සර්ප දෂ්ටනයකදී

FighterFish

Member
Jun 13, 2015
225
25
0
Bogawanthalawa
සර්ප දෂ්ටනයකදී

සුභ දවසක් මචන්ලා....හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන නුලක් දාන්න හිතුවා.මේ මෑත දවසක මගේ ළගම ඥාතියෙකුට සර්පයෙක් දෂ්ට කළා,ඒ වෙලාවේ මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි උනා.ඔය හේතුව නිසාම මන් පහු ගිය ටිකේම පොඩ්ඩක් නෙට් එක සහ පොත පත කියවලා පොඩි අයිඩියා එකක් ගත්තා ඒ වගේ වෙලාවක මොකක්ද කරන්න ඕනා කියල.මේ දවස්වල පැවිල්ල වැඩි නිසා සර්පයෝ හරියට සීතල හොයාගෙන ගෙවල් වලට එනවා.එහෙව් එකේ පොඩ්ඩක් මේක දැනගෙන ඉන්න එක වටිනවා කියල හිතුනා

වැදගත්
මුලින්ම සර්පයෙක් දෂ්ට කලාම අපේ කස්ටිය ඉස්සෙල්ලම හොයන්නේ සර්පයා විෂ එකෙක්ද කියලා,නමුත් මචන් වෛද්‍ය විද්‍යාවේ කියන්නේ සර්පයාගේ විෂ නෙවෙයි රෝගියාගේ ( දෂ්ට කරන ලද තැනැන්තා මින් පසු මෙලෙස හඳුන්වමි ) ඇගේ විෂ ශරීර ගත වෙච්ච රෝග ලක්ෂණ පෙන්නවද කියලයි බලන්න ඕනා.( ඉදිමුම, ක්ලාන්ත ගතිය, දැඩි වේදනාව වගේ ) ඒ වගේම අත්‍යවශයෙන් රෝගියාගේ බය නැති කරන්න ඕනා.එහෙම නැති උනොත් ඒ කම්පනය රෝගියා මිය යන්න උනත් ප්‍රමාණවත් කියලයි සඳහන් වෙන්නේ.

ප්‍රථමාධාර
1. රෝගියාගේ බය නැති කිරීම අනිවාර්යයි.. දෂ්ට කරපු තැන දළ පාරවල් තිබුනා කියල ඒකෙන් විෂ ශරීර ගත උනා කියලම අදහස් වෙන්නේ නැහැ.එහෙම උනත් ඕනා තරම් ප්‍රතිකාර ඒවාට තියෙනවා කියල ඒත්තු ගන්වලා හිත සැහැල්ලු කරවන්න
2. දෂ්ට කරපු ස්ථානය අතක් හෝ වේවා කකුලක් හෝ වේවා ඒ ප්‍රදේශය සෙලවෙන්නේ නැතුව ( නිශ්චලව ) තියා ගන්න එක ඉතා වැදගත්, එහෙම කියන්නේ ශරීර අවයව ක්‍රියාකාරී වෙනකොට රුධිර සංසරණය වැඩි නිසා ඉක්මනින් විෂ ශරීරයට අවශෝෂණය වෙන්න පුළුවන් ප්‍රවනතාව වැඩියි
3. ඒ වගේම සර්පයා දෂ්ට කරපු තැන සබන් වතුරෙන් හෝදලා ඇරලා පිරිසිදු රෙදි කල්ලකින් පිහලා දාන්න.ඒකෙන් තවම උරා ගත්තේ නැති විෂ අයින් කරගන්න පුළුවන්
4. පැරසිටිමෝල් පෙති දෙකක් විතරක් දෙන්න කියනව වේදනාව අඩු වෙන්න
5. අවසානයේ පුළුවන් තරම් ඉක්මනට රෝගියාව වෛද්‍යවරයෙක් හෝ රෝහලකට අරන් යන්න.මරපු සර්පයා ඉන්නවනම් ඒකත් අරන් යන්න..ඒත් පණ පිටින් ඉන්න සර්පයෙක් අල්ලන්න ගිහින් තව කෙනෙක් නිරපරාදේ දෂ්ටනයකට ලක් වෙන්න එපා කියලා අවවාදයක් දෙනවා

කරන්න හොඳ නැතිම ඒවා

1. ප්‍රථමාධාර දෙන පුද්ගලයා සේරටම කලින් කලබල නොවී ඉන්න ඕනා
2. සමහරු ඒ වෙලාවට රෝගියාට මධ්‍යසාර වගේ දේවල් දෙන්න හදනව.ඒක නොකළ යුතුම දෙයක් මොකද එකෙන් රුධිර සංසරණය ඉක්මන් වෙනවලු
3. ඇස්ප්‍රින් තියෙන පෙති ජාති ( සරල නමක් නොදනිමි ) දෙන්න එපා කියලා නිර්දේශ කරනවා මොකද ඒකෙන් රුධිරය කැටි ගැහෙන එක වළක්වලා සංසරණය ඉක්මන් කරනවා
4. අනිත් දේ තමයි සමහර අය පුරුදු වෙලා ඉන්නවනේ දෂ්ට කරපු තැන කපන්න, එහෙම නැත්තන් කට තියලා විෂ උරන්න, අත්‍යවශයෙන්ම නොකළ යුතු දෙයක් කියල සඳහන් වෙනවා මොකද එකෙන් විෂබිජ අසාදනය වෙන නිසා
5. ඒ වගේම තුවාලේ උඩ කොන්ඩිස් වගේ කිසිම දෙයක් අලේප කරන්න එපා කියනව මොකද එකෙන් පටක විනාශ වෙන්න පුළුවන්
6. පොටෑසියම් තියෙන තැඹිලි වතුර කුරුම්බා වගේ දේවල් දෙන්නම එපා කියනවා


මේවා තමයි මචන් සරලවම කියන්න තියෙන පියවර ටික..පුළුවන් ඉක්මනින් ප්‍රතිකාරයක් කරන්ඩ අරන් යන එක තමයි හොඳම දේ.මොකක් හරි හේතුවක් නිසා පමා වෙනවනම් විතරක් මේ දේවල් කරලා රෝගියාගේ ජිවිත අවදානම අඩු කරගන්න පුළුවන්.කාට හරි වැදගත් වේවි කියලා හිතවා.. සැමට නිරෝගී සුව.!!!