ඉදිරි මාස කිහිපය ඇතුළත මෙරට සහල් කිලෝවක් රුපියල් 1,000 ඉක්මවනු ඇති බව මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.
එහි ලේකම් පුංචිරාළ රත්නායක මහතා සඳහන් කළේ රට පත්ව ඇති තත්ත්වය මත වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබාදීමට වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවයි.
එසේම පොහොර ටික ලබා ගැනීම සඳහා හෝ ඩොලර් ලංකාවට එවන ලෙසට විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළා.
මේ අතර එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කරන්නේ ඔක්තෝම්බර් මාසය වන විට, සහල් හිඟයක් මෙරට ඇතිවන බවයි.
ජනාධිපතිවරයා විසින් එක රැයකින් රසායනික පොහොර තහනම් කිරීමේ තීන්දුව හේතුවෙන් ගොවිතැන මෙවන් තත්ත්වයකට පත්වූ බවයි එම සංගමයේ සභාපති මුදිත පෙරේරා මහතා කියා සිටියේ.
පවතින ආර්ථික තත්වය මත රුපියල් 1,000ක් ගෙවා සහල් කිලෝවක් මිලදී ගැනීමට ජනතාවට නොහැකි බැවින්, කඩිනමින් විකල්ප දේශීය ආහාර වගා කිරීමට යෝජනා කරන බවයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය වැඩි දුරටත් සඳහන් කළේ.
https://liveat8.lk/සහල්-කිලෝවක්-රුපියල්-1000-ඉක්/