේ බර ඇදීම මිස බල්ලා ගේ බිරුන වෙනුවට තප්පුලෑම නෙමේ කියලා..

    මේක පහුගිය දවස් වල වුන ජිම් යන ගෑණු ළමයා චෝදනා ලබපු මිනී මැරුමට වගේම
    ගෝඨාභය රාජපක්ෂ ඇතුලු රජයට චෝදනා එල්ල වෙන සියදිවි හානිකරගැනීම් සිද්ධියටත් අදාලයි.. ජේසුස් වහන්සේ වරක් ප්‍රකාශ කළා සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්වහන්සේගේ දේ දෙවියන්වහන්සේටත් ලබා දෙන ලෙස.. ඒ වගේම මෙවන් අවස්ථා වලදී අධිකරණයේ කටයුතු අධිකරණයට කර ගන්න ඇරලා ඔබේ කටයුතු ඔබ කර ගැනීම තමා වඩාත් යහපත්

    විමා 🖤
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,336
    2,202
    113
    California
    මේකනම් ඇත්ත...
    ඒත් ඉතින් බන් අපේ රටවල කොහෙද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ
     
    • Like
    Reactions: SLK_sri

    Sajam

    Active member
  • Aug 29, 2021
    183
    228
    43
    ow ban ara colombo museum eke gothabaya kadu horakan karala wena ekek alluwe
    ආආහ් 😅
    මේකනම් ඇත්ත...
    ඒත් ඉතින් බන් අපේ රටවල කොහෙද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ
    ඔව්. ඒත් අපි උඹලටත් මේ වගේ අහක යන තොප්පියක් සෙට් වෙන්න පුලුවන් නෙ
     
    • Haha
    Reactions: SLK_sri

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේකනම් ඇත්ත...
    ඒත් ඉතින් බන් අපේ රටවල කොහෙද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ

    ගමට උසාවිය ආවාම ඔච්චර කාලයක් යන එකක් නෑ 😁
    එතකොට සුදු මහත්තරුන්ගෙ රටවල වගේ තමයි
    පට පට ගාලා විසදෙන්නේ
     
    • Haha
    Reactions: Sajam

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,048
    1
    8,893
    113
    -~උලක් උඩ-~
    අර සේයාගෙ ඝාතනයෙදි ගම්මු එයාගෙ තාත්තව සැක කෙරුවලු. එයා පෞද්ගලික ආයතනයක ලෙක්චර් කෙනෙක්ලු. පස්සෙ ඇත්ත ඝාතකයා ඇල්ලුවලු. ඒ වුනාට අන්තිමට අර තාත්තට කුලීවැඩ කරන්නත් උනාලු ජීවත් වෙන්න . මේකෙ තිබ්බෙ
     
    • Like
    Reactions: NAdee56