සල්මන් ඛාන් ශ්‍රී ලංකාවේ

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සල්මන් ඛාන් ශ්‍රී ලංකාවේ

    ඉන්දීය සුපිරි සිනමා නළු සල්මන් ඛාන් අද උදෑසන දිවයිනට පැමිණියේය. අද උදෑසන 5.40 ට පමණ සල්මන් ඛාන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා වූ බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.

    "රෙඩී"චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ඔහු දිවයිනට පැමිණ ඇති අතර එම චිත්‍රපටයට සම්බන්ධ තාක්ෂණික ශිල්පීන් ද මේ වන විටත් දිවයිනට පැමිණ ඇති බව සඳහන් වේ.

    චිත්‍රපටයේ මෙරට රූගත කිරීමට නියමිත දර්ශන මීට පෙර රූගත කිරීමට නියමිතව තිබුණේ මුරුසි දිවයිනේදී වුවද සල්මන් ඛාන් ඇතුළු බොලිවුඩ් චිත්‍රපටකරුවන් පසුගිය දා පැවති අයිෆා සම්මාන උළෙලට සහභාගී වීමෙන් අනතුරුව එහි රූගත කිරීම් ලංකාවේ සිදු කිරීමට තීරණය කෙරුණි.

    ඒ අනුව"රෙඩී"චිත්‍රපටයේ රූගත කිරීම් බෙන්තර සහ කොළඹ අවට ප්‍රදේශ වල සිදු කෙරෙනු ඇති අතර චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු සඳහා සල්මන් ඛාන් දින 40 කට ආසන්න කාලයක් මෙරට රැඳී සිටීමට නියමිත බව ද සඳහන් වේ.

    sallu1.jpg