සහෘද පින්වත් සැම වෙත!

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
සහෘද පින්වත් සැම වෙත!

සහෘද පින්වත් සැම වෙත

මේ එලඹෙන්නේ වෙසක් සතියයි, අප මහා ගෞතම බුදුරජාණන්වහන්සේගේ තෙමගුල සිහිකරන දිනයයි. මේ කාලයේදී අප අපගේ හිතවතුන්, හිතවතියන් වෙනුවෙන් යවන්නාවූ වෙසක් සුබපැතුම් පත් පිලිඹඳව පොඩි අදහසක් දෙන්න ඕන කියල මගේ හිතට නැගුන.

ඔබ වෙසක් සුබපැතුම් පතක් මිලදී ගැනීමට පළමුවෙන් එහි අන්තර්ගතය ගැන සැලකිලිමත්වන්න.. මොකද ගොඩක් වෙලාවට ඔබ නොදන්නවා උනාට මේ සුබපැතුම් පත් නිශ්පාදනය කරන්නේ අනය්‍ය ආගමිකයන්ගේ කර්මාන්ත ශාලාවල.. එමනිසා බොහෝ වෙලාවට බුදුදහමට කිසිම අදාලත්වයක් නැති; නමුත් ඔවුන්ගේ ආගමික සහ මූල්‍ය ව්‍යාපාරයන්ට ගැලපෙන අයුරින් සකස් කල; [කොටින්ම කිව්වොත් බුදුදහමට නිගාවන ආකාරයට ඉතා සූකෂමව සකස්කල] සුබපැතුම්පත් වෙළඳපොලේ තිබෙනවා. මෙවන් සුබ පැතුම් පතක් ඔබ මිලදීගන්නවා කියල කියන්නේ, ඔවුන්ගේ කූට ව්‍යාපාර වලට අතහිතදීමක් මෙන්ම, පින් කිරීමට ගොස් අකුසල් කරගැනීමක්..

ඒ වගේම තමයි ඔබ මිලදීගන්නා සුබපැතුම්පතේ බුදුරජාණන්වහන්සේගේ රුව අඩංගු නොවනවානම් වඩාත් හොඳයි. මොකද වෙසක් මාසය ගෙවීයත්ම ඔබ යැවූ සුබ පැතුම්පත් තිබෙන්නේ කොහේදැයි ඔබ හොදාකාරවම දන්නා නිසා.. ඒවා එක්කෝ කසළගොඩේ, නැතිනම් අනවශ්‍යදෑ බහාලන බහාලුමක.. ඉතින් ඔබ කැමතිද ඔබේ තථාගතයන්වහන්සේ එවන් තැනක තබනවාට?

මේ වෙසක් සතියේ ඔබත් මොහොතක් මේ ගැන සිතන්න.. ස්තුතියි....
තෙරුවන් සරණයි!


Email
 

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
මේ වෙසක් සතියේ ඔබත් මොහොතක් මේ ගැන සිතන්න.. ස්තුතියි....
 

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
කොටින්ම කිව්වොත් බුදුදහමට නිගාවන ආකාරයට ඉතා සූකෂමව සකස්කල සුබපැතුම්පත් වෙළඳපොලේ තිබෙනවා.