ඔයා සව්දි රස්සාව තෝර ගන්නෙ පහත හේතු මත.
දැන් ඔයාට හරි හැටි ආදායමක් නැතුව , හොඳ රස්සාවක් නැත්නම් , සාපේක්ෂව සව්දි යන එක හොඳයි.
මොකද කලින් කතා කරා වගේ පරිසරය එච්චර සුහඳ නෑ. මමත් මැදපෙරදිග ආව මුල් කාලේ හරි අමාරුයි. අපිට ඒ කාලේ ෆෝන්, wifi වත් නෑ , හරි අමාරුවෙන් කෝල් ගන්නෙත්.
නමුත් ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, සල්ලි ටිකක් ඉතුරු කර ගන්න වගේ අරමුණු දැඩිව තිබ්බා. පොඩි කාලේ ඉඳන් දුප්පත් ව හෙම්බත් ව හිටපු මට රියාල් එන්න එන්න මේ ජීවිතේ හුරු උනා.
ගොඩක් වෙලාවට තමන්ගෙ පාඩුවෙ රස්සාව කරන් යන්නෙ. අනවශ්‍ය දේවල් වලට ලොකුවට වාද කරගෙන යන්නෑ.
නිවාඩු දවස් වල වැඩිපුර කාමරේට වෙලා ඉන්නව,
දැන් නම් සමාජය ගොඩක් වෙනස්, ඉන්ටර්නෙට් හැම තැනම නිසා කොයි වෙලෙත් කාලය යනව දැනෙන්නෑ.
ඒ එක්කම පුරුද්දක් වශයෙන් මත්පැන්, සිගරට්, ගෑණු වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්න හින්දා ගොඩක් සාම්කාමීව, ප්‍රශ්න නැතුව කාලය ගත කරන්න පුලුවන් .
ලැබෙන පඩිය ගැන හිතන්න, අඩුම තරමෙ සව්දි රියාල් 500ක් වත් කෑමට, තව 200ක් අනික් වියදම් වලට, ඉන්න තැන නම් හම්බවෙයි.
එතකොට ලoකාවට යවන්න පුලුවන් ගාන ( ඉතුරුම් )
තමන් පව්ලෙ අය කැප කරලා ඇවිත් , සව්දි වල කැප කරන ජීවිතේ ට , ලැබෙන පඩියට වටිනවද කියලා
තමන්ම හිතලා බලන්න.
හිතන තර්ම්ම සව්දි අව්ල් නෑ, ගොඩක් අය නොගිහින් ලොකු බිල්ලො මවනව.
කොහොමත් පරෙස්සමට ජීවත් වෙන, තමන්ට මූලික අරමුණු කරා යන්න වෙනවනම්, දෙපාරක් හිතන්නැතුව මම නම් තෝරා ගන්නව....
ඔබට ජය...