සරා සඳේ සිරියාවී...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo




    සරා සඳේ සිරියාවී
    නිවී දිලී මායාවී
    මගේ හිතේ නුඹ ඇඳුනා

    මිලාන වූ මේ දෑසේ
    පිපී සැලේ වී ප්‍රේමේ
    රැඳී ඉමී මා සදා

    සඳ පායන ඝනදුරු යාමේ
    ඔබේ ආදර දෙඅදර රාවෙන්
    සඳ සීතේ පිණි වෑහුනා

    සඳ සාවී ඔබමද මාගේ
    සැතපී හිඳ සිතුවිලි යහනේ
    මගේ ආදර හිත පාරනා

    පියඹා එන සමනල රෑනේ
    තටු දහසක මදහස වාගේ
    නෙතු මානේ සිත පාවුනා

    පියඹා එන සමනල සිහිනේ
    සිරිපා වැද සැනහෙනු වාගේ
    නෙතු මානේ හිත යාවුනා