සහකාරියක් සොයා පිහිනන මන්දගාමී මන්දයා

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    සහකාරියක් සොයා පිහිනන මන්දගාමී මන්දයා

    සහකාරියක් සොයා පිහිනන මන්දගාමී මන්දයා

    image_f89910cb83.jpg

    පිග්මි මන්දයා
    image_fb9ea05407.jpg

    ගැහැනු සතාගේ හඬ ඇසෙයි
    image_e4f2d1e039.jpg

    එස්කූඩෝ දූපත

    image_b8b084208c.jpg
    ශ්‍රීමත් ඩේවිඩ් ඇටන්බරෝ ඉදිරිපත් කරන බී.බී.සී. ‘බ්ලූ ප්ලැනට්’ කතාමාලාවට පාදක වන්නේ සාගරයයි. එම කතා මාලාවට පාදක වුණු සාගර ජීවීන්ගේ විස්මිත වික්‍රම ‘සමුදුරු සුවිසැරිය’ යනුවෙන් අපි ඔබ වෙත ඉදිරිපත් කළෙමු. ‘බ්ලූ ප්ලැනට්’ සේම, ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝ ඉදිරිපත් කරන ‘ප්ලැනට් අර්ත්’ වැඩසටහන් පෙළ ද අතිශය ජනප්‍රියය. ‘ප්ලැනට් අර්ත්’ කතා මාලාවේ දෙවැනි වැඩසටහන් පෙළේ පළමු වැඩසටහනට පාදක වන්නේ දූපත්වාසී ජීවීන්ගේ වික්‍රමය. ‘ප්ලැනට් අර්ත්’ කතාමාලාවේ විස්මිත වික්‍රම ‘මිහිකත සුවිසැරිය’ යන නමින් මෙසේ ඉදිරිපත් කරන්නෙමු.


    ලොව ජීවත්වන ක්ෂීරපායීන් අතරින්, ඉතා කුලෑටි, ඉතා මන්දගාමී, ඉතාමත් අහිංසක සත්වයා ලෙස මන්දයා හඳුන්වා දිය හැකිය. මන්දයා (ඉංග්‍රීසියෙන් ස්ලොත්) ශාක පත්‍ර පමණක් ආහාරයට ගන්නා අපූරු සතෙකි. මන්දයාට හරිහැටි ඇස් පෙනෙන්නේ නැත. හරිහැටි කන් ඇහෙන්නේ ද නැත. මන්දයාගේ සියලුම වැඩ මන්දගාමීය. ‘මන්දයා’ යනුවෙන් සිංහල බසින් මේ සත්වයා හැඳින්වෙන්නේ ඒ නිසාය. ඉංග්‍රීසියෙන් ‘ස්ලොත්’ යන වචනයෙහි අර්ථය ද ‘මන්දගාමී’ යන්නය.

    කොළ විතරයි

    ශාක පත්‍ර පමණක් ආහාරයට ගනිද්දී, මන්දගාමී නොවී කොහොමද? මන්දයන් ශාක පත්‍ර පවා ආහාරයට ගන්නේ ඕනෑවට එපාවටය. පොඞ්ඩක් සපා කා, ගිලියි. ගිලින පත්‍ර කෙලින්ම බඩට යයි. හොඳින් සපා නොකන බැවින්, පත්‍ර වර්ග පහසුවෙන් ජීර්ණ වෙන්නේ නැත. එහෙත්, මන්දයාගේ මන්දගාමී ජීවන රටාව හේතුවෙන්, ආහාර සියල්ල ජීර්ණය වීමට ඇති තරම් කල්වේලා ලැබෙයි. ශාක පත්‍ර පමණක් ආහාරයට ගැනීමෙන්, මන්දයාට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැත. මන්දයා මන්දගාමී වී ඇත්තේ එහෙයිනි. ඒ, ශක්තිය ඉතිරිකර ගැනීමටය.

    සවිමත් නිය

    මන්දයාට ඇඟිලි නැත. ඇඟිලි වෙනුවට ඇත්තේ වක ගැසුණු නියපොතුය. මන්දයාගේ අත්වල සහ පාදවල නිය පිටතට නෙරාවිත් කොක්කක් ආකාරයට පිහිටා ඇත. මේ නිය ශක්තිමත්ය. ප්‍රධාන වශයෙන් මන්දයන් කොටස් දෙකකි. ඒ, නිය දෙකක් ඇති මන්දයන් සහ නිය තුනක් ඇති මන්දයන් ආදී වශයෙනි. මන්දයන් බහුලව දකින්න ලැබෙන්නේ ඇමසන් වැසි වනාන්තරය කේන්ද්‍රකොට ගෙනය. ඇමසන් වැසි වනාන්තරය ලතින් ඇමෙරිකාවේ එසේත් නැතිනම් දකුණු ඇමෙරිකාවේ පිහිටා ඇත්තේ රටවල් කීපයක් පුරා පැතිරයමිනි. ඇමසන් වැසි වනාන්තරයේ පමණක් නොව, මධ්‍යම සහ ලතින් ඇමෙරිකා දූපත් සහ නිවර්තන කලාපීය සෙසු වනාන්තරවල ද මන්දයන් දකින්න ලැබේ. බහුලව දකින්න ලැබෙන මන්දයන් වර්ගය දුඹුරු බෙල්ලක් ඇති මන්දයාය. අලස ජීවිතයක් ගත කරන මොවුහු දිනකට පැය 18 ක් නිදා ගනිති. දුඹුරු බෙල්ලක් ඇති මන්දයකුගේ බර කිලෝ ග්‍රෑම් 6 ක් පමණ යැයි පැවැසෙයි.

    එල්ලුණු ජීවිත

    මන්දයා ගස්වල එල්ලී පැටැලී සිටින්නේ උගේ සවිමත් නිය ආධාරයෙනි. එසේ එල්ලී සිටිද්දී, සිරුරේ මාංශපේෂීවල ශක්තිය යෙදවීමට අවශ්‍ය වන්නේ නැත. ශක්තිය ඉතිරි කර ගැනීමේ අරමුණ ඇතිව, මන්දයා දවසේ වැඩි හරියක් ගස් කොළ අතරේ සැඟවී, අතක එල්ලී නිදි කිරයි. දව​ෙස් වැඩි කාලයක් ගස්වල එල්ලී සිටින මන්දයා, ගසින් බැස බිමට එන්නේ මළපහ කිරීමට පමණයි. මළපහ කිරීමට මන්දයා සෑම විටම එකම තැනක් තෝරා ගනී. ඒ ඇයිදැයි පහදා දෙන්න, සත්ව විද්‍යාඥයන්ට හැකියාවක් ලැබී නැත. මළපහ කිරීමට ගසින් බිමට බසින මන්දයා අසරණය. ඕනෑම මොහොතක විලෝපිකයකුගේ ප්‍රහාරයකට ලක්වී විලෝපිකයාගේ ගොදුරක් බවට පත්විය හැකිය. විලෝපිකයකුගෙන් බේරී යන්න තරම් මන්දයා වේගවත් නැත.

    එස්කූඩෝ

    අප මිහිමත දූපත් සිය දහස් ගණනකි. සෑම දූපතක්ම, පුංචි ලෝකයක් හා සමානය. එක් එක් දූපතට ආවේණික වුණු පරිසර පද්ධතියක් ඇත. ජීවීන් ඇත. හුදෙකලා වුණු මෙවැනි දූපත්වල දිවි රැක ගැනීම වෙනුවෙන් පවතින්නේ සදාතනික අරගලයකි. පැනමා වෙරළ තීරයට ඔබ්බෙන්, එස්කූඩෝ නමැති පුංචි දූපත පිහිටයි. මේ දූපත නිය තුනක් ඇති පිග්මි මන්දාගේ නිවහනය. පිග්මි මන්දා යනු සාමාන්‍ය මන්දකුට වඩා ප්‍රමාණයෙන් කුඩා මන්දයෙකි. අපේ කතා නායකයා පිරිමි පිග්මි මන්දයෙකි. එස්කූඩෝ දූපතේ ජීවිතය ඔහුට හොඳින් සෑහෙයි. දූපත කඩොලානවලින් පිරී ඇති බැවින්, ආහාරවලින් ද අඩුවක් නැත. ප්‍රියතම මෙන්ම එකම ආහාරය වන්නේ ද කඩොලාන පත්‍රය. විලෝපිකයන් නොමැති හෙයින්, බියක් සැකක් නොමැතිව ජීවත් විය හැකිය. දූපත් ජීවිතය සුන්දරයි. සාමකාමීයි. වාසිදාකයි. එසේ වාසි ඇතත්, අවාසි ද නැත්තේම නොවෙයි. අද ලොව ඉතිරි වී සිටින්නේ, පිග්මි මන්දයන් අතලොස්සක් පමණි. ඉතිරිවී සිටින මෙම පිග්මි මන්දයන් ජීවත් වන්නේ ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි නිව්යෝක් උද්‍යානය තරම් භූමි ප්‍රදේශයක යැයි ශ්‍රීමත් ඬේවිඞ් ඇටන්බරෝ පැහැදිලි කරයි. කොන්ක්‍රීට් වනාන්තරයක් ලෙස හඳුන්වා දෙන අහස සූරන මැදුරුවලින් පිරි නිව්යෝක් නුවර මැද පිහිටා ඇති නිව්යෝක් හරිත වනාන්තර උද්‍යානයට අයත් වන්නේ වර්ග කිලෝමීටර් 3.41 ක් පුරා විසිරී පවතින භූමියකි. දූපතක ජීවත්වන ජීවීන්ගේ අනාගතය එසේත් නැතිනම් ඔවුන්ගේ ඉරණම තීන්දු වන්නේ එම දූපතේ ප්‍රමාණය අනුවය.

    කැඳවීමක්

    අපේ කතා නායකයා, පිරිමි පිග්මි මන්දයා සිටින්නේ ගැහැනු සතකු අපේක්ෂාවෙනි. ගැහැනු මන්දකුගේ ආදරණීය කැඳවීමක් ඈතින් ඇසෙයි. ඇඟ කීරි ගැසෙන ඒ තියුණු හඬ ආරාධනාවකි. ඒත් ඇය සිටින්නේ කොහෙදැයි පිරිමි මන්දයා දන්නේ නැත. ඔහු ඇය සොයා යා යුතුය. ඒත් කෑ ගැසූ පරක්කුවට දුවන්න මන්දයාට නොහැකිය. එසේ වුවත්, සෙමින් ගමන් මන්දයා, හැකි උපරිම වේගයෙන්, හඬ ආ දිශාවට ඇදෙන්න පටන් ගනී. සෙමින් සෙමින් එක් කඩොලාන ගසකින් තවත් ගසකට ගොඩවෙමින්, දසත පැතිරුණු කඩොලාන මුල් දිගේ යමින් මන්දයා එල්ලෙමින් සහ පැද්දෙමින් ඉදිරියට ඇදෙයි. තමා සිටින දූපත අද්දරට මන්දයා පැමිණෙයි. ප්‍රශ්නයකි. එස්කූඩෝ දූපත පුංචි දූපත් කිහිපයකින් සැදුම්ලත් එක් විශාල දූපතකි. එක් දූපතක සිට අනෙක් දූපතට ඇති දුර මීටර් කීපයකි. දූපත වටේ සාගරයයි. සූපත අභ්‍යන්තරය දිය අගල් සහ දියකඩිතිවලින් වෙන්වී පවතී. දූපත අද්දරට පැමිණ සිටින පිරිමි මන්දයාට සාගරය හරස් වී ඇත. ඉදිරියෙන් ඇති දූපතට මන්දයා යා යුතුය. එක් දූපතකින් අනෙක් දූපතට මාරුවීම ගැටළුවකි. මනුස්ස අපි වගේම, කිරි බී වැඩෙන්නන් එසේත් නැතිනම් ක්ෂීරපායීන් අතරට වැටෙන මන්දයා දැන් කුමක් කරයිද?

    පිහිනයි

    ක්‍රියාකාරීත්වය මන්දගාමී වුවත්, මන්දයා උත්සාහය අත්හරින්නේ නැත. අපි වගේම තමයි, ඌ සෙමින් වතුරට බැස පිහිනයි. තමා සිටින දුපතේ සිට ඉදිරියෙන් ඇති දූපත බලා මන්දයා ගැඹුරු මුහුදේ පිහිනයි. අත පය හොඳින් ගසමින් පිහිනයි. සෙමින් සෙමින් පිහිනා ඉදිරියෙන් ඇති දූපතට පැමිණෙද්දී, ඉහළ කඩොලාන ගසක කෙළවරේ අඳුරු ලොම් පොදියක් ගුලි ගැසී සිටිනවා පිරිමි මන්දයාට දකින්න ලැබේ. මේ සිටින්නේ ඇයද? තෙතබරි සිරුරින් යුත් මන්දයා සෙමින් සෙමින් කඩොලාන මුල්වල එල්ලෙමින්, ඉහළට නගින්න ගනී. ඔහු පුළුවන් තරම් වේගයකින් ඉහළට නගින්න උත්සාහ ගනී.

    ඇය නොවන ඇය

    අඳුරු ලොම් පොදිය හොඳින් පෙනෙන තරම් ඉහළට දැන් මන්දයා පැමිණ ඇත. ඒ, ලොම් පොදිය ගැහැනු පිග්මි මන්දයකු බව ඇත්ත. ඒත්, ඔහු සොයන ‘ඇය’ ඇය නොවෙයි. මේ මන්දයා ගැහැනු සතා අම්මා කෙනෙකි. ඇගේ තුරුලේ පුංචි පැටවකු සිටී. මන්දයා ගැහැනු සතුන් ඔවුන්ට ලැබෙන එකම පැටවා පණ මෙන් ආරක්ෂා කරයි. ආදරය කරයි. එවැනි මන්දයා අම්මකු සහකරුවකු ගැන සිතන්නේ, පැටවා ලොකු මහත් වී ඇය හැර යෑමෙන් පසු පමණි. ඒ සඳහා මාස හයක් පමණ බලා සිටින්න සිදුවනු ඇත. සුන්දර, පාරාදීසයක් බඳු දූපත්වල ජීවිතයට ද සීමා ඇත. යළිත් වරක් ඇඟ හිරිවට්ටන ආකාරයේ ආදරණීය කැඳවීමේ හඬ ඈතින් ඇසෙයි. පිරිමි මන්දයා කෙසේ හෝ ඇය සොයා යා යුතුය. මේ පුංචි දූපතේ ඇය කොහේ හෝ සිටින බව මන්දයා දනී. ඇය වැඩි ඈතක වෙන්න බැහැ. එහෙම නේද? අනේ මන්දා!


    image_7fd357488b.jpg

    පිහිනයි

    image_f1224843be.jpg



    image_523d1e0083.jpg



    image_4d6b08fafb.jpg


    image_9fda2f40fd.jpg


    image_4f5ad5dc23.jpg



    image_c597ab0cf1.jpg

    මව සහ පැටවා
    image_d6d9bda7da.jpg



    image_c95967229e.jpg


    විපරම් කරයි
    image_277b05e403.jpg

    කඩොලාන දිගේ ඉහළට



    ලුසිත ජයමාන්න
    ප්ලැනට් අර්ත් ඇසුරිනි


     

    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    තොගෙ ත්‍ර්ඩෙ මහා මන්දයි

    ෆොටො නැ අකුරුත් එක වගෙ අනුන්ගෙන් උස්සන්නෙ

    නොදකින් කාලකන්නියා