සල්ලාලයන්හට නුඹ දුන්නේ හිතකින්ද ?

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    සල්ලාලයන්හට නුඹ දුන්නේ හිතකින්ද ?

    salla1.jpg


    ලෝක ළමා දිනය ගෙවී ගොස්‌ මේ පසුව යන්නේ නව වන දිනය වේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර යෙදුණු ළමා දිනය දා රටේ දරුවන් අමතා ඉතා වටිනා ප්‍රකාශයක්‌ කරනු ලැබීය.

    ගුණගරුක යහපත් පුරවැසියන් ලෙස රටේ අනාගතය බාර ගන්නට අදිටන් කරගනිමු යෑයි ජනාධිපතිවරයා එම ප්‍රකාශය මගින් ලෝක ළමා දිනය දා මේ බිමේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර වෙතින් ඉල්ලා සිටියේය.

    රටේ නායකයා ලෙස මෙන්ම පියෙකු ලෙසින්ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකී ප්‍රකාශය කරනු ලැබුවේ සද් අරමුණින් බව අපි දනිමු. එහි විවාදයක්‌ නොමැත්තේය.

    එහෙත් මේ රටේ දරුවන් අරබයා ක්‍රියාත්මක වීමට වෙනමම වූ අමාත්‍යංශයක්‌ ඇතුළුව රාජ්‍ය ආයතන රැසක්‌ සේම විදේශයන්ගෙන් එන ඩොලර් කුට්‌ටි හමුවේ පැවැතෙන රාජ්‍ය නොවන සංවිධාන කප්පරක්‌ තිබියදීත් අද මෙරට දරුවනට අත්ව ඇත්තේ කුමන ඉරණමක්‌ද?

    ඒ පිළිබඳ විමසා බැලීමේදී පැහැදිලිවම විසඳුමක්‌ නැති ගැටලුවක්‌ මතු වන තැනටම රටේ දරුවන්ගේ ඉරණම ෙ€දනීය මානයක්‌ වෙත ගමන් කරමින් තිබෙන බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය.

    පිළිලයක්‌ සේ රට තුළ ක්‍රියාත්මක සිඟන ජාවාරම දෙස බැලීමේදී සිඟමන් යදින සිඟන්නාගේ හෝ සිඟන්නිගේ ආදායම සරිකරන මෙවලම වී සිටින්නේ දරුවන්ය.

    එසේම මව හෝ පියා හැරදා ගොසින් යෑයි පවසමින් එසේත් නැතිනම් ඔවුන් මාරාන්තික රෝගවල ගොදුරු වී සිටිතැයි කියමින් මහ මග යනෙන බස්‌ රථවල, දුම්රියන්හි විවිධ ආකාරයෙන් සිඟමන් යදින දරුපැටවුන් වර්තමානයේ මේ සමාජයේ කොතෙක්‌ වේද?

    දිළිඳුකම හෝ පාදඩ සමාජ වටපිටාව හමුවේ ඔහේ බිහිවී පාසලකට යන්නට, අකුරක්‌ කරන්නට වාසනාවක්‌ නොලබා දඩාවතේ හැදෙන දරුවන් අද රටතුළ කොතෙක්‌ සිටීද? ඒ සටහන් කෙරුණේ රටේ දරුවන් මුහුණ දී සිටින අඳුරු ඉරණමේ එක්‌ මානයක්‌ පමණකි.

    එහෙත් මේ සියල්ල අතරේ නොහික්‌මුනු වැඩිහිටි කාම රැල්ලේ ගොදුරු බවට පත්වී පිපෙන්නට පෙර මිලිනව මානසික රෝගීන් වන ළමා ගහණයක්‌ ගෙවෙන මොහොතක්‌ පාසා රට තුළ වර්ධනය වෙමින් තිබෙන බවද කාගේ කාගේත් දැන ගැනීම සඳහා මෙහිදී කිව යුතුව ඇත්තේය.

    එකී රැල්ලේ අලුත්ම කතාව කරලියට පැමිණියේ ඉකුත් ළමා දිනය ගෙවී හරියටම තෙදිනක්‌ ගතවී යද්දී අවිස්‌සාවේල්ල සීතාවකපුර පොලිස්‌ වසම තුළිනි.

    තුන් වේලට බණ අසන අපේ සමාජය තවමත් සිටින්නේ ශිෂ්ට නොවූ ගල් යුගයේදැයි සිතෙන තරමටම ඒ කතාව තිත්තය.

    අපි ඇය අමිලා නමින් හඳුන්වමු. සැබැවින්ම ඇය පුංචි සා පැටික්‌කියක තරම්ම අහිංසකාවියකි. මේ අමිලා යනු ඒ සා පැටික්‌කියගේ නියම නම නොවන බවද කිව යුතුව ඇත්තේය.

    ඇගේ කඳුළු කතාව ඒ තරමටම ඇඟ හිරි වැටෙන තරමේ එකක්‌ වී තිබෙන නිසාම ඒ පුංචි සිත මදකට හෝ සනසාලන්නට ඇගේ නියම නම අපි සටහන් නොකරන්නෙමු.

    මීට දහතුන් වසරකට පෙර කුරුණෑගලට නුදුරු එක්‌තරා ගම්මානයක අමිලා මේ රටේ තවත් ගැහැණියකගේ කුසින් මොලොව එළිය දුටුවාය.

    අද අමිලා මෙන්ම අන් කිසිවෙකුත් නොදත් ඒ ගැහැණිය අමිලාගේ මව වන්නීය. එහෙත් ඇයට අපි තවත් ගැහැණියක විනා මවක යෑයි නොකියන්නෙමු.

    ඒ පුංචි අමිලාගේ ජීවිතය මේසා අඳුරු ඉසව්වක අතරමං වන තැන දක්‌වා විහිද ඇති මාවතේ එකී ගැහැණියගේ එකම එක ක්‍රියාවක්‌ සියල්ලේ ආරම්භය වී තිබෙන බැවිනි.

    සීතාවකපුර පොලිස්‌ වසමට අයත් දැරණියගල ප්‍රදේශයේ දුෂ්කර ගම්මානයක්‌ වන කිරිහේන ගමේ පදිංචිව සිටි යුවළක්‌ මීට දහතුන් වසරකට පෙර කුරුණෑගලට එන්නේ කිසියම් අවශ්‍යතාවක්‌ හේතුවෙනි.

    ඒ වන විට අමිලා යනු මව් ඇකයේ ගුලි වී දෙතනේ වූ කිරි සීරුවට උරා බොමින් කිසිත් නොදන්නා ලෝකය දැක "ඔහෑ" හඬින් හඬ තලන මාස නවයක තරමේ පැටික්‌කියක වූවාය.

    කිරිහේන ගමෙන් කුරුණෑගලට පැමිණි යුවළට පුංචි අමිලා මුණ ගැහෙන්නේ මෙහිදීය. සිදුව ඇත්තේ ගනු දෙනුවක්‌ද නැතිනම් යම් අසම්මතයක්‌ හමුවේ සිදු වූවක්‌ද යන්න අදටත් අභිරහසකි.

    එහෙත් කුරුණෑගලට පැමිණි ඒ ආගන්තුක යුවළට අමිලා මොලොවට බිහි කළ පෙරකී ගැහැණිය දොaතින් ගෙන දරුකමට හදා ගැනීමේ ලේබලය යටතේ ඇයව භාර දී ඇත්තේ එසේ මවගේ උණුසුමට තුරුළුව කිරි සිහින දකින මාස නවයක පැටික්‌කියකව සිටියදීය.

    පුංචි අමිලා සීතාවකපුර පොලිස්‌ වසමේ කිරිහේන ගම්මානයේ නිත්‍ය පදිංචිකාරියක වන්නේ එලෙසිනි. උපතින්ම බෝනික්‌කියක තරම් සුන්දරවූ ඇය එතැන් පටන් සිය අලුත් අම්මාගේ සහ තාත්තාගේ හෙවත් කුඩම්මා සහ බාප්පාගේ සෙවනේ හැදී වැඩෙමින් උස්‌ මහත් වන්නේ පුංචි සුරංගනාවියක්‌ ලෙසින් වන්නේය.

    කිරිහේන යනු සීතාවකපුර පොලිස්‌ වසමේ ඇති අති දුෂ්කර ගම්මානයකි. එහි වෙසෙන්නෝ දවසේ වේල සරි කර ගන්නේ කුමක්‌ හෝ කුලියක්‌ මලියක්‌ කරගැනීම නැතිනම් වගා කළ යමක්‌ විකුණා ගැනීම වැනි දේකිනි. ඔවුන්ගේ ජීවන අරගලය එතරම්ම අසීරු වූවක්‌ වී තිබිණි.

    මේ ගම වටා බහුලව වූයේ මහා වනාන්තරයකි. ඒ සියල්ල අතරේ පුංචි අමිලා දිනේ දිනෙම හැදී වැඩුනාය. එසේ ඇය ජීවිතයේ 12 වැනි විය දක්‌වාම උස්‌ මහත් වූවාය. ඒ වන විට ඇය හැබෑම ලස්‌සන දැරිවියකව උන්නාය.

    මේ අතර කාලයේ දිනක්‌ අමිලාට රැකවරණ දුන් සුළු පියා මිය ගියේය. එතැන් පටන් ඇය හා ඇයව හදාගත් මව සමග ඔවුන් විසූ පාලු නිවසේ අමිලා තනි වූවාය.

    salla2.jpg
    මේ අතරතුර ඉකුත් සතියේ දිනෙක සීතාවකපුර පොලිස්‌ අධිකාරි අතුල වීරසිංහ මහතා වෙත කිරිහේන ගම්මානයේ වෙසෙන පුද්ගලයකු වෙතින් මහා අසම්මත තොරතුරක්‌ ලැබෙන්නට විය.

    "සර්.. මේ ගමේ ගේක ඉන්නවා සර් ලස්‌සන පුංචි කෙලි පැටික්‌කියෙක්‌.. ඒ දරුවා ඉන්නේ එයාගේ කුඩම්මා එක්‌ක.. වෙන කවුරුත් ඒ ගෙදර නැහැ.. ඒ වුණාට සර් ඒ දරුවව ගමේ කීප දෙනෙක්‌ම දූෂණය කරලා..

    මේ නිසා දරුවා දැන් ඉස්‌කෝලේ යන්නෙත් නැහැ.. දරුවා හදා ගන්න ගෑණු කෙනත් මේවා දන්නවා. ඒත් එයාට මේ ගැන ගාණක්‌වත් නැහැ වගේ..

    පොලිස්‌ අධිකාරිවරයාට ලැබුණු තොරතුරෙන් කියෑවුණේ එවන් කතාවකි. ඒ සමගම පොලිස්‌ අධිකාරි අතුල මහතා ක්‍රියාත්මක විය.

    ඒ අනුව අවිස්‌සාවේල්ල නොවිසඳුණු අපරාධ විර්ශන ඒකකයේ ස්‌ථානාධිපති සුජිත් මහතා ඇතුළු නිලධාරින් කණ්‌ඩායමක්‌ වෙත ලැබුණු තොරතුර පිළිබඳ විමර්ශන කටයුතු භාර කිරීමට පොලිස්‌ අධිකාරිවරයා පියවර ගනු ලැබීය.

    එකී විමර්ශනයට අනුව පොලිස්‌ නිලධාරින් කණ්‌ඩායමක්‌ කිරිහේන ගමට ගියහ. තොරතුර සත්‍යයකි. එයින් කී කෙලි පැටික්‌කිය අහිංසකාවී අමිලා වුවාය.

    විමර්ශනයට ගිය පොලිස්‌ නිලධාරිහු අමිලා හදා වඩා ගත් මවද අත්අඩංගුවට ගෙන අමිලාද කැටිව යළි පොලිස්‌යට ආහ. එතැන් පටන් මේ කඳුළු කතාව අමිලාගෙන් විමසන කාර්යය පැවරුණේ සීතාවකපුර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපතිනී පොලිස්‌ පරීක්‍ෂිකා රසිකා නිලන්ති වෙතය.

    ඇය ආදරෙන් මේ පැටික්‌කිය තුරුලට ගත්තාය. "ඔව් පැටියෝ කියන්න. දුවට මොනවද ගමේදී වුණේ. කලකින් ලද සැබෑ ආදරයේ උණුසුමින් සැනසුණු දැරිය පොලිස්‌ නිලධාරිනිය හමුවේ ඒ කතාව දිග හරින්නට වූවාය.

    "නැන්දේ.. අපේ ගෙදරට ගොඩක්‌ දුරින් කසුන් අයියා ඉන්නේ. දවසක්‌ මම කසුන් අයියලාගේ ගෙරට ගියා.. කසුන් අයියා ටීවී එකේ මොනවද බල බලා හිටියේ.. ගෙදර කවුරුත් හිටියේ නැහැ.. කසුන් අයියා මටත් කතා කළ ඒවා බලන්න.. මමත් බැලුවා..

    ඒකේ එක එක ගෑණු මිනිස්‌සු ඇඳුම් නැතුව මොනවාද කරනවා.. පස්‌සේ කසුන් අයියා මටත් කිව්වා එහෙම කරන්න කියලා.. එදා මම ඒවා බලලා ගෙදර ආවා..

    ඊට පස්‌සේ දවසක්‌ නැන්දේ.. අපේ ගමට අල්ලපු ගමේ අයියා කෙනෙක්‌ දූරියන් කඩන්න අපේ ගෙවල් ළඟට ආවා.. එදා ඒ අයියා මාව දැකලා දූරියන් කඩන්න යමු කියලා කැලේට එක්‌කගෙන ගියා.. එදා එයා කැලේදී මගේ ඇඳුම් ගලවලා මොනවද කරා..

    එකී තරුණයා කළේ යෑයි ඇය කියන මේ තිරිසන් ක්‍රියාවෙන් පසු අමිලා පැටික්‌කිය උහුලා ගත නොහැකි ශාරීරික වේදනාවකින් නිවසට දිව එන්නී තමන් හැදූ මව සොයාය.

    එසේ පැමිණෙන ඇය සිය හැදු මවට කැලය තුළදී අල්ලපු ගමේ තරුණයාගෙන් වූ අතවරය හෙළ කරන්නීය.

    "අනේ.. තෙව්ඩිච්චියේ.. තෝ බොරු කියන්නේ නැතුව හිටපන්.. උඹ ගමේ කාටවත් එහෙම ඔය කතාව කිනවා නෙමේ.. පිළිසරණක්‌ පතා තමන් හැදූ මවට මේ අහිංසකාවිය එසේ තම දුක කියද්දී ඒ ගැහැණිය අමිලාට නින්දිත අයුරින් පිළිතුරු දී ඇත්තේ එලෙසිනි.

    මේ ගැහැණිය සැබෑ ගැහැණියකද එසේ නොවේ නම් යකින්නියකද යන්න පිළිබඳ මෙහිදී අපට මතු වන්නේ බරපතල ගැටලුවකි.

    එතැන් පටන් කිරිහේන ගමේ කාමාතුරයන්ගෙන් මේ පැටික්‌කියට නිදහසක්‌ නම් නොවන්නේය. කොතැනකදී හෝ හසුවූ විට තමන්ව කැලයට ඇදගෙන යන ගමේ වැඩිහිටියන් දිගින් දිගටම තමන්ට තිරිසන් ලෙස අතවර කළ බව ඇය පොලිසියට හෙළි කර ඇත්තේ දැසින් නොකඩවා උණු කඳුළු කඩා වැටෙද්දී වන්නීය.

    "ඔව් නැන්දේ.. සමහර දවස්‌වලට ගමේ මාමලා දෙතුන් දෙනා අපේ ගෙදරට ඇවිත් මාව ඇදගෙන යනවා.. අම්මා ඔහේ නිකන් ඉන්නවා.. ඒ වගේ රෑට ගෙදරට කවුරුහරි එනකොට බල්ලෝ බුරන සද්දේ ඇහුණාම හුඟක්‌ වෙලාවට මම ගෙදර කුස්‌සියේ අටුවට නැගලා හැංගෙනවා..

    ඒ වුණාට නැන්දේ ඒ මිනිස්‌සු උදේ වෙනකම්ම මාව හොයලා අටුවේ ඉඳලා අහු වුණාම ගේ ළඟ තියෙන මඩුවට ඇදගෙන යනවා..

    ඒද සටහන් කෙරුණේ පොලිස්‌ නිලධාරිනිය හමුවේ මේ පුංචි සා පැටික්‌කිය හඬා වැටෙමින් කියා ඇති තවත් කතාවකි.

    අපේ ගමේ හිටියා නැන්දේ හමුදාවෙන් පැනලා ආපු අයියා කෙනෙක්‌.. දවසක්‌ එයා මාව කැලේට ඇදගෙන ගිහින් වධ දෙනකොට ගමේ සීයා කෙනෙක්‌ ඒක දැකලා ඒ අයියටත් බැනලා.. අපේ අම්මටත් දොස්‌ කිව්වා..

    ඒත් නැන්දේ හමුදාවේ අයියා ඊට පහුවෙනිදාම ගමේ සීයව වෙඩි තියලා මරණවා මම දැක්‌කා.. සිය ජීවිතය අපායක්‌ කළ එකී තිරිසන් සිදුවීම් පෙළ අතරේ සිදුව ඇති මිනිස්‌ ඝාතනයක තොරතුරුද අද ඇය පොලිසිය හමුවේ හෙළි කර ඇත්තේ ඒ අයුරිනි.

    ඒ සම්බන්ධයෙන්ද මේ වන විට අවිස්‌සාවේල්ල නොවිසඳුණ අපරාධ විමර්ශන ඒකකය පුළුල්ල පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

    ඒ වගේම තමයි නැන්දේ.. මේ කතා ආරංචි වෙලා අන්තිමට මම ඉස්‌කෝලෙට ගියහම ඉස්‌කෝලේ ඉන්න ළමයිනුත් කැලේට යමු කියලා විහිලු කරන්න ගත්තා.. අන්තිමට මම ලැඡ්ජාව නිසා ඉස්‌කෝලේ යන එක නැවැත්තුවා නැන්දේ..

    මේ නින්දිත මිනිසුන් හමුවේ අද අමිලාට අධ්‍යාපනය පවා අහිමිව ඇත්තේ ඒ අන්දමිනි. ඇය කෙතරම් අසරණියකව සිටින්නේද?

    පොලිස්‌ විමර්ශනවලදී මේ පැටික්‌කිය කී කතාවෙන් කිරිහේන නම් වූ ඒ අමන ගමේ සිටි නරුමයන් තිස්‌පස්‌ දෙනකු පමණ මේ වන විට ඇය වනසා ඇති බව දැනට අනාවරණය වී තිබෙන්නකි.

    වයස දහතුනක දැරියක්‌. ගමක දිවි ගෙවූ මතින් මත්වී කාමයෙන් මුසපත්ව විටින් විට ඇය බිලි ගන්නා හැඩි දැඩි නරුමයන් තිස්‌පස්‌ දෙනෙක්‌. ඉදින් මේ කියෑවෙන්නේ කුමක්‌ද? අපේ දරු පරපුරේ වත්මන් ඛේදාන්තයේ තවත් දුක්‌ඛිත කතාන්දරයක්‌ නොවන්නේද?

    මේ සියල්ල සිදුවී ඇත්තේ සුරංගනාවික ලෙස ගමේ දුව පැන ඇවිදමින් සිටි අමිලා වැඩිවියට පත්වන්නට පෙර මේ සිට මේ දක්‌වා වසර එකාහාමාරක පමණ කාලය තුළ බව දැනට හෙළි වී තිබෙන්නකි.

    කිරිහේන නම් වූ ඒ නින්දිත ගම්මානයේ සිටින අමනයන්ට ශාප වේවා. එකී තිරිසනුන්a මේ අහිංසකාවිය හිත් පිත් නැති ලෙස තලා පොඩි කර සිය පහත් ආශාවන් සංසිඳවාගෙන ඇත්තේ එසේය.

    ඉන් නරුමයන් හත් දෙනකු අමිලා හදා ගත් මවද සමගින් මහ උළු ගෙදරයට යෑවීමට පොලිසිය මේ වන විටත් පියවර ගෙන ඇත්තේය

    මේ බිමේ ළමා අපරාධ කරන්නවුන්ට මරණීය දණ්‌ඩනය දිය යුතු බවට වූ කථිකාවතක්‌ ඉකුත් දිනවල ඇති වනු අප දුටුවේය. එහෙත් එහි අවසන් නිගමනය කෙසේ වූයේ දැයි අපි නොදන්නෙමු.

    බලධරයෙනි, මේ රටේ අහිංසක දරු පරපුර වැඩිහිටි කාම රැල්ලෙන් ගලවා ගැනීම අරබයා දැන්වත් එවන් වූ දැඩි පියවරක්‌ වෙත ගමන් කළ යුතු නොවන්නේද? අමිලාගේ කඳුළු කතාවෙන් අපට කියා දෙන්නේ එයම නොව්ද?

    අද අමිලා නම් වූ මේ පැටික්‌කිය පොලිසිය භාරයේ සැනසෙමින් සිටින්නීය. එහෙත් මේ විපරීත සමාජය හමුවේ ඇගේ හෙට දවස කුමක්‌ විය හැකිද? අමිලා දියණියේ නුෙඕ ජීවිතයට යහපතක්‌ම වේවායි අපි පතන්නෙමුෘ

    Source

    http://www.divaina.com/2011/10/09/feature12.html


     

    chamaj

    Member
    Oct 8, 2011
    286
    7
    0
    මෙරට
    Very sad story.....
    Me tika tama upset..
    "ලෝක ළමා දිනය ගෙවී ගොස්‌ මේ පසුව යන්නේ නව වන දිනය වේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙවර යෙදුණු ළමා දිනය දා රටේ දරුවන් අමතා ඉතා වටිනා ප්‍රකාශයක්‌ කරනු ලැබීය.

    ගුණගරුක යහපත් පුරවැසියන් ලෙස රටේ අනාගතය බාර ගන්නට අදිටන් කරගනිමු යෑයි ජනාධිපතිවරයා එම ප්‍රකාශය මගින් ලෝක ළමා දිනය දා මේ බිමේ අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුර වෙතින් ඉල්ලා සිටියේය.

    රටේ නායකයා ලෙස මෙන්ම පියෙකු ලෙසින්ද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එකී ප්‍රකාශය කරනු ලැබුවේ සද් අරමුණින් බව අපි දනිමු. එහි විවාදයක්‌ නොමැත්තේය."
    Ashcharyayata yanakota oya wage incident simple dewal wei issarahatath......Wat 2 do????
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    thanks machan share karata.
    me wage kudammalai,hadaganna gena ewunui kawadawath sathutin inna ekak na ban. Me wedihata sakkili wada karana we*ige puthala duwala inna keleta unta therei karapu waradi wala barapathalakama. eetath kalin munwa marala danna thiyenne.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    gam wala inna un dan maara asahanayen inne man hithanne. eka digata oya wage siddi ahenawane
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එපා වෙනව අප්පා මේව ඇහුවම :(:(:(:(
    "කිරිහේන නම් වූ ඒ නින්දිත ගම්මානයේ සිටින අමනයන්ට ශාප වේවා."
     

    Ne@

    Active member
  • Mar 11, 2011
    609
    81
    28
    ♥-Aurora-♥;11098061 said:
    එපා වෙනව අප්පා මේව ඇහුවම :(:(:(:(
    "කිරිහේන නම් වූ ඒ නින්දිත ගම්මානයේ සිටින අමනයන්ට ශාප වේවා."


    100% k True machan .........
     

    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    kalakanni 35 denamai, e game ituru ponna wesige puthalai ( me kalakanni aparade nawaththnne nathuwa hitupu) okkoma STF ekata bara denna oni hangapu weapons tika hoyala denna kiyanna
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    කුඩා දරුවෙක් වඩා ගෙන සිඟමන් යදින 25Y lady කෙනෙක් ඉන්නවා දෙමටගොඩ 🚦 ලඟ night . අද එයා හිටියා, රත්තනපිටිය කීල්ස් එකේ.
    සුදු බෝල පැටියෙක් මාස 3,4 ක. මම කෙළින්ම ඇහුවා, කුඩා ළදරුවෙක් ට වධ දෙන්නේ ඇයි කියලා. එක්කෝ පරිවාසෙට දෙන්න ඕනේ. නැත්නම් වෙනත් දෙයක් කරන්න ඕනේ. ගොඩක් සද්දේට අවවාද කරන්න වුණා. හිත ට අවුල් වුනත් මම අවධාරණෙන් කිව්වේ ළමයාට වධ නොදී කරන දෙයක් කරගන්න. කියලා,,,, කෝකටත් ආපහු බිල ගෙවල එද්දී කීයක් හරි දෙන්න හිටියේ. හැබැයි වේගයෙන් ඈතට යනවා දැක්කා.
    මේවා බිස්නස්...... Prof නන්දසේන Rathnapala මතක් වුණා. The Beggers of Sri Lanka ලස්සන නැති වුනත් ඒක හොඳ පොතක්.