දැන්නං මටත් හිතෙනවා පච්චයක් ගහ ගන්න !25 000 ක්
![]()
මටත් හිතුනා, ගහලා මකලා,, ආයේ ගහලා,, ආයේ මකලා.. කරන්න පුලුවන්නම් අම්මප කරන හැමදේම නවත්තල සල්ලි හොයන්න ඕක තෝරාගන්නවා

දැන්නං මටත් හිතෙනවා පච්චයක් ගහ ගන්න !25 000 ක්
![]()

මම හිතුවා...... මම හිතුවා..... බයි අප්පච්චිට කඩේ ගිය සෙට් එක වාහනෙයි දකින දකින එකෙයි ඕක ගහගෙන එනකොට......
![]()
උපුටා ගැනීමක් ..... බුකියෙන්..... මගේ යාළුවෙක්ගෙන්.....
අප “සිංහ ලේ“ බව සිහිකර දුන් ඇත්තන්ට ස්තූතියි !!!
උන් සිංහලේ යැයි කියමින් ස්ටිකර් ගසද්දී මා නිහඩව බලා සිටියෙමි. සිංහලේ රැල්ලට හසුනොවී බලා සිටියේ සිද්ධ වන්නේ කුමක්ද කියාය. ඕනෑම අයෙකුට තම පාසල ගැන, ගම ගැන, රට ගැන, ජාතිය ගැන උදම් ඇනිය හැකිය. ආඩම්බර විය හැකිය.
(හැබැයි බුද්ධ දේශනාවේ පරාභව සූත්‍රයේ දේශනා කළේ නම්......// යම් මිනිසෙක් ජාතිමානයෙන් තද වූයේ, ධන මානයෙන් තද වූයේ, කුලමානයෙන් තද වූයේද...... එය පිරිහෙන පුඟුල්හුගේ දොරයි.// කියාය.)
ඒ නිසා මාද නිහඩවව බලා සිටියෙමි. එය රැල්ලක් යැයි මා පෞද්ගලිකව සිතූ හෙයින් තව දුරටත් බලා සිටියෙමි. විටක දේශපාලන හස්තයක් හොල්මන් කරනු දුටු නිසාද තවත් නිහඩව බලා සිටියෙමි.
රැල්ලක් නොව කැරැල්ලක් කියූ කළෙක,
සිංහලේ, හම්බ ලේ, දෙමල ලේ, මරක්ක ලේ, උන් ජාතය පිළබඳ කැක්කුමෙන්, ආගම පිළිබඳ කැක්කුමෙන් රටම ලේ විලක් කරයි දෝ යන බියෙන්ද බලා සිටියෙමි. මන්ද උන් රැල්ලක් නොව කැරැල්ලක්ම කියූ නිසාය. බුකියේ කලින් කලට වෙනස් වන මාතෘකා අතර සිංහලේ කැරැල්ල කියූ එක, රැල්ලක්ව අතුරුදහන් වූයේ එන්රික් අයියාට, සිරා මාමාගේ බ්‍රා කතන්දර වලට යට වීමෙන්ය. කැරැල්ලක් නම් අතුරුදහන් විය නොහැකිය.
ඒ වන විටත් සිංහලේ සංකල්පය ඇගට නොවැදුනු නිසා තවත් බලා සිටියෙමි. අද නම් අප සිංහලේම බව පපු කැවුත්තටම දැනුනේය. වාහනයක ගැසූ ස්ටිකරයකට වඩා, පපුවේ ගැසූ ටැටූ එකකට වඩා, සිංහල කම දැනෙන්නේ අනුන්ගේ තාප්පයක ගැසූ විටක බව සැරටම පසක් වූයේය. සිංහලේ බව දැනෙන්නේ එවිටය. නැත්තං ආතල් නැතිය. කික් එකක් නැතිය.
ඉස්සර පාසල ගැන ආඩම්බරයෙන් අසල්වැසි පාසල් වල පාසලේ නම තාප්ප වල ගැසූ විට කික්ය. පපුවටම දැනුනේය. එය කාලකන්නි සතුටක් යැයි සමාජය චෝදනා කළේය. එලෙසම මුස්ලිම් තාප්පයක සිංහලේ යැයි ගැසු විට දැනෙන කාලකන්නි සතුට, සමාජයට දැනෙද්දී, මට අප සිංහලේ යැයි පපුවටම දැනෙන්නේය. ඒක මාර ආතල්ය. කික්ය. වාහනය පිටුපස ස්ටිකරයක් ගසන තරම්ද, පපුවේ ලබ්ඩබ් සද්දය ඇසෙන දුරින් ටැටූ එකක් ගසන තරම්ද, උතුරා ගිය ආඩම්බරයක්, වින්දනයක් එන්නේය.
ඇත්තටම අපි “සිංහ ලේ“ ය !!
![]()

දැන්නං මටත් හිතෙනවා පච්චයක් ගහ ගන්න !25 000 ක්
![]()


![]()
එක අවතාරයක් තියා ගනින්කො බිජ්ජො.....තෝව හොයා ගන්ඩ බෑ![]()
![]()
එක අවතාරයක් තියා ගනින්කො බිජ්ජො.....තෝව හොයා ගන්ඩ බෑ![]()
මම ඒ යෝජනාව අනුමත කරනවා...



