ස්කැන්ඩිනේවියන් ජීවන දර්ශනය

gaaca

Junior member
  • Jun 22, 2007
    82
    23
    8
    40
    Negambo
    ස්කැන්ඩිනේවියන් ජීවන දර්ශනය

    සතුට පිරි අර්ථවත් දීර්ඝායුෂ ජීවිතයකට ස්කැන්ඩිනේවියන් ජීවන දර්ශනය
    ලොව ප්‍රීතිමත්ම මිනිසුන්ගෙන් ජීවිතයට පාඩම් ..



    www.medium.com වෙබ් අඩවියේ Personal Growth බ්ලොග් සටහන් ඇසුරෙනි
    Jun 6 ·
    බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් වරක් පැවසූ පරිදි, “සතුට යනු ඉඳ හිට වාසනාවට ලැබෙන මහත් වූ ධනස්කන්ධයන් නොව එදිනෙදා සුළුවෙන් හෝ ලැබෙන සැප පහසුකම් යන්නයි” .අප දන්නා පරිදි ලද දෙයින් සතුටු වීමයි . ෆින්ලන්තය , නෝර්වේ , ඩෙන්මාර්කය , අයිස්ලන්තය සහ ස්වීඩනය ශ්‍රේණිගත කිරීම් අනුව ලෝකයේ සතුටින්ම දිවි ගෙවන රාජ්‍ය වේ . ජීවන සමබරතාව සහ මානව සමබන්ධතා මූලික කොට ගෙන ඉහත සෑම රටක්ම දියුණු රාජ්‍ය බවට පත් වී ඇත්තේ ජීවිතයේ උපරිම සතුට විඳිය හැකි ඔවුන්ගේම ක්‍රමවේද තුලිනි. මිලියන ගණනක් වූ ස්කැන්ඩිනේවියානුවන් සුවදායී වෘතිීය හා පෞද්ගලික ජීවිත සමතුලිතතාවයක් භුක්ති විඳිති. ආතතිය හෝ පීඩනය අවම වූ ඉහල ජීවන මට්ටමක් ඔවුන්ට හිමිය. එමෙන්ම තමන් ඇළුම් කරන ඕනෑම දෙයක් කිරීමට ඔවුන්ට කාලය සොයා ගත හැක.
    ඔබත් ජීවන රටාවේ වෙනසක් බලාපොරත්තු වන්නෙක්ද?
    අර්ථවත් හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම පිළිබඳ ඔබේ මතය වෙනස් කිරීමට මෙම ස්කැන්ඩිනේවියානු ජීවන දර්ශන කිහිපයක් භාවිතා කරන්න.
    ප්‍රීතිමත් භවේ දොරටු විවර කර ගැනීමට නැවත සිතන්න.


    Lagom
    Lagom (උච්චාරණය “ලාර් - ග්හෝම්” ) යන්න ස්වීඩන සංකෘතියේ ප්‍රබල අංගයකි .
    මෙහි අරුත " වඩා අඩුත් නැති .. වඩා වැඩිත් නැති .. අවශ්‍ය ප්‍රමාණයට " යන්නයි.
    මෙම තනි වචනය සමස්ත ස්වීඩන් සමාජීය ප්‍රජාතන්ත්‍රවාදී ජීවන දර්ශනය පිළිබඳ සංකේතවත් කරයි.සෑම කෙනෙකුටම සියළු දේ ප්‍රමාණවත්ව ලැබිය යුතුය .නමුත් ඕනෑවට වඩා නොතිබිය යුතුය.බුදු දහමේ මැදුම් පිළිවෙත යනු මෙයම නොවේද?
    මෙම සංකල්පය තුලින් පුද්ගලයෙකුට වඩා සමබර ජීවන රටාවක් උදා කර ගැනීමට දිරිමත් කරයි .වෘතිකයන් කාර්යාල තුලදී මහන්සි වී වැඩ කලද lagom සංකල්පය හරහා ජීවිතයේ අනිත් පැතිකඩවල් වල සතුට රඳවා ගනී. තමන්ව අධික ලෙස ශාරීරිකව මානසිකව ආතතියට පත් කරමින් සතියට පැය 60 ක් පමණ වැඩ කරනවාට වඩා lagom සංකල්පයෙන් ඔවුන්ව පුරුදු කර ඇත්තේ මධ්‍යස්ත ප්‍රමාණයකට වැඩ සැලසුම් කර තමන්ගේ පුද්ගලික ජීවිතයද වින්දනීය ලෙස ගෙවන ලෙසයි.
    ආතතියෙන් තොර සමබර ජීවිතයක් ගෙවන මෙම ප්‍රීතිමත් වැසියන් තුල දැකිය හැකි තවත් ගුණාංග නම් අරපිරිමැස්ම ,පරිසර සාධක සහ තිරසාර සංවර්ධනය කෙරෙහි නිරන්තර අවධානයයි. පුරාණ ස්වීඩන් ප්‍රස්ථා පිරුළක් වන “Lagom är bäst” යන්නෙන්ද සරලව අදහස් වන්නේ "හරි ප්‍රමාණය හොඳම ප්‍රමාණය " "සතුට යනු මධ්‍යස්ත බව " යන්නයි. සමහර විට ඔබ නොදැනුවත්ම දැනටමත් ජීවිතයේ සමහර තැන් වල lagom සංකල්පය හුරු කර තිබෙන්නට පුළුවන.

    ස්වීඩන ජාතිකයින් හට lagom යනු මනසට කා වැදුණු ජීවන රටාවකි. ලැබෙන දේ සතුටින් පිළිගැනීමේ උපන් මානසිකත්වයක් ඔවුන් තුල ඇත . ඔවුන් සතුටින් සිටීමේ රහස එය බව කිසිදු සැකයක් නැත. Lagom හි ඇති දර්ශනය අතිශය සරලය. එය පුද්ගලයෙකුව හුරු කරවන්නේ " ඊ ලඟට අපි කල යුතු හොඳම දේ මොකක්ද ?" යන්න සිතීමටයි . Anna Brones ඇගේ ග්‍රන්ථයකින් විස්තර කරනුයේ , ස්වීඩන ජීවන රටාවට අනුව අපි දිනපතා කන කෑමට ,අඳින ඇඳුමට , රැකියා ස්ථානයට ටික ටික lagom සංකල්පය යොදවන්න.එවිට අපේ ජීවිත නොදැනුවත්ම සරල වනු ඇත. පවතින දේ පමණක් පරිභෝජනය කර වැඩි සැප සම්පත් පසුපස හඹා නොයනු ඇත යන්නයි.

    Hygge
    ඩෙන්මාර්ක් සහ නෝර්වේජියානු භාෂා දෙකටම අනුව hygge ( උච්චාරණය - හ්යු - ග්හේ ) යනු "ධෛර්ය්‍ය ලබා දෙන්න..සැපවත් බව ලබා දෙන්න...සතුට ලබා දෙන්න ..." යන්නයි. ඩෙන්මාර්කයේදී hygge යනු හුදු වචනයක් පමණක් නොවේ. එහි සංකෘතියේ ප්‍රධාන අංගයකි . එහිදී සිදු වනුයේ වගකීම් පිරුණු , ආතතියට පත් වූ තමන්ගේම ජීවිතයට තමන්ට ලැදි පරිසරයක් තුල විවේකයක් ලබා දීමයි.
    "කොටින්ම එය පවුලේ උදවිය සහ යහළුවන් සමග සතුටු වෙමින් ජීවිතය විඳීමයි. එවැනි සුළු හෝ අවස්ථා විසිතුරු ලෙස සැමරීමයි. එක ක්‍රියාකාරකමක සිට අනිකට කඩිමුඩියේ නොදුවමින් වේලාව සොයාගෙන අනාගතයේ ලැබෙන දේවල් ගැන සිහින නොදැක දැනට තමා ළඟ ඇති දෙයින් සතුටු වීමයි." Sofie Pedersen නම් ලේඛිකාව Keep Calm & Hygge නමැති කෘතියෙන් එසේ විස්තර කරනුයේ සරල ප්‍රීතිජනක ඩෙන්මාර්ක ජීවන රටාවට මාර්ගයයි.
    Hygge සංකල්පය කෙනෙකුගේ සැහැල්ලු බව ,සතුට ,තෘප්තිමත් බව සහ සාමකාමී සිතුවිලි සමග තදින්ම බැඳී ඇත. ඒ තුල බොරු රඟපෑම් හෝ කනස්සල්ල නොමැත.තමා කැමති පොතක් කියවීමට , නිදහසේ ඇවිදීමට, බයිසිකල් පැදීමට , කෑම ටිකක් තවකෙකු සමග බෙදා හදා ගැනීමට ,පවුලේ අය හෝ යහළුවන් සමග තමා කැමති රූපවාහිනී වැඩසටහනක් බැලීමට ඔබ ජීවිතය තුල යම් හෝ කාලයක් වෙන් කරගෙන ඇත්නම් hygge සංකල්පය දැනටමත් ඔබ පුරුදු පුහුණු කරමින් පවතී. එය සරලව සිටීමේ සතුටයි. ඔබ හදිසි කාරයෙක් හෝ ආතතියෙන් වැඩ කරන අයෙක්නම් hygge සංකල්පයට අනුගත වීමට ඔබට අපහසුය.
    "Hygge" වනාහී භෞතික වස්තුවක් නොවන අතර එය වටපිටාවක් නිර්මාණය කිරීමක් හා එයම අත්විඳීමක් වේ. එම හැඟීම අපගේ ආදරණීයයන් සමඟ සිටීම හා සමානය . අපේම නිවහනේ සිටීම හා සමානය . මේ ලෝකය විසින්ම අපව රැක බලා ගන්නවා වැනි ආරක්ෂිත හැඟීමක්ය . මෙලෙස විස්තර වන්නේ Meik Wiking ලේඛකයාගේ “The Little Book of Hygge: Danish Secrets To Happy Living” නමැති කෘතියෙනි . Hygge ජීවන රටාව ඕනෑම පුද්ගලයෙකුට විවෘර්තය . තමා ගැන තමන්ම ආදරණීය හැඟීමක් ඇති කර ගැනීම සඳහා මෙය කදිම මාවතකි .

    Lykke
    "Lykke" (උච්චාරණය ලූ - ක්හා) යනු සරලවම සතුට නම් අර්ථය ඇති ඩෙන්මාර්ක වචනයකි. Copenhagen ( ඩෙන්මාර්ක අගනුවර ) සැලකෙන්නේ ලෝකයේ හොඳම Lykke නගරය ලෙසිනි. සවස 5 වන විට සියළු පුරවැසියෝ තම රාජකාරී නිම කරති. පා පැදියෙන් නිවෙස් බලා යති. හැන්දෑවේ පැය 2ක් පමණ තම දරුවන් සමඟ නිර්මාණශීලී ක්‍රීඩාවක නිරත වෙති . උදව් අවැසි අමුත්තෙක් හට හෝ උදව් කරන්නට කාරුණික වෙති. ඉටි පන්දම් කීපයක් දල්වාගෙන සැප පුටුවක වාඩි වී ස්කැන්ඩිනේවියානු රහස් පරීක්ෂක රූපවාහිණි කතා මාලාවක් නරඹති. මෙසේ විස්තර වන්නේ Meik Wiking ගේ "Lykke: Secrets of the World’s Happiest People” නම් කෘතියෙහිය. සතුට යනු අසීරු ඉලක්කයක් නොව එදිනෙදා පුරුද්දක් ලෙස පවත්වාගෙන ය යුතු ගුණයකි. එනම් එය ජීවිතයේ සියළුම වැඩ කටයුතු සතුටුදායක කර ගැනීමට අප කරන වැඩපිළිවෙලයි.සැබැවින්ම සතුට අත් දැකීමටනම් ජීවිතය අපව ගෙන යන දිශාවටම අප ක්‍රියාකාරීව දායක විය යුතුය.

    "ඔබේ ජිවිතයට අයිතිවාසිකම් කියන ජීවත්ව සිටින එකම කෙනා ඔබ පමණමයි.ඔබටම විශේෂ වූ මේ ජීවිතය කාර්යාලයක මේසයක් මත හෝ මහමඟ වාහනයක හෝ පරිගණකයක් ඉදිරියේ වැය නොවිය යුතුයි", Anna Quindlen එසේ පවසන්නේ A Short Guide to a Happy Life නම් ඇගේ කෘතියෙනි. ජීවිතය හොඳින්ම විඳීමටනම් හිස් බව හා අග හිග කම් වෙනුවට අප පුරුදු පුහුණු කල යුත්තේ කෘතවේදී බව , සන්තුෂ්ටිය , මධ්‍යස්ත භාවය , ජයග්‍රහණ හා සාර්ථකත්වයන් මැදහත්ව අත් විඳීමයි. " කිසිදු මිනිසෙකුට, සැබවින්ම තමන්ට උරුම ජීවිතය මෙය යැයි හැඟීමක් දැනෙන තුරු අවංක සතුටක් නොදැනෙනු ඇත " ලෝකයේ සතුට පිළිබඳ 2012 වසරේ වාර්තාවේ මෙය දැක්වෙයි. එම වාර්තාවේ තව දුරටත් දැක්වෙනුයේ තමුන් ජීවිතය ගෙවන ආකාරය තෝරා ගැනීමේ නිදහසද ලෝකයේ සමහරෙක් තවකෙකුට වඩා සතුටින් ජීවත් වීමේ ප්‍රධාන සාධක 6න් එකක් යන්නයි.


    Sisu
    මූලාශ්‍ර අනුව "Sisu " ( උච්චාරණය සී - සූ ) ෆින්ලන්ත සම්භවයකින් පැවත එන අතර "අභ්‍යන්තරය" , "ඇතුලාන්තය" වැනි අරුතක් ගෙන දෙයි. ෆින්ලන්ත සංස්කෘතිය තුළ, එහි අරුත නොපසුබට උත්සාහය සහ අධිෂ්ඨානය පිළිබඳ ආකල්පය අනුගමනය කිරීමයි.
    Finlandia විශ්වවිද්‍යාලයේ පැහැදිලි කිරීමට අනුව "Sisu " යනු අවස්ථානුකූල ධෛර්ය්‍ය නොව ධෛර්ය්‍යවන්ත බව පවත්වාගෙන යාමට ඇති හැකියාවයි . මෙම යෙදුම සම්පූර්ණයෙන්ම පරිවර්තනය කල නොහැක්කේය. එය මුළුමනින්ම ෆින්ලන්ත වැසියා සහ ඔවුන්ගේ චරිතය විස්තර කරයි. වියපැහැදම් ගැන නොසිතා කල යුතුම දේ හරියට සිදු කිරීම මෙහි ඇති දර්ශනයයි. තවත් අයුරකින් එය එක අරමුණක එල්බ ගත අධිෂ්ඨානය, රළු බවට ඔරොත්තු දීමේ හැකියාවද විස්තර කෙරෙයි. තරඟකාරිත්වය පරදා ජයග්‍රහණ ලැබීමේ අධිෂ්ඨානයද මෙහි තවත් පැතිකඩකි.බාධක මැඩගෙන ඔබගේ ගමන් මග සුරක්ෂා කර ගැනීමේ අරුතද මෙය තුල ඇත. 1940 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැහැදිලි කරන්නේ SISU යනු නිර්භීත බවේත් රෞද්‍ර බවේත් ස්ථාවර බවේත් සම්මිශ්‍රණයක් බවයි. එවකට යුද්ධ වලදී එකා පිට එකා මැරී වැටුනත් ජයග්‍රහණය අරමුණින් නොනවතින ධෛර්ය්‍යකින් සටන් කල ෆින්ලන්ත වැසියන් ඔවුන් නිදසුන් කොට ගනියි. SISU ගුණාංගයෙන් අසීරු අවස්ථාවකදී වුවද කල යුතුම දේ කිරීමට පුද්ගලයෙකු පෙළඹෙයි.
    "SISU ෆින්ලන්ත වචනයක් විය හැක..නමුත් එය විශ්වීය ගුණාංගයකි.. Joanna Nylund ඇයගේ Sisu - The Finnish Art Of Courage කෘතියේ පවසයි.



    සිතුවිලි නිමාව ,

    අපගේ ජීවිතය ගැන කාහටවත් පූර්ව නිගමනය කල නොහැක. නමුත් ශක්තිමත් ජීවන දර්ශනයන් අපට ගමන් මගක් පෙන්වනු ඇත . විශිෂ්ට ජීවන රටාවක් ගත කිරීමෙන් කාලයත් සමඟ මහඟු ප්‍රතිලාභ ලබා ගත හැක. ජීවන ගමන සතුටින් ගෙවීමට කාලය වෙන් කර ගන්න. "ඔබ ඔබ වෙනුවෙන්ම කාලය වෙන කිරීමට ඇරඹු කල පළමු උත්සාහයෙන්ම ඔබ සාර්ථක නොවනු ඇත" Anna Quindlen පවසයි. ඔබගේ එදිනෙදා ජීවිතයේ මෙම දර්ශනයන්ගෙන් එකක් හෝ කිහිපයක් වැලඳගෙන පුහුණු වන්න, සමහර විට, ස්කැන්ඩිනේවියානුවන් ලෝකයේ ප්‍රීතිමත්ම පුද්ගලයන් ලෙස ශ්‍රේණිගත වීමට හේතුව ඔබ සොයා ගනු ඇත!
     
    Last edited:
    • Like
    Reactions: $Gangster$

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    18137-9io30q.jpg
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113

    This does not neccesarily mean scandinavians or other developed countries illustrated here, are more unhappy or depressed than others, it could be, but it also could be due to far better rate of diagnosis and accessibility to mental health. In devoloping countries like ours though there is a higher prevelance of mental illness, most go undiagnosed or due to taboo and other social economical factors results in poor compliance.
     
    Last edited:
    • Like
    Reactions: jmzsl

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    This does not neccesarily mean scandinavians or other developed countries illustrated here, are more unhappy or depressed than others, it could be, but it also could be due to far better rate of diagnosis and accessibility to mental health. In devoloping countries like ours though there is a higher prevelance of mental illness, most go undiagnosed or due to taboo and other social economical factors results in poor compliance.

    true. it doesn't prove that we are happier neither does it prove they are happier. a significant portion of unhappiness in so called underdeveloped countries are due to post colonial mentality and the lose of cultural identity. but it proves they aren't as happy as some of those census suggests.
    however this gives us a way to quantitatively compare the two countries. take the suicide attempts rate and anti depressant consumption rate and compare them.
     
    Feb 28, 2015
    59
    9
    0

    This does not neccesarily mean scandinavians or other developed countries illustrated here, are more unhappy or depressed than others, it could be, but it also could be due to far better rate of diagnosis and accessibility to mental health. In devoloping countries like ours though there is a higher prevelance of mental illness, most go undiagnosed or due to taboo and other social economical factors results in poor compliance.

    the climate matters a lot in most cases. these countries have long winters with only 6-7 hours of sunlight and people have depression because of that. same for canada