උබට ගොඩ එන්න පොඩි ටිප්ස් ටිකක් දෙන්නම් .
මං ගොඩ ආවේ ඒ විදියටම තමා . මුලින්ම ලිස්ට් එකක් හදාගනින් වියදම්
- Credit Card
මාත් අහුඋන ලොකුම අවුල තමා credit card ණය. උබ තාමත් කාර්ඩ් එක පාවිච්චි කරනවාද ?
එහනම් අදම නවත්තපන් , බැංකුවට කතා කරලා deactivate කරන්නම කියපන්, ඊට පස්සේ card center එකට ගිහින් manager හම්බෙලා කතා කරලා installment payment එකක් කරන්න හදාගනින් , උබට කැමති ගානකින් වාරික විදියට ගෙවන්න පුළුවන් උබ කතා කලොත් (කාඩ් බිල් එක ගෙවන්න ලෝන් ගන්නවාට වඩා මේක ලේසියි, අනික effective හැබැයි මනේජරයා හම්බෙලා කතා කරන්න ඕනේ) හැබැයි උබට අනිවා ගෙවන්න පුළුවන් ගානක් වාරිකයට දාපන්
- මාසේ බිල්
බලපන් උබේ මාසේ බිල් මොනාද තියෙන්නේ , ඒවාට කොච්චර ගෙවන්න ඕනෙද කියලා,
ඒවාට ගණන් වෙන් කරපන් මුලින්ම,
අනවශ්‍ය වියදම් ඔක්කොම කපලා හරින්න බලපන්
eg උබ dongle එකයි රවුටරයයි දෙකම යුස් කරනවා නම් එකක් අයින් කරපන්; light bill වතුර බිල් පොඩ්ඩක් අඩු කරන්න බලපන්
බිල් වලට ලොකු ගානක් එනවා නම් කොටසක් වත් ගෙවපන්, නොගෙවා ඉන්නේ නැතුව
මං නම් කලේ මාසේ 26 වෙද්දී ඔක්කොම බිල් auto ම ගෙවෙන්න online banking Schedule කළා
- අනෙකුත් වියදම්
දැන් බලපන් අතේ කියක් ඉතිරිද කියලා ඔන්න ඔය ගානෙන් 5 ක් වගේ අයින් කරලා ඉතිරි ටික දවස් ගානෙන් බෙදලා දවසට වියදම හදාගනින්
දැන් හිතපන් දවසට වියදම එහම හැදුවම 500 එනවා කියලා ; උපරිම ට්‍රයි එකක් දීපන් දවස ඔය 500 ඇතුලේ තියාගන්න.
බොන්න සෙට් වෙන ඒවා , පාටි එහම පොඩ්ඩක් මග ඇරපන්; pizza hut, Mac එක බල බලා පොඩි පෙට්ටි කඩෙන් 100 කෑම එකක් අරන් ගිහින් කාපන්
සිගරට් බොනවන්ම නවත්තාපන්. (නොදැනුවත්වම සල්ලි යන එකක් )
MoneyLover වගේ මොබයිල් appඑකක් දාගෙන හැම සතේම upload කරපන්, මන් නම් බස් එකේ ගානත් රුපියලටම දැම්මා , එකෙන් උබටම තේරෙනවා උබ නොදනිම උබෙන් කොච්චර නාස්ති වෙනවද කියලා, එක බලලා සෑහෙන්න හැදෙන්න පුළුවන් ....
Good Luck
මට ඔය ටික කරන කාලේ 35000 පඩියක් තිබ්බේ,card bill එක 1.5lks පැනලා තිබ්බේ , එකෙන් රෝල ගහලා ගොඩ ආවේ, දැන් හොද පඩියක් ගත්තා උනත් අර පුරුද්ද නිසා සෑහෙන්න ගානක් ඉතිරි කරනවා
විකල්ප income බලපන් , ඔෆිස් එකේ overtime දෙනවා නම් මැරිලා නැහිලා වැඩ කරපන් , බයික් එකක් වගේ තියෙන බෝඩිමක ඉන්න එකෙක් නම් රෑට uber / pickme වගේ දුවපන්; තාම කොල්ලෙක් නම් pizza hut වගේ part tme
it skills වගේ තියෙනවා නම් online මොනාහරි කරපන් .
කට්ට කාපන්, උබ දියුණු උනාම "ඒ මන් මෙහමත් හිටියානේ කියලා උබටම සතුටක් දැනෙයි"
Patta machan, Akurak naara oluwata gaththa kiyala thiyena de. Online wedakata atha gehuwa. Credit Card naya nam 1lak naha. Bills nam enawa etika adu karanawa. Specially Dialog bills. uba kiwwa tikata patta moral ekak awa, naya novee naya tika beraganna try ekak denawa.


