සසර ගමනේදී නොයා යුතු තැන් 136ක්‌ [FIXED]

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
සසර ගමනේදී නොයා යුතු තැන් 136ක්‌ [FIXED]

"අපායට වුණත් කලින් යා යුතු" යි යනුවෙන් කියමනක්‌ සිංහලයන් අතර ඇත. එහෙම එසේ පැවසුවත් අපායට කලින් ගිහින් වේලාසනින් පැමිණෙන්නට කාටවත් ඉඩ ලැබෙන්නේ නැත. අපාය කලින් තියා පහුවෙලාවත් යා යුතු තැනක්‌ නොවේ. ඒ තරමටම රෞද්‍ර, මහ දුක්‌ දෙන විපත්තිදායක බිහිසුණු තැනකි. නමුත් අද සමාජයේ ජීවත්වන බොහෝ දෙනකු සිදුකරන මහ බිහිසුණු අපරාධ දස අකුසල්, පස්‌පව් ආදී සියල්ලම ඒ ලෙස සිදු කරනුයේ අපායට සැමටම කලින් යා ගන්නට බව සඳහන් කළ යුතුය.

පණ පිටින් අපායට ගොස්‌ පණ පිටින් ම පැමිණි කෙනෙක්‌ සිටී නම් ඒ "නිමි රජතුමන් ය. නිමි ජාතකයේ ඒ පිළිබඳව කියෑවේ. මුගලන් මහ රහතන් වහන්සේ ද අපායට ගොස්‌ සියල්ල බලාකියාගෙන ආපසු පැමිණ ඇත. මේ අයුරින් සලකා බලන විට අපායන් 136 ක්‌ තිබෙන බව බෞද්ධ පොත පතෙහි සඳහන් ය. නමුත් සමහර ඉසිවරුන්ගේ හෙළි කිරීම් අනුව අපායන් විසිඅට කෝටියක්‌ තිබෙන බව "වහ්නි පුරාණය" නම් ග්‍රන්ථයේ සඳහන් ය.

අප බෞද්ධ පොත පතෙහි එන අපායන් සියල්ලම හැඳින්වීම සඳහා එම අපායට තිබෙන නම් 136 වෙනම සඳහන් කර ඇත. මෙම අපායන් 136 න් විශාල වශයෙන් දුක්‌ ගෙන දෙන අපායන් අටක්‌ ඇත. එම අපායන්වලට ගිය කෙනකුට ආපසු ගොඩ ඒමක්‌ නොමැත. දුක්‌ විඳීමෙහි නිමාවක්‌ නැත. විඳින දුකෙහි බරපතළකම කීමට වචන නොමැත. මෙම අට මහ නරකයන්වලට තිබෙන නම් අට මෙසේය.

1. සංජීව 2 කාල සූත්‍ර 3 සංඝාත 4. තාපය 5 ප්‍රතාප 6. රෞරවය 7. මහා ගෞරවය 8. අවිචිය මෙම අට මහා නරකයන් වටා හතර පැත්තෙන් හතර බැගින් අපායන් 128 ක්‌ පිහිටා ඇත. ඒවා ඔසුපත් නරකයන් ලෙස හඳුන්වයි. මේ අපායන්වලට යැමට සුදුසුකම් ලැබීම එතරම් අපහසු නැත. සමස්‌තයක්‌ ලෙස අප ජීවත්වන ලෝකය තුළ සිදුකරන ප්‍රාණඝාතය, හොරකම, දුරාචාරය, මුසාවාදය, මත්පැන්, මත්ද්‍රව්‍ය ආදී සියල්ලත් එය හා බැඳුණ සියලුම නොකළ යුතු වැඩ කටයුතු අපායට යැම සඳහා ඇරුණු දොරවල් ලෙස හැඳින්වීම නිවැරදිය.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
මිනිසුන් තමාගේ ඉඩමෙහි වැට බඳින්නට ගියත් අනෙක්‌ ඉඩමෙන් අඟලක්‌ හෝ දෙකක්‌ අල්ලා ගනිමින් කරන්නේ ප්‍රබල හොරකමකි. මේ ලෙස පටන් ගනු ලබන බිම සඳහා කරන හොරකම රජවරු පාලකයන් වෙනත් රට රාජ්‍යය ද තම රටට රාජ්‍යයට ඇ¹ ගන්නට කරන මහා බිහිසුණු යුද දක්‌වා ව්‍යාප්තව පවතින බව අමුතුවෙන් කිව යුතු නැත. දියෙහි සිටින පුංචි මාළුවාගේ මස ආහාරයට ගැනීම සඳහා මරණයට පත් කරන තැන සිට ගොඩබිම සිටින ලොකුම සත්ත්වයා වන ඇතාගේ දළ දෙක ගැනීම තෙක්‌ සිදු කරන සියලු සත්ත්ව ඝාතනයන් අපායට දොර විවර කර ගැනීමට ගනු ලබන උත්සාහයන් ය. උදේ සිට පසුදා පහන් වන තුරු සිදු කරන මිනිස්‌ ඝාතන පිළිබඳව සිතන විට මෙම අපායන් 136 ප්‍රමාණවත් වේ දැයි සිතෙන්නට පිළිවන.

ඇතැම් අය අපායට බියක්‌ නැත. "අපායෙ යන්නෙ මැරුණට පස්‌සෙ නොවැ" අපාය තියෙන්නෙ කොහෙද? කවුද දැක්‌කෙ? ආදී වශයෙන් ප්‍රශ්න කරන අය ද සිටිති. සමහර ස්‌වාමීන් වහන්සේලා ද අපාය ගැන දක්‌වන්නේ එවැනි දෙයක්‌ නොමැති බවයි. සමහර හිමිවරුන්ගේ අදහස අපාය යනු සංකල්පයක්‌ බවයි. එසේ නම් නිවන කියා දෙයක්‌ නැත. එයත් සංකල්පයක්‌ විය යුතුය. දෙව්ලොව කියා දෙයක්‌ නැත. එයත් සංකල්පයක්‌ විය යුතුය. නැත මේ සියල්ල පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්ද? එය එසේම පවතිනු ඇත. අතරමඟ සංශෝධන හෝ එක්‌ කිරීම් නොමැත. අපායක්‌ නොමැති යෑයි කියන්නාවූද, අපායක්‌ දැකපු අය සිටිතැයි ද අසන අයට සුදුසුම පිළිතුර අප වෙසෙන සමාජයේ තිබෙන තිරිසන් සත්ත්ව ලෝකය හෙවත් තිරිසන් අපායයි. අපායෙන් චුතවෙන අය ද තිරිසන් ලෝකයේ උපදින අතර අපායට යැමට සිටින අය ද තිරිසන් ලෝකවල උත්පත්තිය ලබා පසුව අපාගත වනු ඇත. අයිතිකරුවකු නොමැතිව කඩ මණ්‌ඩියක හෝ නගරයක ඇතිදැඩි වන බල්ලෙකු දෙස බැලූ විට එම සත්ත්වයාගේ ශරීරයේ සිටින මැක්‌කන්, කිනිතුල්ලන් හා වෙනත් සතුන් එම සත්ත්වයාගේ ශරීරයම සිය වාසස්‌ථානය බවට පත් කරගෙන සිදු කරන ලේ උරාබීම් එම සතා ඉවසාගෙන සිටිය නොහැකි විට සිය දෙපාවලින් ඔවුන් පලවා හරින්නට ගනු ලබන උත්සාහය අවසන් වන්නේ තමාගේම උල් නියපොතු වලින් සිය සිරුර ලේ වැගිරෙන තරමේ තුවාල වලට ලක්‌ කරගෙන වේදනාවෙන් එහෙ මෙහෙ දුවන සතෙකු බවට පත් කිරීමයි. දෙවනුව එම සතාගේ ශරීරයෙන් හමන දුගඳ තුවාලයක්‌ වන වී ඔඩු දිව් විට පණු කැදලිවලින් බරව දුර්ගන්ධය වපුර වපුරා හැම දෙනාගෙන්ම පීඩාවට පත්වෙමින් මිය යන තුරු සහනයක්‌ නොමැතිව විඳින වේදනාව දුක ඔබ දැක ඇත. ඒ සියලුම දුක අයත් වන්නේ තිරිසන් අපා දුකටය.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ගැරඬියෙකු කිසිම සිත් අනුකම්පාවක්‌ නොමැතිව පණ පිටින් සිටින ගෙම්බකු ගිල දමන විට ඒ ගෙම්බා විඳින දරුණු වේදනාව අපට නොදැනුනත් නොතැකුවත් එම සතුන් දෙදෙනාම තිරිසන් අපායේ දුක්‌ විඳින්නන් බව අප සිතිය යුතුය. කුරුලු මවක්‌ හා පියෙක්‌ ඉතා ආදරයෙන් රැකවරණය දී කවා පොවා වඩා හදා ගත් කුරුලු පැටියෙකු සිය ජීවිතයේ පළමු වරට දොරට වැඩමෙව්දා ම තම නෙත් අබියසදීම කොහෙන් හෝ පියාඹා එන කපුටෙකු විසින් රැගෙන ගොස්‌ අමු අමුවේම ඒ සුරතලා මරාගෙන කන අයුරු අර කුරුලු දෙමහල්ලන් දකින විට උන්ට ඇතිවන වේදනාව ඒ තුළින් නගන මර ලතෝනිය අපට කුරුලු කිචිබිචියක්‌ වුණාට ඒ විඳින්නේ තිරිසන් අපා දුක බවට අපට නොදැනීම අප ලද වාසනාවක්‌ යෑයි මට සිතේ. මන්ද නැතිනම් ඒ වේදනාව අපට ද විඳින්නට සිදුවන නිසා ය. තිරිසන් අපායේ දුක මේ ලෙස පිටු සිය ගණනකට වඩා වුව ද අපට ලියන්නට හැකිය.

නමුත් අටමහා නරකය ඇතුළු නිරයන් 136 තුළම තිබෙන දුක්‌ගිනි දෙස සිත යොමු කළ විට තිරිසන් අපායේ දුක, වේදනාව සැනසිල්ලක්‌ යෑයි සිතේ. අපායේ දැල්වෙන ගින්නේ උණුසුමත්, අප ජීවත්වන ලෝකයේ ගින්නේ උණුසුමත් ගෙන බැලූ විට අප ලොවෙහි ගින්නේ උණුසුම සම වන්නේ අපායෙ උණුසුමට සමානව කෝමාරිකා, බණ්‌ඩක්‌කා වැනි දේවල් තුළ තිබෙන සීතලටය. එවැනි ගිනි රස්‌නයක්‌ ලද අයෙකුට ඇතිවන පීඩාව කොපමණ ද? අප ජීවත්වන ලෝකයේ ගින්නට හසු වූ කෙනකු බොහෝ දුරට මිය යන අතර ඔහුට හෝ ඇයට එම වේදනාව දැනෙනුයේ ජීවත්ව සිටින විට පමණය. නමුත් අපායේ සිටින අය කුමන ගින්නකටවත් හසුව මිය නොයන අතර දැවෙමින් පිළිස්‌සෙමින් වසර කල්ප ගණන් ගෙවන දුක්‌ගිනිවල නිමාව දකින්නේ මෙලොවින් වසර කල්ප කෝටි ගණන් ගිය පසුය. මෙලෙස ගිනි ගෙන දැවෙන අපායට අලුතෙන් අයෙකු පැමිණි විට ප්‍රධාන පාලකයා වන යම රජු ද ඔහු ගැන අනුකම්පාවෙන් පිටත්කර යෑවීමට අසන ප්‍රශ්න අතර තමා කළ පින්කමක්‌ කුසලයක්‌ සිහිපත් කර ගන්නට ඉඩ දේ. පවේ බරපතලකම වැඩි නිසා ඔහුට කිසිම විටෙක සිදුකළ කුඩා පුණ්‍යකර්මයක්‌ වුවද සිහිපත් නොවේ. එවැනි අවස්‌ථාවක එම පුද්ගලයා නිරයේ නිත්‍ය පදිංචිකරුවෙකු විනා ආපසු හැරී නොයන පුද්ගලයකු බවට පත් වේ.

තිරිසන් අපායේ දුක්‌ විඳින සතුන්ට විවිධ නම් ඇත. ලේනා, පූසා, තලගොයා, ඉබ්බා, ගිරවා, මයිනා ආදී වශයෙන්, නමුත් අපාගත වන සත්ත්වයන්ට එවැනි විශේෂ නාමයන් නොමැත. ඇත්තේ "නිරි සතා" යන නම පමණි. බන්ධනාගාරයේ සිටින සිරකරුවාට අංකයක්‌ මිසක්‌ නමක්‌ නොමැති ලෙස අපාගත වූ නිරි සතාට යම් සහනයක්‌ ලැබෙන්නේ බුදුවරයකු ලොව පහළ වූ විට ටික වේලාවකට සිදුවන අපායේ ගිනිදැල් නිවී ඇති වන සිසිලස පමණි. මේ පරම දුක්‌�ත තත්ත්වයට සතුන් පත්වීම වළක්‌වා ගන්නට ලොව පහළවන ශ්‍රේෂ්ඨතම උත්තමයා බුදුරජාණන් වහන්සේය. උන්වහන්සේගේ දහම ලෝ සතුන් අපායෙන් ගලවාගෙන නිවනින් නිවීමයි. මෙවන් ධර්මයක්‌ ලොව රජයන මොහොතක සැබවින් ම මෙලොව උපත ලබා සිටින ඔබත්, මමත්, යම් වාසනා බල මහිමයක්‌ තිබෙන මනු සතෙකි. ඒ වාසනා මහිමය ජීවමාන කර ගන්නට මේ උතුම් ඇසළ පොහොය සමරන දිනය ඔබට මට ගෙන එන්නේ අස්‌වැසිල්ලකි. බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ප්‍රථම දහම් පණිවිඩය ලෝකයට දේශනා කළ ඇසළ පොහොයේ 2599 වන වසර හෙවත් පොහොය දිනය අදය. ප්‍රථම ධර්ම දේශනය වූ දම්සක්‌ සුතුරු දේශනා කර වසර 2599 ක්‌ උදාවෙන අද දිනයේ ලෝවැසි සත්ත්වයා නොයායුතු තැන් එකසිය තිස්‌හයට නොයන්නට ඔබ අප අදිටන් කර ගනිමු. ඒ සඳහා ලෝවැඩ සඟරාවේ එන මෙම කවියට අප සිත යොමු කරමු.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
සිතුවත් බිය කරවන අරතර යේ
වැටුනොත් එකසිය සතිසක්‌ නිර යේ
බලවත් දුක්‌ විඳිනෙය කරදර යේ
මදකුත් පිනකට නැත අවසර යේ

මේ අනුව එකසිය තිස්‌හයක්‌ වූ අපායන් පිළිබඳව පවසනුයේ ඒ අපායන් පිළිබඳව සිතීමත් බියකරවන තැන් විදියට ය. ඒ අනුව ගව, එළු, බැටළු, කුකුළු ආදී සතුන් ඝාතනය කරන ස්‌ථානයන් අපායන් හා සස¹ බලන විට, ඒ ඝාතනය කරන තැන් සතුන් නළවන තොටිලි හා සමාන යෑයි සිතේ. නමුත් ඒ සතුන් ඝාතනය කරන්නන් හා කරවන්නන් සදා සැනසෙන තොටිල්ල ඇත්තේ මෙම අපායන් 136 න් එකක බව සඳහන් කළ යුතුමය. මෙම අපායන් පිළිබඳව තවදුරටත් විග්‍රහ කරතොත් සංජීව, කාලසූත්‍ර, සංඝාත, තාපය හා රෞරවය, යන මහ නරකයන් දිගින් යොදුන් දහසක්‌ වන අතර පළලින් ද යොදුන් දහසකි. උසින් ද යොදුන් දහසක්‌ වන සම සතරැස්‌ ලෝකයකි. මෙම ලෝකය තුළ උත්පත්තිය ලබන්නේ දස අකුසල්වල යෙදුන පාපී පුද්ගලයන් ය. මෙහි උපත ලැබීමෙන් පසු ඔහු සිදු කළ පාප කර්මයන් ගෙවෙන තුරු අවුරුදු කල්ප කෝටි ගණන් දුක්‌ විඳිය යුතුය.
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
ඔවුන් අපායෙන් මිදී මිනිස්‌ ලොවට හෝ තිරිසන් අපායට පිවිසෙන විට මිනිස්‌ ලොව බුදුරජාණන් වහන්සේලා කිහිපනමක්‌ පහළ වී පිරිනිවන් පා තිබෙන්නට පුළුවන. එපමණ කාලයක්‌ ඔහු ගත කළේ මෙහි සඳහන් වූ බලවත් අපාය සතරෙන් එකකය. එයින් ද මිදී මිනිස්‌ ලොව උපත ලබා යළි දස අකුසලයෙහි යෙදුණහොත් යළි මහ ගෙදරින් පිට වී ගිය අයෙකු යළි මහ ගෙදර සොයා ආපසු එන්නා සේ එම අපායම බලා පැමිණ පෙර සේ අනන්ත අප්‍රමාණ දුක්‌ අනුභව කරනු ඇත. ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැබවින්ම උපතක්‌ ලැබීම දුකක්‌ බව සාගරයට දමන ලද පොල්ලෙල්ලක්‌ කොහේට ගසාගෙන යනවා දැයි නොදන්නා සේ භවයේ සැරිසරන පුද්ගලයා කුමන දේශයකට කුමන භවයකට කුමන සැපකට දුකකට ගසාගෙන යාවි දැයි කිව හැක්‌කේ කාටද?

මෙම අපායන් 136 න් ඉහත කී හතර ඇරණු පසු ප්‍රතාපය, රෞරවය, මහා රෞරවය, අවිචිය, අබ්බුද, නිරබ්බුද යනුවෙන් පිළිවෙළින් හඳුන්වන අපායන් 87 ක්‌ උසින්ද, දිගින්ද, පළලින් ද යොදුන් සියය බැගින් වූ සම සතරැස්‌ අපායන් වේ. මෙම අපායන් සියල්ලම යොදුන් නවය බැගින් ඝනකම ඇති ලෝහමය තහඩු හතරකින් වට වූ පෙට්‌ටියක්‌ ලෙස ආරක්‍ෂිතව ඇත. මෙම පෙට්‌ටිය හා සමාන යකඩ තහඩු හතර කම්මලේ ගිනි ගෙන දැවෙන යකඩ සේ රත් පැහැතිය. මෙය ඇතුළේ උපත ලබා වෙසෙන අසරණ නිරි සත්ත්වයෝ තමන් සිදුකළ පාප කර්මයන්ගේ විපාකයෙන් ගිනි ගුලිම ආහාරයට ගනිමින් ඒවාම මළපහ සේ පිට කරමින් විඳින අප්‍රමාණ දුක, නිවීමට වන පාප කර්ම සියල්ල ගෙවී අවසන් විය යුතුය. එහි සිටින කාලය ද මිනිස්‌ ලොව අවුරුදු වසර කෝටි ප්‍රකෝටි ගෙවන කල්ප ගණනාවකි.

එතැන් සිට ඇරඹෙන සීතනදී නම් අපායේ සිට අයෝගුල නම් 136 වන අපාය දක්‌වා ඇති සියලුම අපායන් ප්‍රමාණය හතළිස්‌ තුනකි. මෙම අපායන් සියල්ල යොදුන් හැට (60) බැගින් දිගින් හා පළලින් ද උසින් ද යුතු ඒවාය. මේවායේ උපදින අය මවුපියන්ට පහර දුන් ඔවුන්ගේ දේපළ කොල්ලකා ගත්, ඔවුන්ට නොසැලකූ අය ද සිල්වත් ස්‌වාමීන් වහන්සේලාට පහර දුන් සිව්පසය සොරාගත් අය ද වේ. මෙහි ජීවත්වන අසරණ නිරි සතුන් ද කල්ප සිය ගණන් මේවායේ අනන්ත දුක්‌ කම්කටොළුවලට ලක්‌ව ඒවා විඳිමින් එහිම මැරි මැරී උපත ලබමින් දුක්‌ අනුභව කරයි.
 
  • Like
Reactions: cr33py_f41iry

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
එබැවින් ඔබ මීට පෙර පාප කර්මවල යෙදුණත් සිදුකළ එම පව් ගෙවීමට නම් ප්‍රබල පින්කම් කුසල කර්ම කරගත යුතුය. නමුත් මව මැරීම, පියා මැරීම වැනි බරපතල ආනන්තරීය පාප කර්මවල ඔබ යෙදී ඇත්ද එය වළක්‌වන්නට සමත් කිසිවෙක්‌ මෙලොව නැත. එය සිදුකළ භවය අවසන්ව උපදින ඊළඟ භවය අපායේම වීම වැළැක්‌වීම කිසිසේත් කළ නොහැකිය. එබැවින් මේ ඇසළ සඳ පායන ලොව ප්‍රථම දහම් බෙරය වැයූ ඇසළ පොහොය දිනයේ ඔබත් මෙතෙක්‌ සිදුකළ පින්කම් දිගටම සිදුකර ගෙන යන්න. නොකළ පින්කම් වේද ඒවා අලුතින් කිරීමට පෙළඹෙන්න. කරන අයට උදව් කරන්න. කළ පාප කර්ම වේද, අද සිටම නවතා දමන්න. නොකළ පාප කර්මයක්‌ ඇත්ද, එය කිසිසේත් නොකිරීමට සිතට ගන්න. ඒ කාරණා හතර ඔබ අද සිට ක්‍රියාත්මක කරන්නේද? ඔබ බිහිසුණු අපායන් 136 කට දොර ජනෙල් වසා ගත් පුද්ගලයෙකි. ඔබ දහමේ යෙදී සෝවාන් ඵලයේ සිට ඉහළට යම් ඵලයක්‌ ලබා ගත්තේද ඔබට කිසිසේත් අපායේ දොරවල් 136 ම නො ඇරේ.

එබැවින් ඔබ අප සිහි බුද්ධියෙන් කටයුතු කර මිනිස්‌කමින් සියලු සතුන්ට සලකා බුදුරජාණන්වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයට අනුව සියලු පාප කර්මයන්ගෙන් වැළකෙන්නේ නම් අපට එම අපායන් 136 න් ම මිදෙන්නට හැකියාව ඇත. එබැවින් අප නොයා යුතු නොපැතිය යුතු නොයන්නට කටයුතු කළ යුතු අපායන් 136 ට ඇති නම් මෙසේය.

1. සංජීව.2. කාලසූත්‍ර 3. සංඝාත 4. තාපය 5. ප්‍රතාප 6. රෞරවය 7. මහා රෞරවය 8. අවිචිය 9. අබ්බුද 10 නිරබ්බුද 11. අබබ 12. අටට 13. අහහ 14. කුමුදු 15. සෞගන්ධික 16. උප්පල 17. පුණ්‌ඩරික 18. පදුම 19. ඛාරෝදිකා 20. සෝණඛාදක 21. ගිඡ්Cධකාක 22. සත්තිසුල 23. බග්ගසීරු 24. පහාස 25. සිත් 26. අඟුරුමල 27. දළකොහොල් මැල 28. පොකුරුපත් 29. සාකුණික 30. ඕරම්භිත 31. අසීලෝම 32. සත්තිලෝම 33. උසුලෝම 34. රථවාරික 35. සුවක 36. ගාමකුට 37. ශුථකුප 38. පාණහිංස 39. මිල්හගබ්භ 40. කාකෝ 41. වේලුනද 42. සCඳ්විච්චි 43. මහාජාල 44. ඒකකල්ප 45. ද්විකල්ප 46. තයෝකල්ප 47. චතුකල්ප 48. පCඳ්චකල්ප 49. බාරස කල්ප 50. තේරස කල්ප 51. වුද්දස කල්ප 52. පCඳ්චදස කල්ප 53. සේලස කල්ප 54. අචිවන්ක වන්තර 55. උච්චාරුල්හ 56. ආරාම දූසක 57. හිදග්ගි 58. ගොමුත්තග්ගි 59. තසිතග්ගි 60. සයනග්ගි 61. තෙලග්ගි 62. නුට්‌ඨුභග්ගි 63. පරභාණ්‌ඩාහර 64. විරහිතග්ගි 65. කෝධග්ගි 66. ඵරුසග්ගි 67. විලසග්ගි 68. උභතග්ගි 69. තෙලහත 70. සමිතග්ගි 71. යක්‌ඛග්ගි 72 මුසග්ගි 73. නිවාරිතග්ගි 74. උරචක්‍රමාලා 75. සුමනාප 76. න්‍යqජග්ගි 77. තිප්පා කටුකග්ගි 78. කුක්‌කුටග්ගි. 79. ලා භූපක්‌කම 80. කිලේසන්නි 81. ඉJද්‍රිය අගුත්තතද්වාර 82. කුසන්නි. 83. මාංස පේශී 84. සුනඛ 85. කාලහත්ථි 86. මහායන්ත 87. සජෝති 88. සංසවක 89. අංගාර පබ්බත 90. ථුසනදි 91. කුටකාරි 92. සීතනදි 93. ගුථ 94. කුක්‌කුල 95. කුළුහිඹුල්වන 96. අසිපත්‍රවන 97. වේතරණි 98. ලෝකුඹු 99. අලුකුඹු 100. කිහිරඟුරු 101 රෝරුව 102. ගොපාන 103. පසුඝාත 104. සීත තරච්ජි 105. නි�ජමි 106. මංකුලිත්ථාකා 107. ශකිලිනී 108. අසීසක 109. පරලාභ 110. නච්ඡවාදක 111. ජකල්ප 112. සප්ත කල්ප 113. අට්‌ඨ කල්ප 114. නව කල්ප. 115. දශ කල්ප 116. ඒකාදශ කල්ප 117. මුත්තකරිසග්ගි 118. දූසමාලග්ගි 119. අනුපට්‌ටිතග්ගි 120. භූතග්ගි 121. විපරිතග්ගි 122. කුම්භග්ගි 123. මහඟුලෝම, 124. දිට්‌ඨානුගතග්ගි 125. හස්‌සාදිප්පාය 126. පතිතාන දේහග්ගි 127. උදුන්ජාරිකා 128. මුප්පම.qසල්ගි 129 පත්තග්ගි 130. ඵලමුලග්ගි 131. ජඩ්ඩිතග්ගි 132. බසක්‌කතාප. 133. අපච්චවෙක්‌� තග්ගි 134. කුලදූසනග්ගි 135. වෙරළ. 136. අයෝපැල
 

Core

Member
Jan 23, 2010
3,120
195
0
Milky Way/Local Cluster/Local Sol/Earth
Hell_the_alternative.jpg
 

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    නියම පොස්ට් එකක්. අපේ කටිටියට අපාය මතක කර දීම ඉතා හොඳ දෙයක්.
    මට මතක උනා අර පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ දේශනා කරනවා, ඔය සමහර අපායවල් තියෙන්නේ කලුකුහරයක් (Black Hole) ආශ්‍රය කරගෙන කියලා. කළු කුහරයකට ගිය කිසිම දීකට ආපසු එම නම් බොරු.:no::no::no: අඩුමවශයෙන් ආලෝකයටවත් කළු කුහරයෙන් එලියට එන්න බැහැ. එලියට එන්න නම් කළු කුහරය විනාශ වෙන්න ඕනේ. ඉතින් එතන අපායක් තියෙනවා කියන එක හරිනේ. නැද්ද??

    රේප්++++++++++++
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අද මේ ලස්සන දවසේ අර්ථවත් පොස්ට් එකක්
    මුලින්ම ඇත්තේ
    ඇත්තටම හොද දෙයක් බ්‍රෝ
     
    සිතුවත් බිය කරවන අරතර යේ
    වැටුනොත් එකසිය සතිසක්‌ නිර යේ

    බලවත් දුක්‌ විඳිනෙය කරදර යේ

    මදකුත් පිනකට නැත අවසර යේ


    හොද පොස්ට් එක්ක.
    ස්තූතියි යාළුවා..
    Rep+
     

    කදිරා

    Active member
  • Dec 21, 2010
    135
    40
    28
    නියම පොස්ට් එකක්. අපේ කටිටියට අපාය මතක කර දීම ඉතා හොඳ දෙයක්.
    මට මතක උනා අර පිටිදූවේ සිරිධම්ම හාමුදුරුවෝ දේශනා කරනවා, ඔය සමහර අපායවල් තියෙන්නේ කලුකුහරයක් (Black Hole) ආශ්‍රය කරගෙන කියලා. කළු කුහරයකට ගිය කිසිම දීකට ආපසු එම නම් බොරු.:no::no::no: අඩුමවශයෙන් ආලෝකයටවත් කළු කුහරයෙන් එලියට එන්න බැහැ. එලියට එන්න නම් කළු කුහරය විනාශ වෙන්න ඕනේ. ඉතින් එතන අපායක් තියෙනවා කියන එක හරිනේ. නැද්ද??

    රේප්++++++++++++

    මචන් කළු කුහරෙකට වැටෙන ඕනම දෙයක් විශ්වයේ කොහේ හරි තියෙන සුදු කුහරයකින් එළියට එනවා..:P