මේ පාර motorcycle show එකේ තිබ්බ ducati ස්ක්‍රැම්බ්ලර් ටික
![]()
![]()
![]()
![]()
![]()
පිස්සු කොර නේ බන්.මේ කොහෙද බන් ඔටෝ ශෝ එක.සල්ලි ලැබුනොත් අනිව ගන්නව බන්.ගෙන්නනව කොහොමහරි.
ස්ක්‍රැම්බල් මෝටර් බයිසිකල්
![]()
මේ ත්‍රෙඩ් එක ලියන්න හේතු උනේ මේ බයික් මාදිලිය (ස්ක්‍රැම්බල් මාදිලිය )මම් ඉතාම ආස කරන එකක් සහ ගොඩක් තරුනයො ආස නිසා.
ස්ක්‍රැම්බල් මාදිලිය අතීතය එන්ගලන්තය 1920 ගනන් වල අග බාගයෙන් ආරම්බ වෙනව.ලකුනු කරන ලද ස්තාන දෙකක් අතර පවත්වන තරගයක් කෙටිමකාලයකින් ජයගැනීම තමයි තරගකරුවන්ට පැවරුනේ.ඒ මාර්ගය ඉතා දුශ්කර මාර්ගයක් උනා .මඩ වලවල් ,පදුරු,කදු ,වැලි මගවල් වගේ දුශ්කරතා ජයගැනීමයි අබියෝගය.
![]()
ඔවුන්කලේ ඔවුන්ගේම සාමාන්‍ය මෝටර් බයිසිකල් අවශය පරිදි මොඩිෆයි කරගන්න එක.ඒකාලෙ මේ මාදිලියෙ බයික් නිශ්පාදනය උනේ නෑ.
![]()
image - Honda CL50 - 1973
අනතුරුව මේ තරග සංවෘත පරිපථ ගමන් (closed circuit trials riding), Motocross සහ කැලිෆෝනියානු කාන්තාර දාවන තරග ලෙස ඉදිරියට ගියා.
![]()
ඒ 1960 ගනන්වල.අනතුරුව මේ වර්ගයේ බයික් වානිජ ලෙස නිශ්පදනය කරන්න පටන්ගත්ත.
![]()
මේ බයික් වල විශේශ ලක්ශන කීපයක් මම කියන්නම්.
1,ඉහලට වෙන්න සකස් කරපු සයිලන්සර්.
2,කෙටි කුශන් කරපු සීට්.
3,ඉහල ව්‍යවර්ත අගය.(ටෝර්ක් එක )
4,සරල නිමාව.
5,සැහැල්ලු උපාන්ග සහ කුඩා ඉන්දන ටැන්කිය .
6,සරල තොරතුරු මීටරය සහ තනි ලයිට් එක.
7,ස්පෝක් සහිත රෝද සහ විශාල ඕෆ් රෝඩ් ටයර්.
![]()
මේ බයික් එක නිශ්පාදනයේදි මූලික කරුනු කීපයක් බැලුව.අනවශය උපාන්ග යින් කරල අවශයම උපාන්ග වලින් බයික් එකට සරල පෙනුම ලබාදුන්න .මේ බයික් වල කැෆේ රේසර් මාදිලි පෙනුම තිබුනත් පටලවගන්න එපා.මේ කැෆේ රේසර් නෙවෙයි.මම හිතනව ට්‍රේල් බයික් (motorcross) සහ කැෆේ අතරමැද පෙනුමක් තියෙන්නෙ.ට්‍රේල් බයික් වල ආරම්බයත් මේකෙන් වුනා වෙන්න පුලුවන්.හරියටම දන්නෙ නෑ.
![]()
වර්තමානයේ ස්ක්‍රැම්බල් මාදිලියේ බයික් සමගම් ගොඩකින් නිශ්පාදනය කරනව.
ඩුකාටි ,ට්‍රයම්ප් ,හාලි ඩේවිඩ්සන් ,යමහා ,හොන්ඩා ,බී එම් ඩබ්ලිව් ,moto guzzi සහ තවත් අහලවත් නැති සමාගම් තියනව.මේ තියෙන්නෙ වර්ගවලින් කීපයක්.
DUCATI scramble. 2015
![]()
Triumph scramble
![]()
Suzuki st400
![]()
එකී නොකී ගොඩක් තියනව.මෙතනිනුත් මම ආසම එක ඩුකාටි ස්ක්‍රැම්බල් එකට.
ඇමරිකන්කාරයොන්ගෙ (USA’s Berliner Motor Corporation) ඕඩර් එකට ඉතාලියෙ ඩුකාටි සමාගම 1962 තමයි මුලින්ම හදල තියෙන්නෙ.වර්තමානෙ බ්‍රසීලයේ තායිලන්තයේ හා ඉතාලි ඩුකාටි කර්මාන්තශාලා වල නිශ්පාදනය වෙනව..පවර්ෆුල් ඩුවල් පර්පස් බයික් එකක් විදියට තමයි අලුත් වර්ශන් එක එන්නෙ.මේකට 800 CC එන්ජිමක් තමයි තියෙන්නෙ.
අවාසනාවට සින්හලුනි මේ බයික් එකේ ගාන පටන්ගන්නෙ ඩොලර් (පනිනව ) 8500/- ඉදන්.අපිට මොන ස්ක්‍රැම්බ්ලර් ද.
පොටෝ ටිකක් බලපල්ල මේ බාන්ඩෙ.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
සැලකිය යුතුයි - ඉස්සුවේ නැත.සියලු තොරතුරු හා පින්තූර ගූගල් දෙවියා විසින් මගේ අන පරිදි සොයාදෙන ලදී
සින්හලුන්ට ජයවේවා .
සින්හලුනි බම්ප් කරන්න අනිත් උන්ටත් බලන්න.