සහන පොල් ලොරිය හෙට නාරාහේන්පිට.. අනිද්දා දෙහිවල..

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    පොල් මිල ඉහළ යාම හේතුවෙන් සහන මිලට පොල් ලබාදීමට පොල් වගා කිරීමේ මණ්ඩලය මේ දිනවල කටයුතු කරමින් තිබේ.


    ඒ අනුව හෙට දවස පුරා නාරාහේන්පිට නගරයේදී ජංගම ලොරි රථ මගින් පොල් අලෙවි කිරීමට සැලසුම් කර ඇත.

    අනිද්දා දෙහිවල නගරයේදී ද එම වැඩසටහන ක්‍රියාත්මකය.

    එහිදී සාමාන්‍ය ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල් 110ක සහන මිලකට අලෙවි කරයි.

    එක් පුද්ගලයෙකුට පොල් ගෙඩි පහක් බැගින් නිකුත් කිරීමට කටයුතු කරන අතර ගැබිණි මාතාවන්ට හෝ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි දහය බැගින් ද නිකුත් කරයි.

    ඉතා ඉහළ මිලකට පොල් අලෙවි කරමින් පැවතීම පාලනය වනතුරු මෙම කටයුත්ත ක්‍රියාත්මක කරන බවද මණ්ඩලය කියා සිටී.

    4,413 views
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    // ගැබිණි මාතාවන්ට හෝ වයෝවෘද්ධ පුද්ගලයන්ට පොල් ගෙඩි දහය බැගින් ද නිකුත් කරයි.//
     
    • Haha
    Reactions: Dr.Amdan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,055
    167,915
    113
    එකමත් එක රටක
    රුපියල් 20,30 ලාබෙ ගන්න තෙල් වියදම් කරගෙන ලොරිය තියන ලගට ඇවිත් , වෙලාව නාස්ති කරගෙන පෝලිමේ ඉන්න අමුතු පිස්සෝ ටිකක් ඉන්න රටක් :rofl: