සල්මන් ඛාන් ගේ රියට යටවූ දරුවන් දෙදෙනාට අන්තිමයි!
ඉදිරි ජනාධිපති වරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය සඳහා ඉන්දියාවේ සිට පැමිණි සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් හා ඔහුගේ ආරක්ෂක පරිවාර රථයකට ඊයේ (29) පස්වරුවේදී කුඩා දරුවන් දෙදෙනෙකු හැපීම නිසා ඔවුන් දෙදෙනාම ඉතා අසාධ්‍ය තත්වයෙන් මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු ‘ලංකා නිවුස් වෙබ්' පැවසීය.
මෙම රිය අනතුර ඊයේ (29) පස්වරුවේ වැලිකඩ අඹගහ හන්දියේදී සිදුවී ඇත. මෙම අනතුර මාධ්‍යයන්ගෙන් සැගවීම සඳහා උපරිම කටයුතු කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් වැලිකඩ පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව මෙය සාමාන්‍ය රිය අනතුරක් ලෙස වැලිකඩ පොලීසියේ රථවාහන අංශය වැඩි බරක් නොයොදා පරීක්ෂණ සිදුකරනු ලබයි.
වැලිකඩ පොලිස් රථවාහන අංශයේ නිලධාරියා සඳහන් කළ පරිදි මෙම අනතුර සිදුවී ඇත්තේ සුපිරි නළු සල්මන් ඛාන් ගමන් කළ ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අයිති රථයකිනි. මෙම අනතුරට පාත්‍ර වූ එක් ලමයෙකුගේ පාදය ඉවත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කොට ඇති අතර අනෙක් ලමයාට පියවි සිහිය ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් විශාල සටනක නියැලී සිටී.
මෙම සිද්ධියෙන් අනතුරුව මහත් සේ තැති ගැනීමකට ලක්වී ඇති බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් තමා පැමිණි කාර්ය්ය පසෙකලා ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉන්දියාව බලා ගොස් ඇත.
නමුත් ඒ සඳහා හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සල්මන් ඛාන්ගේ ජනාධිපතිට සහාය දැක්වීමේ ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට හේතු දැක්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. සල්මන් ඛාන්ට වහාම නැවත ඉන්දියාව බලා එන ලෙස ඉන්දීය රජය දන්වා තිබීමයි.
ela..
Last edited: