සර්පයකු ආහාරයට ගන්නා මුවකුගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසැරීම බොහෝදෙනාගේ විමතියට හේතු වී ඇත.
මෙම වීඩියෝව උඩුගත කර ඇත්තේ ඉන්දීය වනජීවි නිලධාරියකු වන සුසන්තා නන්දා විසිනි.
මෙම වීඩියෝව ලක්‍ෂයකට අධික පිරිසක් මෙතෙක් නරඹා තිබේ.
මුවා ශාක භක්ෂක සතෙකි. නමුත් ඔවුනගේ ශරීරයේ පොස්පරස්, කැල්සියම් හා ලුණු හිඟ නිසා මෙලෙස මස් පරිභෝජනයට යොමු විය හැකි බව නැෂනල් ජියෝග්‍රෆි වාර්තාවක් කියයි...


