සර්ව ආගමික කොඩිය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    සර්ව ආගමික කොඩිය

    සර්ව ආගමික කොඩිය


    රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම චාරිත්‍රය වන සර්ව ආගමික කොඩිය එසවීම සියළුම ආගමික නායකයින්ගේ හා බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ජූනි 28 සවස 5.30ට යෙදුනු සුභ මොහොතින් එය පිහිටුවා ඇති මුස්ලිම් පල්ලිය භූමියේදී සිදු කරනු ලැබිණි.
    එසේ එසවුණු සර්වාගමික කොඩියයි මේ පෝස්ටුවේ දක්වා ඇත්තේ.
    ඒ කොඩියේ ඉහල කොටස දෙස පරික්ෂාවෙන් බලන්න.
    එහි සටහන් වී ඇත්තේ අරාබි අකුරෙන් ලියූ යම් කිසිවකි.
    කොඩිය සර්වාගමිකය.
    එහෙත් එහි සිංහල භාෂාව හෝ දමිළ භාෂාව නැත. ඇත්තේ ලාංකිකයින්ට කිසිදු සම්බන්ධයක් නැති අරාබි අකුරු පේලි කිහිපයක් පමණකි.
    මේ කොඩියෙන් කියවෙන්නේ දැන් සර්වාගමිකරණය වෙමින් පවතින අපේ රටේ අනාගත ඉරණම බව කිවහොත් එය නිවැරදිය.
    ඉස්ලාමයේ බලපෑම ලැබුණු හැම පූජනීය ස්ථානයක්ම, හැම ආයතනයක්ම, හැම රටක්ම වාගේ අවසානයේදී ඉස්ලාමයේ ග්‍රහණයට හසු වූවා හැරෙන්නට අනෙක් ජාතින්ට ආගම් වලට ඒ රටවලවත් ආයතන වලවත් ඉඩක් දැන් ඉතිරි වී නැත. ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය වැනි රටවල් එයට හොදම උදාහරණය.
    අද සර්වාගම්කරණය වෙමින් යන අපේ රටේද ක්‍රම ක්‍රමයෙන් සිදු වනුයේ එයයි. ක්‍රම ක්‍රමයෙන් සිංහල බෞද්ධ, දමිල කතෝලික යන ජාතින් ඒ ඒ ස්ථාන වල හිමිකමින් හැලී ගොස් ඒවා මුසල්මානුවන්ගේ භුක්තියට සවි වීමය.
    එයද ලාංකීය අනන්‍යතාවයක් ඇති මුසල්මානු සංස්කෘතියකට නොවේ.
    මුළු මනින්ම අරාබි සංස්කෘතියක කොලණියක් ලෙසය.
    මේ වන විටත් රටේ ඇතැමි ආයතන වල නාම පුවරු, පාරවල් වල නම්, මුස්ලිම් ආයතන වල නම් දැක්වෙන්නේ අරාබි බසිනි. එසේ නම් මුස්ලිම් ආභාෂයට නතු කරවමින් පවතින කතරගම පෙරහැරේ සර්වාගමික කොඩියටද අරාබි එකතු වීම අරුමයක් නොවේ. සිංහල දෙමළ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයටම ඉඩ ලැබුණද අරාබි යනු මේ රටට කිසිසේත් අදාල නොවන වැදගත් නොවන භාෂාවකි. එසේ තිබියදී අරාබි සංස්කෘතියක් ගෙනවිත් මෙහි පැලපදියම් කරවන්නට ගන්නා මේ උත්සාහය කෙසේ නම් නොසලකා හැරිය හැකිද?.