සර්ප දෂ්ටනයක් :(

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,009
    113
    We do protect snakes, but they take our loving ones away from us. Don’t know which one exactly bit him. But it took only 5-7 minutes to take his breath away
    😢
    😭
    only 38 years old with two little kids.


    469620853_1320724755776174_9042486130613561448_n.jpg




    මොකා මොන බයිලා ගැහුවත් උග්‍ර විෂ සර්පයෙක් දැක්කම අත අරින්න හිතෙන් නැත්තේ මේක හින්දා තමා... එහෙම ගිය එකෙක් පවුලේ එකෙක්ට කෑවොත් කාට කියන්නද. මේ ග්රුප් එකට පිං සිද්ධ වෙන්න නිර්විෂ උන්ව නන් දන්න හින්දා බේරලා යවනවා. පව් මේ මනුස්සයා සත්තුන්ට හොඳක් කරන්න ගිහින් නැති වෙලා :(:(
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,044
    6,395
    113
    kandy
    බැරිවෙලාවත් මේ සතුන් දෂ්ට කරොත් ක්ෂණිකව විෂ ඉවත් කරන පිළියම් 30 ක්👇❤️❤️

    නිවසේදී හෝ වෙනත් ගමනක් බිමනක් යද්දි හෝ අපිට කුමන හෝ අනතුරක් සිදු වෙන්නට පුළුවන්. වැටීම්, කැඩීම් තැලීම් වගේම විශඝෝර සර්පයන්ගෙන් සහ කුඩා කෘමි සතුන්ගෙන් පවා අපිට යම් අනතුරු සිදු වෙනවා. දරුණු විෂ සහිත සතෙක් දෂ්ට කළොත් ඒ සඳහා පමා නොවී නිසි ප්‍රතිකාර නොකළොත් ඒ පුද්ගලයාගේ ජීවිතය පවා නැති වෙනවා. ඒ හැරුණාම, පත්තෑයා, ගෝනුස්සා, දළබුවා, කැරපොත්තා ආදී සතුන්ගෙන් පවා අපිට කරදර ඇති වෙනවා. දරුණු සතෙක් දෂ්ට කළොත් වෙද ගෙදර ගියත් එදා ගැමියා සුලු සර්ප හා කෘමි දෂ්ටනවලදී ඒ විෂ නැසීමට විවිධාකාරයේ අත් බෙහෙත් තමයි භාවිතා කළේ. අද වගේ නොවෙයි එදා ගැමියා ලෙඩ රෝග බොහොමයකටම සාර්ථක අත්බෙහෙත් දැන සිටියා. ඒ සඳහා අවශ්‍ය කරන ඔසු පැල තම නිවසේ වගා කරගන්නත් ඔවුන් අමතක කළේ නැහැ. ඉතින් කැරපොත්තා පත්තෑයා, ආදි ගෘහාශ්‍රිතව අපිට නිතරම දකින්නට ලැබෙන සතුන් නිසා අපේ ශරීරයට ඇතුලු වන විෂ නැතිකරගන්නට ඔවුන් සතුව විවිධ අත් බෙහෙත් තිබුණා. ඔන්න අපි අද කියන්නට සූදානම් වෙන්නේ සුළු සර්ප විෂ හා කෘමි විෂ නැති කර ගන්නට භාවිතා කළ හැකි අත් බෙහෙත් කිහිපයක් පිළිබඳව.

    කැරපොතු විෂට කෑමට ගන්නා හුණු ජලයට දැමූ විට නගින හුමාලය ඇල්ලීම

    තල තෙලින් හුණු අනා දෂ්ට කළ ස්ථානයේ තබා ගිනි පෙනෙල්ලෙන් රත් කරන්න.

    මීමුරු උණු දියෙන් අඹරා ඒ ස්ථානයේ ආලේප කරන්න.

    අමු කහ, බෝබුදළු අඹරා ආලේප කරන්න.

    ලුණු පුළුස්සා පොල්තෙල් සමඟ පත්තෑයා දෂ්ට කළ ස්ථානයේ ආලේප කරන්න.

    හබරල පිත්තක් කපා දෂ්ට කළ ස්ථානයේ තබන්න.

    පැපොල් මුලක් අඹරා ආලේප කරන්න.

    සස්සද මුල් ඇල්දියෙන් අඹරා ආලේප කරන්න.

    මූණමල් ඇට දෙහි ඇඹුලෙන් ගලගා අලේප කරන්න.

    ඉත්තෑ කූරක් පුළුස්සා ගත් අළු පොල් තෙලෙන් අනා ආලේප කරන්න.

    මදුරුතලා කොළ මිනිස් මුත්‍රාවාලින් අඹරා ආලේප කරන්න.

    කබලකින් ඇදගත් තල එළගිතෙලින් අඹරා ආලේප කරන්න.

    මී මැසි හා දෙබර විෂට ඉදුණු පුවක් ගෙඩියක පිට පොත්තෙන් එන යුෂ ආලේප කරන්න. මෙමගින් මී මැසි විෂ ඉවත්වීම සිදුවී ඉදීමීමත් නතර වෙනවා.

    ලුණු මගින් පොගවා ගත් රෙදි කැබැල්ලකින් දෂ්ට කළ ස්ථානය පිසදමා ඒ ස්ථානයේ සහිද ලුණු අඹරා ආලේප කරන්න.

    ඉදුණු පොල්පිත්තක් තලා එහි යුෂ දෂ්ට කළ ස්ථානයේ අලේප කරන්න.

    එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කරන්න.

    යකිනාරං කොළ පොතු මිනිස් මුත්‍රාවලින් අඹරා ආලේප කරන්න.

    රසකිද වැල් කොටා එහි යුෂ දෙහි ඇඹුල් දමා රෝගියාට පොවන්න.

    රසකිද වැලක් ගෙන දඩු සහ කොළ කොටා මිරිකා දෙහි ඇඹුල් දමා රෝගියාට පොවන්න.

    ගෝනුසු විෂට මගුල් කරදමුල්, වදකහ, නිකමුල්, කොටා වතුර දමා තම්බා නගින දුම දෂ්ට කළ ස්ථානයට වැදෙන සේ අල්ලන්න. ඒ රොඩු අඹරා දෂ්ට මුඛයේ බදින්න.

    හුණු සමඟ කුප්පමේනියා අඹරා ගාන්න.

    පරණ කොහු ලණුවක් පුළුස්සා ගෙන එහි අළු ගෙන පොල්තෙලෙන් අනා ආලේප කරන්න.

    දළබු විෂට පරණ පොල්තෙල් ගා දළබු රෝම ඉවත් කර ගැට තුබ සහ අමුකහ එකට කොටා යුෂ ගෙන ආලේප කරන්න.

    දිවි මකුළු විෂට ගොටුකොළ කොටා යුෂ ගෙන කැඳ සකසා ගිතෙල් දමා පානය කරන්න.

    කපු දළු, අමුකහ ලුණු දමා කොටා මලවා බදින්න.

    පොල්පලා දෙහි යුෂයෙන් අඹරා ආලේප කරන්න.

    කලාදුරු විෂට රතු ළූණු ගෙඩියක් දෙකට කපා අතුල්ලා කඩුපහර කොළ හාල්පානු ජලයෙන් අඹරා ගාන්න.

    ගෙඹි විෂට නක කොළ, හීන් අරත්ත අල ගෝමුත්‍රායෙන් වේදුපාන්න. ඒ රොඩු අමුකහ සමඟ අඹරා දෂ්ට මුඛයේ තබා බුරුලෙන් බදින්න.

    හිකනල් විෂට රත්තම්පලා, කටුතම්පලා, තැඹිලි පොල් මුල්, තල්මුල් කලං තුන බැගින් ගෙන පත 8-1 ට සිඳ ගිතෙල් දමා පානය කරන්න.

    දිවුල් කොළ එරබදු කොළ කොටා පොල්කටු අගුරෙන් දුම් අල්ලන්න.

    මේ සරල අත් බෙහෙත් කුමන හෝ අවස්ථාවකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට යනතුරු විෂ දුරුකර ගන්නට ඔබට ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම ඒ බෙහෙත් සඳහා නිතර ඕන කරන අමුකහ , ඉරිවේරිය, ඉඟුරු ආදී ඔසු පැලත් තමන්ගේ ගෙවත්තේ වවා ගනන්ටත් අමතක කරන්නට එපා.

    --Copied--
    ------ Post added on Dec 10, 2024 at 9:28 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,579
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    Thel Karawala

    on the spot thama
    මමත් 99න් බෙරුනා යාලුවෙක් ගෙ ගෙදර පාටි එකකට උදව් කරන්න ගිහින්. එහා පැත්තෙ කුබුඅරක් තියෙන්නෙ. ගේ ඉස්සර තිබ්බ කලු ගල් ගොඩාක් අස් කරන්න ගිහින් ඇතුලෙ ඉදල පැන්නා එලියට. තව පොඩ්ඩෙන් කනවා
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    අපේ ගමේ ඉන්නවා පොළොං බන්ඩා කියලා මනුස්සයෙක්
    වැලි පොළඟෙක් ගහලා විසට වකුගඩු දෙක සවුත්තු වෙලා
    ඉස්පිරිතාලේ යන්න ඕනේ හැම මාසෙම
    නම හැදුනේ ඊට පස්සේ :confused2:
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    මමත් 99න් බෙරුනා යාලුවෙක් ගෙ ගෙදර පාටි එකකට උදව් කරන්න ගිහින්. එහා පැත්තෙ කුබුඅරක් තියෙන්නෙ. ගේ ඉස්සර තිබ්බ කලු ගල් ගොඩාක් අස් කරන්න ගිහින් ඇතුලෙ ඉදල පැන්නා එලියට. තව පොඩ්ඩෙන් කනවා

    නිර්විශ අලු රදනකයෙක්ද දන් නෑ.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉස්සර සිරසේ ගිය හිංදි ෆිල්ම් වල කෙල්ලට සර්පයා ගැහුවම කොල්ල කට තියල විස උරනව.. ටික වෙලාවකිං කොල්ල මැරෙනව.. කෙල්ලට සිහිය ඇවිල්ල අඬනව.. මං කාලයක් හිතං හිටිය ගෙදර කාට හරි සර්පයෙක් ගැහුවොත් ඔහොම කරනව කියල බං 🤥