ස්ටීවන් හොව්කින්ග්...

csharp

Well-known member
  • Nov 19, 2016
    1,263
    781
    113
    Melbourne
    ස්ටීවන් හොව්කින්ග්...

    ස්ටීවන් හොව්කින්ග් මහාචාර්ය වරයාට මෝටර්නියුරෝන් රෝගී තත්වය වැළඳීමෙන් පසුව උනත්, සෑහෙන කාළයක් යනතුරු කථනය සහ අත්පා සෙළවීමෙන් අදහස් ප්‍රකාශනය කළ හැකිව තිබුණා.....

    00ded38c386fe7abffc05c3efea2bb4f.jpg


    1985 වසරෙදි ජිනීවාහිදී එතුමාට වැළඳුණු ආසාදනයක් නියුමෝනියාව දක්වා වර්ධනය වූ පසුව, එතුමාට හුස්ම ගැනීම පහසු කරවීම සඳහා කරන්නට සිදුවුනු ට්‍රැකියොටෝමියා ශල්‍යකර්මය නිසා තමයි එතුමාගේ කථනය සහ ඉන්ද්‍රිය සංචලනය අහිමි වෙන්නෙ.....

    එයින් පසුව එතුමාගෙන් මෙතෙක් විද්‍යාව ගත් ප්‍රයෝජනය දිගටම ගන්නේ කෙසේදැයි කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය පශ්චත්තාපයට පත්ව සිටි සමයක හොව්කින්ග් සමග ව්‍යාපෘති කිහිපයක් කළ මාටින් කින්ග් කියන භෞතික විද්‍යාඥයා ඇමරිකාවට යනවා මේකට තාක්ෂණික විසඳුමක් සොයාගෙන....
    ඇමරිකාවෙදි ඔහු මුලින්ම හමුවෙන්නෙ, එවකට රෝගීන් සඳහා "ස්පීච් සින්තෙසයිසර්" ( කථන රටා උපකාරක ) මෘදුකාංග පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටි "වර්ඩ්ස් ප්ලස්" කියන ආයතනයේ වෝල්ටර් වොල්ටොස්.....ඒ හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස මහාචාර්ය හොව්කින්ග්ට ලැබෙනවා මුලින් ඒ.එම්.ඩී චිප්සෙට් එකක් සහ මදර්බෝඩ් එකක් සහිත පරිඝණකයක ඉතාම සරල පෝටබල් ක්ලිකර් එකක් මගින් විද්යුත් තරංග ජනනය කරලා, ඒ විද්යුත් පණිවිඩ මගින් එහා මෙහා ගෙනියන කර්සර් එකකින් විනාඩියකට වචන 7 ක් පමණ තෝරාගත හැකි සරල ක්‍රමවේදයක්......


    23AB8B3A00000578-2858573-Professor_Hawking_made_today_s_claims_at_an_event_in_London_duri-26_1417587858816.jpg


    1997 වසරෙදි ඉන්ටෙල් සමාගම ඊට වඩා දියුණු පරිඝණකයක් සහ මෘදුකාංගයක් සපයා දෙනව....මේ ඉන්ටෙල් පරිඝණකය පැමිණීමත් සමග

    - වඩා පහසුවෙන් හැසිරවිය හැකි, වඩා සංවේදී ක්ලිකර් එකක්
    - විනාඩියකට වචන 15 ක් පමණ තෝරා ගැනීමේ හැකියාව
    - ඉන්ටෙල් ලැබ්ස් හි නිර්මාණය කරන ලද ස්පීච් සින්තෙසයිසර් මෘදුකාංගය වන ACAT (Assistive Context-Aware Toolkit )
    මෘදුකාංග අන්තර්-මුහුණත ( මේක ඕපන් සෝස් මෘදුකාංගයක්....ඕපන් සෝස් මෘදුකාංගයක් කියන්නෙ එම මෘදුකාංගය රචනා කරන ලද සෝස් කෝඩ් එක එයට ඇති තරම් මූලික වෙනස් කම් පාරිභෝගිකයන්ටම කරගන්න පුළුවන් වෙන්න ප්රසිද්ධ කිරීම සහ එවැනි වෙනස් කම් වලට අවශ්ය බුද්ධිමය අවසරය ලබා දීම.....උදා: ලිනක්ස් ඔපරේටින් සිස්ටම් එක....

    acat_header.png


    මේ මහාචාර්ය හොව්කින්ග් භාවිතා කරන ACAT මෘදුකාංගය ඕපන් සෝස් මෘදුකාංගයක් ලෙස ඉන්ටෙල් ලැබ්ස් රචනා කලේ මේක සියළු ජාතීන්ට තම තමන්ගේ භාෂාවන්ට සරිලන පරිදි වෙනස් කරගන්න අවකාශය සැලසීම, වෙනත් කථන රටා සහිතව ඉංග්රීසි සහ අනෙකුත් භාෂා හසුරුවන ජාතීන්ට ඒ රටාවන්ට සරිලන පරිදි මෙහි ශබ්ද විකාශනය හසුරුවා ගත හැකි වීමට, වගේ අරමුණු තියාගෙන )

    assistive-contextaware-toolkit-english-4-638.jpg


    StephenIntel-1000x553.jpg


    මේ සිස්ට්ම් එකට ඉන්ටෙල් සමාගම දුන්නු නම තමයි Speech Generating Device (SGD) කියන එක ....

    මේ අතැඟිල්ලකින් හසුරුවන ක්ලිකර් එකෙන් එතුමා වචන තෝරා ගත් පසුව, ඒ අන්තර් මුහුණත මගින් එකී වචන වල විද්යුත් සංඥා වලට අනුකූල කරන ලද ශබ්ද ( අක්ෂර උච්ඡාරණ ශබ්ද, අකුරු අතර, මාත්රා අතර පවත්වා ගත යුතු පරතරය ) තීරණය කරලා, ක්ෂණිකව සමාන්තර ත්රෙඩ්ස් මගින් ප්රොසෙස් කරලා වචන උච්ඡාරණයන් කරලා දෙනවා.....

    වසර 2008 වනවිට මහාචාර්ය ස්ටීවන් හොව්කින්ග්ට මේ ඇඟිලි මගින් භාවිතා කරන ක්ලිකර් එක භාවිතා කරන්න නොහැකි තත්වයක් උද්ගත වුනා.....ඒ ඔහුගේ මාංශ පේශී තව දුරටත් අප්රාණික වීම නිසා.....ඉන් පසුව එතුමාට ඉන්ටෙල් සමාගම ලබාදුන්නේ වඩාත් දියුණු තාක්ෂණයක්....
    ඔබ දන්නවා ඔබේ ස්මාට් ජංගම දුරකථන වල තියෙනවා "ප්රොක්සිමිටි සෙන්සර්ස්" කියලා සෙන්සර් සිස්ටම් එකක්.....මේවා තියෙන්නෙ දුරකථනයේ ඉදිරිපස මුහුනතට ඉහළින්.....


    proximity-sensor-iphone-6.jpg


    Proximity-Sensor-in-Mobiles.jpg


    ඒ වගේ අධෝරක්ත කිරණ භාවිතා කරන සෙන්සර් දෙකක් මහාචාර්ය හොව්කින්ගේ උපැස් යුවළේ දකුණු පස සවි කර තිබෙනවා....මේ දෙකෙන් අධෝරක්ත කිරණ බීම් දෙකක් මහාචාර්ය හොව්කින්ගෙ කම්මුල ප්රදේශයට පතනය කරනවා....එතුමා කම්මුල සොලවනවිට මේ කිරණ මගින් ඒ කම්මුලේ ආලෝකය වෙනස් වෙන ආකාරය ග්රහණය කරලා, එතුමාගේ රෝද පුටුවේ පිටුපස ඇති කලුපාට ආවරණයක් සහිත සී.පී.යූ එකේ යූ.එස්.බී පෝට් එකෙන් අදාළ වොයිස් සින්තෙසයිසර් එකට ලබා දෙනවා..මේකට කියනවා Cheek Switch කියලා..... එවිට එතුමා විසින් කම්මුල සෙළවීම මගින් තමන් ඉදිරියේ ඇති තිරය මත වන කර්සර් එක එහා මෙහා කිරීමෙන් තෝරා ගන්න අකුරු වලින් සාදන වචන වල ශබ්දය ඒ ඩිවයිස් එක එක්කම සවිකර තිබෙන මල්ටිමීඩියා ස්පීකර්ස් මගින් පිට කරනවා.....


    stephen-hawking-infrarot-sensor.jpg


    මේ උපකරණ සෙට් එකට බලය ලැබෙන්නෙ එතුමාගේ රෝද පුටුවෙන්මයි....රෝද පුටුව බොහෝ වේලාවක් චාජ් එක පවතින උපකරණයක්....එමෙන්ම රෝද පුටුවේ බලය යම් මොහොතක විසන්ධි උනත්, එතුමාගේ පරිඝණක බැටරියට පැය පහක පමණ කාළයක් ස්වාධීන විදුලි සැපයුමක් ක්රියාත්මක කරගන්න පුලුවන්.....
    එතුමා මේ මොහොතේ භාවිතා කරන උපකරණ සහ මෘදුකාංග වන්නේ -

    -ලෙනෝවෝ යෝගා 260, ඉන්ටෙල් කෝ අයි 7, 6600යූ ප්රොසෙසර් එක සහිත තින්ක් පෑඩ් එකක්
    -ගිගාබයිට් 512 ක එස්.එස්.ඩී හාඩ් එකක්
    - බොෂ් සමාගම නිපදවන ලද ස්පීකර් අවුට්පුට් සෙට් එකක්
    - කෝල්-ටෙක්ස්ට් 5010 නම් කථන මෘදුකාංගය


    14606513_364783730520521_7806889474489673496_n.jpg
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    පොර මොකක් හරි පාප කර්මයක් කරල තියෙනව පව් ඉතින්

    hemadema papa karmyak hinda newe wenne matto ;)

    1. Utu Niyama
    2. Bija Niyama
    3. Kamma Niyama
    4. Dhamma Niyama
    5. Citta Niyama
     

    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    A manussaya gana kastiya boruwata duk unata, ehema leda welath dennek marry kala. Anna minissu. Meke inna thanikadayonta godaak ridei :D:yes::D:yes: