සල්මන් සමග පිළිසදරක්.

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    සල්මන් සමග පිළිසදරක්.

    සල්මන් සමග පිළිසදරක්.

    ප්‍රශ්ණය - සල්මන් කාන් ඔබේ නම කුමක්ද.?
    පිළිතුර - ශාරුක් කාන්

    ප්‍රශ්ණය - ඔබ හදිසියෙම ලංකාවට ආවේ ඇයි..?
    පිළිතුර - අක්ෂි කාච බෙදන්න..තව කිහිලි කරුත් අරන් ආවා.

    ප්‍රශ්ණය - ජැකී යාළුවෙක්ද..?
    පිළිතුර - නෑ යෙහෙලියක්. හොද කෙල්ල පංකාදු 7 යි.

    ප්‍රශ්ණය - ආප්ප කෑවයි.
    පිළිතුර - තාම කිකිළි කෙකර බානවා. බිත්තරේ දාපු ගමන් ආප්පෙ හදාගෙන කනවා.

    ප්‍රශ්ණය - ඔබ ලංකාවට අළුත් කෙනෙක් නෙමෙයි. ලංකාව ගැන මොකද හිතෙන්නෙ.
    පිළිතුර - ඉස්සරට වඩා පට්ට.

    ප්‍රශ්ණය - ඉස්සර කිව්වෙ.?
    පිළිතුර - මන්ද එහෙම තමයි කියන්න කිව්වෙ. ඇයි අවුල්ද...?

    ප්‍රශ්ණය - නෑ. පට්ප. බැරි වෙලාවත් ලංකාවේ චිත්‍රපටියක රගපාන්න දුන්නොත් මොකද කරන්නේ...?
    පිළිතුර - වහ කනව.

    ප්‍රශ්ණය - මේ දවස්වල ලංකාවේ ඡන්දෙ ගැන මොකද හිතන්නෙ.?
    පිළිතුර - මෙහේ ඡන්දයක් තියෙනවද..? අම්මට දේකාහේ හුඩු. දන්නව නම් එන්නෙත් නෑ.

    ප්‍රශ්ණය - මෙහෙට එන්න සල්ලි කීයක් ගත්තද...?
    පිළිතුර - සත පහක් ගත්තෙ නෑ, දෑත් ශක්තිමත් කරන්න ආවේ.

    ප්‍රශ්ණය - මෙහේ ව්‍යාපාර කරන්න හිතන් ඉන්නවද.?
    පිළිතුර - ඔව්.

    ප්‍රශ්ණය - ඒ මොනවද.?
    පිළිතුර - හරක් හොරකම. මෙහේ පට්ටෙට හරක්නේ. ස්ටෙජ් වල හිට ගොම.

    ප්‍රශ්ණය - 8 වෙනිදට පස්සෙත් එනවද මෙහේ..?
    පිළිතුර - ඊට කලින් මට යන විදයක් කියපං මල්ලි. උඹට පිං.

    ප්‍රශ්ණය - වේදිකාවෙදි නම වරද්දලා කියද්දි මොකද හිතුනේ..?
    පිළිතුර - මට හරියට ඇහුනෙ නෑ. ශාරුක් කාන් කෝල් එකක් දුන්නම තමයි දන්නෙ.

    ප්‍රශ්ණය - ශාරුක් කාන් මොකද කොල් කරලා කිව්වේ...?
    පිළිතුර - මචං මං ශාරුක් කාන්. මං ලංකාවෙද කියලා හොයලා බලලා අක්කට කෝල් එකක් දියන් කිව්වා.

    ප්‍රශ්ණය - ඒ මොකද ඒ...?
    පිළිතුර - ශාරුක්ගෙ ගෑණිට කවුද කෝල් කරලා කියලා ශාරුක් ජැකී එක්ක ලංකවෙ කියලා. එහේ ඩිවොස් නඩු.

    ප්‍රශ්ණය - අන්තිමට මොකද්ද කියන්න තියෙන්නෙ...?
    පිළිතුර - කෝටි 7 යි ගත්තෙ. තව 7ක් දාලා 14 ක් දෙන්නං පිං සිද්ධ වෙයි මාව ගෙදර ගිහින් දාපං.

    by Saman Edirimunee

    -------------------------------------------------------
    ප.ලි. - මූණුපොතේ තිබිලා හොඳයි වටියි කියලා හිතුන නිසා එලකිරි එකේ දැම්මේ. රීපෝස්ට් නම් සොරි ඈ.. :(
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    salman%20laughing_1409568663.gif