සහරාන් ආයේ ක්‍රියාත්මකයි
ජනාධිපතිවරණ මුවාවෙන් කිතුණු දෙව්මැඳුරකට ප්‍රහාර එල්ලවීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී තිබෙන අතර මේ දිනවල පැවැත්වෙන මංගල්‍ය පෙරහැර පැවැත්වීමෙන් වළකින ලෙස කොළඹ අගරදගුරු මැඳුරේ මාධ්‍ය ප්‍රකාශ ජූඞ් ක්‍රිශාන්ත පියතුමා විසින් දෙව්මැඳුරු මීසම්පාලක පියතුමන්ලාට දැනුම් දී තිබේ.
මෙම තත්ත්වය මත සියලූම කිතුනු දෙව්මැඳුරුවලට ආරක්ෂාව සලසන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කර තිබෙන දැනුම්දීමකට අනුව දෙව්මැඳුරු ගණනාවකට පොලිස් රැකවරණය ලබා දී ඇති අතර දෙව්මැඳුරු මංගල්‍යය හැකිතාක් චාම් අන්දමින් සිදුකරන ලෙස පියතුමන්ලාට වැඩිදුරටත් දැනුම්දී ඇත.
මේ අතර මැතිවරණ උණුසුම තිබියදී තැබෑරුම් ආරම්භ කිරීමට ක්‍රියා නොකරන ලෙසත් දැනටමත් පමුණුගම ප්‍රදේශයේ ආරම්භ කිරීමට යන තැබෑරුමක් පිළිබඳව කතෝලික බැතිමතුන් අතර විරෝධයක් හටගෙන තිබෙන බවත් ජූඞ් ක්‍රිශාන්ත පියතුමා පැවසීය.
නෝමන් පලිහවඩන
– divaina