සවුදියේ,ලාංකීය මුස්ලිම් ජාතික කාන්තාවකට.
සවුදියේ ලාංකික මුස්ලිම් කත නිරුවත් කර වීඩියෝ කරලා
සෞදි අරාබියේ ගෘහසේවිකාවක ලෙස රැකියාවට ගිය ලංකාවේ මුස්ලිම් ජාතික කාන්තාවකට ඇය සේවය කළ නිවෙසේ ගෙහිමි කාන්තාව හා ඇගේ දියණියන් විසින් ඇය නිරුවත් කොට ජංගම දුරකතන කැමරාවකින් වීඩියෝ ගතකරනු ලැබ තිබේ. නිවෙස් හිමියා විසින් මේ කාන්තාවට වේවැලකින්ද පහරදී ඇත.
මේ වධහිංසා ඉවසා දරා ගැනීමට නොහැකි මේ කාන්තාව නිවෙසින් පැනගොස් සෞදි රටේ පොලිසියට පැමිණිලි කර ඇත. ඇය ඉකුත් 6 වැනි දින මෙරටට පැමිණ ඇති අතර දැනට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අටේ වාට්ටුවේ ප්රතිකාර ලබන්නීය.
මෙසේ වධහිංසාවලට ලක්ව ඇත්තේ ගාල්ල කඳුගොඩ ලුණුවිලවත්තේ පදිංචි හතළිස්පස් හැවිරිදි කාන්තාවකි. ඇය මරදාන ප්රදේශයේ පිහිටි විදේශ රැකියා ඒජන්සියක් මාර්ගයෙන් සෞදි රටේ ගෘහ සේවිකාවක් ලෙස රැකියාවට ගොස් ඇත්තේ 2011 වසරේ නොවැම්බර් මස 14 වැනිදාය.
මේ කාන්තාව සේවය කළ නිවෙසේ හාම්පුතා විසින් තමන්ට වේවැලකින් ඉතා අමානුෂික ලෙස පහරදෙන බව ඇය පොලිසියට ලබාදුන් කටඋත්තරයේ සඳහන් වේ.
මීට අමතරව එම නිවෙසේ ගෙහිමි කාන්තාව තම පුංචි අම්මා කෙනකු හා දියණියන් සම්බන්ධ කරගෙන ඇය සම්පූර්ණයෙන්ම නිරුවත් කොට ජංගම දුරකතන කැමරාවකින් වීඩියෝගත කළ බවද ඇය පොලිසියට ප්රකාශ කොට ඇත.