සල්ලි Case එකක්

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    සිංහලු මට ඇඩ්වයිස් එකක් ඕනි මේක ගොඩදාගන්න. විස්තරේ මේකයි.

    මන් වැඩ කරගන්න, කතා බහ කරලා අඳුරන එකෙක් ඉන්නවා කඩයක් කරන. මූ CCTV, Laptop and Desktop repair, Printer repair, TV repair and mobile phone repair එහෙම කරන්නෙ. මුලින් දුන්න වැඩ ඔක්කොම කරලා දුන්නා. අවුලක් තිබ්බෙ නැහැ. ගණන් එහෙමත් සාධාරණයි. පොඩ්ඩක් පරක්කුයි. සර්විස් එහෙමත් මුලින් හොඳට තිබුණා.

    ලැප්ටොප් එකකුයි, ෆෝන් 4 කුයි මූට හදන්න යැව්වා. ෆෝන් 4 දුන්නෙ ගිය අවුරුද්දෙ ජුනි මාසෙ. 3 ක් හදළා දීලා. එකක් ඉතුරු වෙලා තිබ්බා. මාරුවෙලා ගිහින් කිව්වා. ෆෝන් එකට ෆෝන් එකක් ඕනි කියලා අයිති එකා ඉල්ලලා. පස්සෙ කියනවලු ෆෝන් එක තියෙනවා කියලා. දෙන්නම් කිව්වා. මූ ෆෝන් ටික හදන්න 11500 ක් ඉල්ලුවා. ඒකට quotation එකක් දීලා. 7000 ක් ඇඩ්වාන්ස් ඕනි කිව්වා. 7000 දීලා cash. quotation එකේ අත්සන් කරලා 7000 සල්ලි අරගෙන තියෙන්නෙ.

    ලැප නම් ගිය අවුරුද්දෙ දෙසැම්බර්වල හදන්න දුන්නෙ. ලැපේ board එක දාන්න ඕනි. keyboard අවුල්. battery අවුල්. අවුලක් නැති එකක් නැහැ හරියට බැලුවොත්. Dell inspiron 15 3521 i3 Vga on board ලැපක්. මේක හදන්න Recondition laptop එකක් without Hard disk රටින් import කරන්න පුලුවන් total cost 22 කට. ඒක තමයි ලාබම. 25 කට compete කරලා දෙන්නම් කියලා. ලැපේ වැඩේ හදිස්සියි. ඉක්මන්ට ඕනි කියලා පැහැදිළිව කියලා දීලා තියෙන්නෙ.

    Advance එකක් ඉල්ලලා 12000 ක. 10000 ක් උගෙන් account details ඉල්ලගෙන online transfer කරලා වැඩේ ඉක්මන්ට කරගන්න ඕනි නිසා. Account එක personal account එකක්. සතියෙන් ලැප එනවා කිව්වා ලංකාවට. සති දෙකක් ගිහින් බැලුවා. තාම Ready නෑ. ෆිට් කරන්න තියෙන්නෙ කියලා කියනවා. මමත් කතා කළා. ෆිට් කරලා දෙන්නම් කිව්වා. පස්සෙ ලැපේ අයිති එකාට මොකක් හරි තේරිලා, වැඩේ පරක්කු නිසා හදන්නෙ නැතුව ලැප ආපහු ඉල්ලලා. සාධාරණයිනෙ. දැන් මූ කියනවලු අර import කරපු එක විකුණලා දෙන්නම්. ගෙන්නන්න ගිය cost එකත් බලන්න ඕනි කියලා, දුන්න 10000 න් ගාණක් අඩුකරගෙන දෙන්න වගේ කෙළින්ම නොකියා සල්ලියි laptop එකයි ආපහු දෙන එක පහු කරනවලු. Import කරපු එකේ බිලක්, import කරපු ලැපක්වත් පෙන්නන්නෙ නැහැලු. ඇහුවහම ගෙදර කියනවලු. shop එකට ගිහාම මොකක්හරි බයිලයක් ගහලා ඒ වෙලාවට මඟ අරිනවලු.

    ඔය අස්සෙ මන් තව අඳුරන එකෙක් මූට direct කතා කරලා CCTV System එකක් ගස්සගෙන. Alarm system එකක් Free හයි කරලා දෙන්නම් කියලා උන්ට පොරොන්දුවෙලා. Full payment එක දීලා. System එක හයි කරලා. Still no alarm system. අයිති කට්ටිය රට ගියා. මූ දැන් ෆෝන් උස්සන්නෙත් නැහැලු. දැන් වැඩ කරන්නෙත් නැහැලු CCTV. මග අරිනවලු ඒ මිනිස්සුන්ව.

    ගිය මාසෙ අන්තිම දවසක් මූ මට උදේ පාන්දර කතා කරලා, Facebook Page එකක් තියෙනවා shop එකේ. ඒකට customer කෙනෙක් පට්ට බොරු ටිකක් දාළා recommendation එකක් දාළා බන්. ඔලුවත් විකාර වුණා මේක දැක්කහම උදේ පාන්දර කියලා මට කතා තළා. අයින් කරන්නෙ කොහොමද ඇහුවා recommendation. පව් නිසා මන් කරන්න පුලුවන් ක්‍රම ටික කියලා ඉතින් උදව් කළා. පස්සෙ Page එක Unpublished කරලා. Page එකම delete වෙන්න දැම්මා කිව්වා recommendation remove කරන්න නම් report ගොඩක් ගහන්න ඕනි නිසා Genuine customers ලා ඉන්නවා page එකේ කිව්වා. ඒ කට්ටිය දැක්කොත් අවුල්, පස්සෙ වෙන Page එකක් හදන්න ඕනි කිව්වා. මෙන්න recommendation. මේකෙන් තමයි මට බුවා ගැන සැකේ ආවෙ.

    3ueGhxZ.jpg


    මූ මග අරිනවා දැන් මන් සෙට් කරපු ලැප ආපහු දෙන එක. සල්ලි දැම්ම කෙනා කඩේට ගිහින් 10000 ට බිලක් ඉල්ලුවහම කඩේ ඉඳලා කෙල්ලෙක් අයින් වුණා. ඒ කෙල්ල බිලේ print දාන format එක අයින් කරලා කියලා බිල දෙන එක මග ඇරලා. අමු බොරුවක් කියලා හොඳට තේරෙනවා. Recover කරන්න අලුතෙන් හදන්න පුලුවන්නෙ format නම්. Manual bill එකක් දාළා දෙන්න පුලුවන්නෙ. මග ඇරිල්ල.

    පස්සෙ මන් බුවා ගැන හොඳට හොයලා බැලුවා. වත්තක ඩයල් එකක්ලු. යාලුවන්ටත් පොලු තියෙනවලු. සල්ලි අරගෙන වැඩ බැගෙටලු කරන්නෙ. පිළිවෙලක් නැහැලු වැඩ වල. ටිකක් කරලා මාරු අතරමග නතර කරලා යනවලු. ෆෝන් ආන්සර් කරන්නෙ නැහැලු සල්ලි ගත්තට පස්සෙ සමහර අයගෙ.

    Phone 4 යි, Laptop එකයි අදුරන connection මගෙ. මගෙන් ඇහුවහම හොඳ තැනක් තියෙනවා කියලා මූට යැව්වෙ. මනුස්සකමින් හොඳින් කතා කළේ මේ වෙනකන්. හරියන්නෙ නැහැ වගේ. Rs. 10000 Online සල්ලි Transfer කරපු Payment proof එක තියෙනවා online banking වලින් pdf විධියට export කරගත්ත. ෆෝන් දුන්න එකේ Quotation එකේ අත්සන් කරලා Advance Rs. 7000 සල්ලි අරගෙන තියෙනවා. Phone calls වල recording තියෙනවලු. මේ ටික ගන්න ක්‍රමයක් කියපන්කො. මටත් මාර වදේ බන්. මන් සෙට් කරපු උන් මට කතා කරනවා. යාලුවොත් තරහ වෙනවා මූ නිසා. බොරු දෙයියෙක්.​
     
    Last edited:

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උඹට ගානක් එනවද? නැත්තම් උඹ යාලුවන්ව ඩිරෙක්ට් ඔය කඩේට යැව්වද?
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    එහෙම නම් ගිහින් පොලිසියේ ඇන්ට්‍රියක් දාපන්

    බිලක් නැතුව පොලිසියෙන් සල්ලියි, ලැපයි හදන්න දුන්න අයිති එකාට කේස් එක දායි ද? බිලක් නැතුව පිළිගන්න බැහැ කියයි ද?:eek:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    බිලක් නැතුව පොලිසියෙන් සල්ලියි, ලැපයි හදන්න දුන්න අයිති එකාට කේස් එක දායි ද? බිලක් නැතුව පිළිගන්න බැහැ කියයි ද?:eek:
    එහෙම කියයි එකෙක් තනියම ගියොත් නම්
    4 දෙනා හතර පාරකට වෙන වෙන දවස් 4ක ගිහින් ඇන්ට්‍රි 4ක් දාපන්
    එතකොට පොලිසියටත් ඌව නෝට් වෙනවා
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,078
    113
    Loading...
    5laks walata adu ewa, samatha mandaleta danne :(

    කොහොමහරි කමක් නැහැ, දුන්න ටිකයි, සල්ලියි ආපහු ගන්න පුලුවන් නම්. :sorry:

    එහෙම කියයි එකෙක් තනියම ගියොත් නම්
    4 දෙනා හතර පාරකට වෙන වෙන දවස් 4ක ගිහින් ඇන්ට්‍රි 4ක් දාපන්
    එතකොට පොලිසියටත් ඌව නෝට් වෙනවා

    4 ක් නැහැ. දෙන්නයි ඉන්නෙ. ෆෝන් 4 එක්කෙනෙක්ගෙ. ලැප්ටොප් එක තව කෙනෙක්ගෙ. මූ ඔය පහළම Page recommendation වල තියෙන iPhone කේස් එක, පොලිසියෙ එකෙක් අල්ලලා, ෂේප් කරගෙන. iPhone Owner recommendation දාන්න කළින් iPhone එක හදලා පාවිච්චි කරනවා මන් දැක්කා. ඇහුවහම හදන්න ආපු එකක් කිව්වා.
     
    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම නම් යාළුවෝ අඩුවට කරගන්න recommend කරන කිසිම තැනකින් වැඩක් කරගන් නෑ, වැඩි පුර ගාණක් ගියත් ප්‍රසිද්ධ තැනකින් කරගන්නවා. නැත්නම් අන්තිමට යාළුවත් තරහා කරගෙන, සල්ලිත් නැති වෙනවා.