සර්කෝසිට තෙල් නැති වෙයි.
සර්කෝසිට තෙල් නැති වෙයි.
නිකලස් සර්කෝසි
මේ වන විට එරට තෙල් පිරිපහදුවල සතියක් පමණ තිස්සේ වැඩ වර්ජන ක‍්‍රියාත්මක වන අතර, ඉන්ධන හිඟය දැඩි ලෙස බලපා ඇත්තේ ප්‍රංශයේ අගනුවර වන පැරිසියටයි. පැරිසියේ පමණක් නොව, ප‍්‍රංශයේ ප‍්‍රධාන නගර කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන විරෝධතා ඇතැම් විට ප‍්‍රචණ්ඩ ස්වරූපයකට පෙරළෙන අතර, පොලීසිය හා ගැටුම් ද ඇති වී ඇත.
මේ අතර මෙම අර්බුධකාරී තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති නිකලස් සර්කෝසි විසින් අදාල පාර්ශවයන් සමග එකඟතාවයකට ඒමට උත්සාහ දරමින් පවතී.
සර්කෝසිට තෙල් නැති වෙයි.
නිකලස් සර්කෝසිසර්කෝසිට තෙල් නැති වෙයි.
මුස්ලිම් කාන්තාවන්ට බුර්කාව තහනම් කරමින් වීරයා වෙන්නට තැතනූ ප්‍රංශ ජනාධිපති නිකලස් සර්කෝසි දැන් උහතෝකොටික ප්‍රශ්ණයකට මැදි වී ඇත. ඒ මෑතකදී ප්‍රංශ රජය හඳුන්වා දුන් විශ්‍රාම වැටුප් සංශෝධන වලට විරෝධය පල කරමින් පැවැත්වෙන උද්ඝෝෂණ තව දුරටත් උත්සන්න අතට හැරීමයි. මේ නිසා ප‍්‍රංශයේ පැවැත්වෙන මහා වැඩවර්ජනය හේතුවෙන් එරට ඉන්ධන පිරවුම්හල් 2000ක පමණ ඉන්ධන අවසන් වී ඇතැයි වාර්තා වේ.මේ වන විට එරට තෙල් පිරිපහදුවල සතියක් පමණ තිස්සේ වැඩ වර්ජන ක‍්‍රියාත්මක වන අතර, ඉන්ධන හිඟය දැඩි ලෙස බලපා ඇත්තේ ප්‍රංශයේ අගනුවර වන පැරිසියටයි. පැරිසියේ පමණක් නොව, ප‍්‍රංශයේ ප‍්‍රධාන නගර කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන විරෝධතා ඇතැම් විට ප‍්‍රචණ්ඩ ස්වරූපයකට පෙරළෙන අතර, පොලීසිය හා ගැටුම් ද ඇති වී ඇත.
මේ අතර මෙම අර්බුධකාරී තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති නිකලස් සර්කෝසි විසින් අදාල පාර්ශවයන් සමග එකඟතාවයකට ඒමට උත්සාහ දරමින් පවතී.
