ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකක්ද??🤔

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    "ඇත්තටම අර ස්ටේෂන් මාස්ටර් කෝච්චියට දෙන වළල්ල මොකක්ද ........"

    මේක කියවන බහුතරයක් අය කෝච්චියේ ගිහින් තියන අය සහ නිතරම කෝච්චිය භාවිතා කරන අය වෙන්න පුලුවන් . ඉතින් ඔයාලා දැකලා ඇති කෝච්චියක් ස්ටේෂන් එකට එද්දි ස්ටේෂන් මාස්ටර් ඒ කෝච්චියේ රියදුරු සහයක මහතාට වළල්ලක් දෙනවා සහ රියදුරු සහයක මහතා විසින් දුම්රිය ස්ථානයේ කෙනෙක්ට තව වළල්ලක් නැවත දෙනවා . මේ ක්‍රියාවලි දෙක අනිවාරෙන්ම ඔබ දැක තියෙනවා ඇති . ඉතින් මම අද මේ ලිපියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඔය වළල්ලේ කතාව මොකක්ද .ඇත්තටම ඒක මොකක්ද ... ?මොකක්ද ඒ ක්‍රියාවලිය කියලා .

    මේ ක්‍රමය ගොඩක් අය හදුන්වන්නේ ටැබ්ලට් ක්‍රමය එහෙමත් නැත්තන් ටැබ්ලට් සිස්ටම් එක කියලා . 1874 වර්ෂයේ පුද්ගලයින් පිරිසට මරු කැඳවමින් සිදුවූ දුම්රිය අනතුරක් නිසා යලිත් කිසි දිනක එවැන්නක් නොවන්කට " එඩ්වඩ් ටයර් " නම් ඉංජිනේරු මහත්මයෙක් විසින් මහ බ්‍රිතාන්‍යයේදී මේ ක්‍රමය හදුන්වා දී තිබෙනවා. ඒ හින්දම මේ ක්‍රමය " ටයර්ගේ ටැබ්ලට් ක්‍රමය" විදියටත් හඳුන්වනු ලබනවා.

    මේක ඉතාම පැරණි ක්‍රමයක් උනත් තාමත් ශ්‍රී ලංකාවේ විදුලි ආලෝක සංඥා ආශ්‍රිත කලාපය හැරෙන්නට අනෙකුත් පලාත්වල තාමත් දුම්රිය ධාවනය සඳහා භාවිතා කරන්නේ මේ ක්‍රමයයි. ඒ වගේම තමයි මේක කොච්චර පරණ උනත් තාමත් ආරක්ෂිතම ක්‍රමයක් විදියට හඳුන්වන්න පුලුවන්.

    හරි එහෙනම් අපි බලමු කොහොමද මේකේ ක්‍රියාකාරිත්වය කියලා .

    🔴 මම මේක පැහැදිලි කරන්න උදාහරණයක් විදියට දැනට මේ ක්‍රමය භාවිතා කරන උඩරට මාර්ගයේ දුම්රිය ස්ථාන දෙකක්ම ගන්නම්...

    මම ගන්නම් "පට්ටිපොල" දුම්රිය ස්ථානය සහ ඊට පසුව අනෙක් අන්තයේ තියන "ඔහිය" දුම්රිය ස්ථානය.

    🔴 දැන් ඔබ හිතන්න කොළඹ ඉදන් බදුල්ල බලා යන දුම්රියක් පට්ටිපොල සිට ඔහිය දුම්රිය ස්ථානයට ගමන් ගන්න සූදානම් . මේ වෙද්දී එම දුම්රිය පට්ටිපොලට අනෙක් අන්තය වන අඹේවෙල දුම්රිය ස්ථානයෙන් පිටත්වෙලා තියෙන්නේ. දැන් එම දුම්රිය පට්ටිපොලට ළඟාවීමට පෙර ටැබ්ලට් සිස්ටම් එකේ ක්‍රියාකාරිත්වය ඇරඹිය යුතුයි. ඔයාලා දැකලා ඇති මේ ටැබ්ලට් මැෂින් ස්ටේෂන් ඇතුලේ තියනවා . (නැත්තන් පහත ජායාරූප වල ඒක බලාගන්න පුලුවන්) .දැන් මම කියන්න යන මේ ක්‍රියාකාරිත්වය වෙන්නේ ඒවාගෙනුයි.

    🔴 දැන් පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමා ටැබ්ලට් යන්ත්‍රය ආධාරයෙන් ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමාට බෙල් සංඥාවක් යවලා අර එන කෝච්චිය ඔහියට එවන්න ඒ අතර දුම්රිය මාර්ගය බාධාවකින් තොර දැයි විමසනවා.ඒ කියන්නේ ඔහියෙන් පට්ටිපොල පැත්තට එන දුම්රියක් ඔහිය සහ පට්ටිපොල අතර තියනවද නැත්තන් වෙන බාධකයක් තියනවද කියලා දැනගන්න.. ඔයාලට ඔය ස්ටේෂන් වල ඉද්දි ටිං ටිං ගාලා බෙල් සද්ද එහෙම ඇහෙනවා නේද .. ආං ඒ එහෙම බෙල් සංඥා නිකුත් වන අවස්ථා තමයි.
    මෙම බෙල් සංඥා ගමන් ගන්නේ දුම්රිය ස්ථාන අතර ඇති දුරකථන රැහැන් මගිනුයි.

    🔴 එහෙම බාධාවක් නැත්තන් ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමා විසින් පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමාට බෙල් සංඥාවකින් දැනුම් දෙනවා.

    🔴 ඊටපස්සේ පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමා විසින් අර ටැබ්ලට් මැෂින් එකේ බට්න් එකක් ඒකට කියන්නේ ප්ලන්ජරය කියලා. අන්න ඒක තද කරගෙන ඉන්නවා.

    🔴 එතකොට ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමා එහෙ ප්ලන්ජරය එක අතකින් ඔබාගෙන ඉන්න ගමන් අනෙක් අතින් ටැබ්ලට් මැෂින් එකේ පහළ තියන ටැබ්ලට් රඳවනය චුට්ටක් එළියට අදිනවා. එතකොට ටැබ්ලට් මැෂින් එකේ " Train Approaching" එහෙමත් නැත්තන් දුම්රියක් ළගාවනවා යන්න පෙන්නුම් කරනවා .

    🔴 ඊටපස්සේ ඔහිය දුම්රිය ස්ථානාධිපති බෙල් ප්ලන්ජරය ඔබනවා.

    🔴 එතකොට පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමා එක අතකින් අර බෙල් ප්ලන්ජරය ඔබාගෙන අනික් අතෙන් පහළ තියන ටැබ්ලට් රඳවනය සම්පූර්ණයෙන්ම එළියට අදිනවා. එතකොට ටැබ්ලට් යන්ත්‍රය “Train On Line” දුම්රිය මාර්ගයේ දුම්රියක් තියනවා කියලා පෙන්නනවා. එතකොට ටැබ්ලට් එක එළියට එනවා.

    🔴 ඊටපස්සේ පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමා අර වළල්ල ඒ වළල්ල තමයි අර ටැබ්ලට් එක දාන පවුච් එක ඒ ටැබ්ලට් එක ලෝහ පෙත්තක් වගෙ. ඒකේ කොටලා තියනවා දුම්රිය ස්ථාන වල සංකේතයක් ඉතින් ඒ ටැබ්ලට් එක අර වළල්ල වගේ පවුච් එකට පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමා විසින් දාල එ්ක ඔහිය කරා යන දුම්රියේ රියදුරු සහයක මහත්තයට අර වළල්ල විදියට දෙනවා . ඕක ඔය වළල්ලක් විදියට තියෙන්නේ හුවමාරු කරන්න පහසුවීමට.

    🔴 ඒ වගේම අඹේවෙල දුම්රිය ස්ථානයෙන් හම්බුන ටැබ්ලට් එක තමයි දුම්රිය රියදුරු සහයක මහතා විසින් පට්ටිපොල දුම්රිය ස්ථානයට නැවත අර වළල්ල එක්ක දෙන්නෙ.

    🔵 හරි දැන් අර ඔහියට යන දුම්රියට ටැබ්ලට් එක දුන්නට පස්සේ මේ ටැබ්ලට් යන්ත්‍රය විසන්ධි කරන්න ඕන . ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි.

    🔴 දැන් අර මම කලින් සඳහන් කරපු පට්ටිපොලදී ටැබ්ලට් එක ගත්ත දුම්රිය ඔහියට ළඟාවෙනවා.ඒත් සමඟම දුම්රිය රියදුරු සහයක මහතා අර පට්ටිපොලදී ගත්ත ටැබ්ලට් එක ඔහිය දුම්රිය ස්ථානාධිපතිතුමා වෙත දෙනවා.

    🔴 අනතුරුව ඔහිය දුම්රිය ස්ථානාධිපති ටැබ්ලට් යන්ත්‍රයේ පහළ කොටස එළියට අැදලා අර පට්ටිපොල ඉදන් ගෙනත් දුම්රිය රියදුරු සහයක මහතා දුන්න ටැබ්ලට් එක ටැබ්ලට් රඳවනයට දානවා. ඊටපස්සේ ඉහළ පහළ කොටස් දෙකම අැතුලට යවනවා . එතකොට "Line Closed” එහෙමත් නැත්තන් මාර්ගය වසා ඇත යන්න යන්ත්‍රයේ පෙන්නනවා. (ජායාරූප වල ඒ දර්ශන තිරය බලාගන්න පුලුවන් )

    🔴 ඔහිය දුම්රිය ස්ථානාධිපති යලිත් බෙල් සංඥාවක් මගින් පට්ටිපොල ටැබ්ලට් යන්ත්‍රයේ ක්‍රියාකරුට දුම්රිය ඔහියෙන් ඉවත්ව ගිය බවට දැනුම් දෙනවා.

    🔴 ඉන්පසු පට්ටිපොල දුම්රිය ස්ථානාධිපතිතුමා ප්ලන්ජරය ඔබා ටැබ්ලට් යන්ත්‍රයේ යට කොටස වසා දමනවා. එවිට පට්ටිපොල ටැබ්ලට් යන්ත්‍රයෙත් " Line Closed” මාර්ගය වසා ඇති යන්න පෙන්නුම් කරනවා.

    ඔන්න ඔය ආකාරයට තමයි ටැබ්ලට් යන්ත්‍රය සහ එහි ක්‍රියාකාරිත්වය සිද්ධ වෙන්නේ . ඕකම අනෙක් ටැබ්ලට් යන්ත්‍ර භාවිතා වන දුම්රිය ස්ථානවල සිද්ධ වෙනවා.

    ඔය විදියට අර පට්ටිපොල ඉදන් ඔහියට දුම්රියෙන් ආපූ ටැබ්ලට් එක ආයෙම බදුල්ල ඉදන් පට්ටිපොල පැත්තට යන දුම්රියක් ඔහියට ළඟා වෙද්දී අර ඉහත කියපු ක්‍රමයටම ඒ දුම්රිය හරහා පට්ටිපොල දුම්රිය ස්ථානය වෙත යවනවා. ඒ වගේම එකම ආකාරයේ ටැබ්ලට් කීපයක්ම තියන හින්දා පට්ටිපොල ඉදන් ඔහියට දුම්රියක් පිටත් වූ පසු නැවතත් පට්ටිපොල ඉදන් ඔහිය පැත්තට දුම්රියක් පැමිණියහොත් ගැටලුවක් වෙන්නේ නෑ.

    ටැබ්ලට් යන්ත්‍රයක එකම ආකාරයක පැති දෙකක් දක්නට ලැබෙනවා. උදාහරණයක් ලෙස පට්ටිපොල දුම්රිය ස්ථානයේ ටැබ්ලට් යන්ත්‍රයේ එක පැත්තකින් ඔහිය දුම්රිය ස්ථානයත්, අනෙක් පැත්තෙන් අඹේවෙල දුම්රිය ස්ථානයත් සන්නිවේදනය කරන්න තමයි එහෙම තියෙන්නේ .ඔහිය දුම්රිය ස්ථානයේ නම් එක පැත්තකින් පට්ටිපොල දුම්රිය ස්ථානයත් අනෙක් පැත්තෙන් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයත් සන්නිවේදනය කරන්න තමයි එහෙම දෙපැත්තක් ටැබ්ලට් යන්ත්‍රයේ තියෙන්නේ.

    ඒ වගේම සඳහන් කලයුතු දෙයක් තියනවා මෙම ටැබ්ලටය දුම්රිය රියදුරු සහයක මහතා වෙත භාර දීමේ ක්‍රියාවලිය දුම්රිය ස්ථානාධිපතිතුමා වෙතම පැවරී ඇති රාජකාරියක් වන අතර සහයක රියදුරු මහතා ලබාදෙන ටැබ්ලටය ලබා ගැනීම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය කාර්‍යය සහයක මහතෙකු සතු වනවා.

    වර්තමානයේ මේ ටැබ්ලට් ක්‍රමය භාවිතා වන්නේ

    උඩරට මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල සහ මාතලේ දක්වා

    උතුරුදිග දුම්රිය මාර්ගයේ කුරුණෑගල සිට අනුරාධපුර දක්වා

    නැගෙනහිර දුම්රිය මාර්ගයේ මහව සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය දක්වා .මෙම මාර්ගයේ සමහර දුම්රිය ස්ථානවල ටැබ්ලට් ක්‍රමය වෙනුවට විශේෂිත ටෝකන් ක්‍රමයක්ද භාවිතා කරනු ලබනවා.

    කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සිට අවිස්සාවේල්ල දක්වා.

    පුත්තලම් දුම්රිය මාර්ගයේ මීගමුව සිට ටැබ්ලට් සහ මෙහිද සමහර දුම්රිය ස්ථානවල ටෝකන් ක්‍රමය භාවිතා කරනු ලබයි.

    මෙහි තව සඳහන් කල යුතුම කරුණු කීපයක් තියනවා.

    දැන් ඔබට හිතෙන්න පුලුවන් පට්ටිපොල ස්ටේෂන් එකේ ටැබ්ලට් එක ඉදල්ගස්හින්න ස්ටේෂන් එකේ මැෂින් එකට දාන්න බැරිද කියලා . නෑ ඒක කරන්න බෑ මොකද එක සෙක්ෂන් එකක ටැබ්ලට් එකක් තවත් ආසන්න සෙක්ෂන් එකකට ගැලපීමක් වෙන්නෙ නෑ ඒකට හේතුව තමයි ඒ ටැබ්ලට් එකේ කපලා තියන කට්ට ගැලපෙන්නෙ අදාල දුම්රිය ස්ථානයේ ටැබ්ලට් මැෂින් එකටම පමණයි.
    එ වගේම තමයි දුම්රිය ස්ථානයෙන් සහයක රියදුරු මහතාට ලැබුණ ටැබ්ලට් එක නිවරදිද යන්න පරික්ෂා කිරීම දුම්රිය රියදුරු මහතාගේ වගකීමක් වනවා.

    දුම්රිය ස්ථානයෙන් ටැබ්ලට් එකක් නොලබා දුම්රියක් ඉදිරියට කිසිම විටක ගමන් කරන්න බෑ . ඒක නීති විරෝධී . මේක කියවන ඔබ‍ට ප්‍රශ්නයක් එන්න පුලුවන් මෙහෙම . අදාල දුම්රිය ස්ථානයක නොනවත්වා ධාවනය කරන සීග්‍රගාමී දුම්රියකට දුම්රිය ධාවනය වෙද්දිම ටැබ්ලට් එක ගන්න බැරි උනොත් මොකක්ද කරන්නේ කියලා . ඔව් එහෙම අවස්ථාවක දුම්රිය නවත්තලා ටැබ්ලට් එක ගන්න ඕන. එම දුම්රිය ස්ථානවල නොනවත්වන දුම්රිය වේගය අඩුකර ටැබ්ලට් එක රැගෙන යාම සාමාන්‍ය ක්‍රමය.

    යම් දුම්රිය ස්ථානයක ටැබ්ලට් යන්ත්‍රයක දෝෂයක් ඇතිවූ විට දුම්රියක් ඉදිරියට ධාවනය කරන්නේ කෙසේද ....?

    ටැබ්ලට් යන්ත්‍රයක දෝෂයක් ඇති උනොත් ටැබ්ලට් සිස්ටම් එක නැතුව දුම්රියක් ඉදිරියට ධාවනය කරන්නට විශේෂිතවූ ක්‍රියාවලියක් තියනවා . ඒක හඳුන්වන්නෙ " පයිලට් වර්කිං" කියලා . ඒක සිද්ධ වෙන්නේ මෙහෙමයි.

    පයිලට් වර්කිං ක්‍රියාවලියේදී ටැබ්ලට් එක වෙනුවෙන් යන්නෙ දුම්රිය ස්ථානයේ සේවකයෙක් ඔහු තමයි පයිලට් කියන්නෙ. ඔහු අදාල දුම්රිය ස්ථානයෙන් දුම්රිය එන්ජිමට නැගලා අනෙකුත් දුම්රිය ස්ථානය කරා යනවා. ටැබ්ලට් එක වෙනුවෙන්.

    ඒ වගේම තමයි ටැබ්ලට් යන්ත්‍රයක දෝෂයක් ඇති විට එකම දිශාවට දුම්රිය කීපයක් ධාවනය වනවා නම් මුලින්ම ධාවනය වන දුම්රියන් වලට ටැබ්ලට් එක වෙනුවට රිටන් නෝට්ස් එකක් ලබා දෙනවා ටෝකන් එකක් විදියට. අර ඉහත කියපු පයිලට්මන් ඒ ධාවනය වන අවසන් කෝච්චියේ තමයි යන්නේ.

    පයිලට්මන් යනකම් අනෙක් අතට කිසිම
    දුම්රියක් එවන්න බෑ. ඒ වගේම තමයි ටැබ්ලට් එක වෙනුවට යන පයිලට්මන් හදිසියේම මගදි මිය ගියොත් ඒකටත් වෙනස ක්‍රියාවලියක් තියනවා. එච්චර දුරට ලිපියෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ . ටැබ්ලට් ක්‍රමයට වඩා සංකීර්ණයි ටැබ්ලට් ක්‍රමය අක්‍රීය උන වෙලාවක මේ යෝදා ගන්න පයිලට් වර්කිං ක්‍රමය.

    ටැබ්ලට් එකක් දුම්රියකට දුන්නම ඒ දුම්රිය ස්ථාන දෙක අතර සෙක්ෂන් ටයිම් පීරියඩ් දෙකක් තියනවා . යම් හෙයකින් ඒ කාලය තුල දුම්රිය අනෙකුත් දුම්රිය ස්ථානයට ආවේ නැත්තන් දුම්රිය ස්ථානයේ ඉන්න නිළධාරියෙක් පිටත් කරලා යවන්න ඕන බලන්න.

    ඉතින් මේ අතරේ විශේෂම දෙයක් සඳහන් කරන්න ඕන .තාමත් මේ ක්‍රමය ඉතාම ආරක්ෂා සහිත ක්‍රමයක් කියලා සඳහන් කරන්න පුලුවන් .මොකද දුම්රිය ස්ථානාධිපති කෙනෙක් දෙන ටැබ්ලට් එකක් ඇතුව දුම්රියක් ඉදිරියට ධාවනය කරද්දී අනෙක් පසින් දුම්රියක් පැමිණෙන්න අවස්ථාවක් නැහැ . ඒ හින්දම මේක ඉතාම ආරක්ෂාකාරී ක්‍රමයක් විදියට හඳුන්වන්න පුලුවන්. වර්තමානයේ කොච්චර තාක්ෂණය දියුණුවුවත් තාක්ෂණය මතම විශ්වාසය තබා සිටින බොහෝ අවස්ථාවලදි සිදුවන තාක්ෂණික දෝෂ හේතුවෙන් සිදුවන නොයෙකුත් ගැටලු ඕන තරම් අපට අසන්නට ලැබේ.

    මම හිතනවා ටැබ්ලට් සිස්ටම් එකක ක්‍රියාවලිය ගැන පොඩි හරි අවබෝධයක් ඔබට මේ ලිපිය තුලින් ලැබෙන්නට ඇති කියලා . ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණ ස්ටේෂන් මාස්ටර් කෝච්චිය‍ට දෙන අර වළල්ල මොකක්ද කියන ප්‍රශ්නයටත් උත්තරේ හම්බෙන්න ඇති .

    මා මෙම ලිපිය සකස් කිරීමේදී මා හට උපකාරීවූ කීප දෙනෙක් ගෞරවයෙන් මතක් කර සිටිමි මෙහි සමහර කරුණු පරිශීලනයේදී මා හට මූලිකවම බෙහෙවින් උපකාර කල ගෙහාන් චන්දික මහතාටත් නිපුණ දොඩම්තැන්න මහතාගේ ලිපියක් සහ ලසන්ත තිලකරත්න සොයුරාටත් නම් වශයෙන් සඳහන් කල නොහැකි මා හට උපකාර කල සියලුම දුම්රිය ස්ථානාධිපතිතුවරුන්ටත්, දුම්රිය රියදුරු සහ සහයක මහත්වරුන්ටත් මාගේ ගෞරව පූර්වක ස්තූතිය පුදකර සිටිනවා .

    සටහන සහ ජායාරූප : ශශින් විජේතුංග
    FE87485B-4A46-4A14-A270-C45C6BE18C8A.jpeg
    C3B7723C-F91F-4C21-AC72-A79C9AD99036.jpeg
    0AA2AC85-AA47-4A6D-B92A-1DB80951EAA9.jpeg
    BAF97AC4-C01F-4A56-A096-B9FC2AB70241.jpeg
    F4D23799-70DF-4904-A296-449000DAAF20.jpeg
    FB435D92-2450-44A9-BA4F-8DEB8F03CE57.jpeg
    22990080-C329-4FDD-B45A-0D0280C988E3.jpeg
     

    Attachments

    • 8283E5ED-D60D-45FC-B4DC-A062D580CDDB.jpeg
      8283E5ED-D60D-45FC-B4DC-A062D580CDDB.jpeg
      122.1 KB · Views: 122
    • BF0A7EBB-C386-48BF-9E2D-DA1B54BFF180.jpeg
      BF0A7EBB-C386-48BF-9E2D-DA1B54BFF180.jpeg
      135.9 KB · Views: 121
    • 75EB3E14-6B5A-429B-A8B1-615169696F0B.jpeg
      75EB3E14-6B5A-429B-A8B1-615169696F0B.jpeg
      123.1 KB · Views: 147

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,492
    113
    Here's an explanatory video...




    PS: To answer the query from another member...

    It's called the Thorpe accident. In the dark evening of evening on Thursday September 10th 1874. Confusion over telegraph messages and failed protocol saw two trains come together in a catastrophic collision on the single track Great Eastern Railway line at Thorpe St Andrew, resulting in the deaths of 27 people.

    To avoid future accidents like this on a single track, the Engineer Edward Tyer developed the tablet system. Tyer was awarded a British patent in 1878.
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේ ටැබ්ලට් ක්‍රමය ගැන මම මෙතෙක් කියවූ හොඳම ලිපියයි. එකට ස්තුතියි.

    මේ ක්‍රමය 100% ක්ම ආරක්‍ෂිත උනත්, 1928 දී ((12/03/28) කටුකුරුන්දේ දී තනි මාර්ගයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණලා හැපිලා අනතුරට ලක් උනා. එහිදී, දුම්රිය දෙකක් (නො 547 කොටුව අළුත්ගම සහ නො. 250 මාතර මරදාන ) එකිනෙක හැපිලා 28 දෙනෙක් මැරුණා.

    Katukurunda Railway Accident – First head-on collision in Sri Lanka

    One such event is the Katukurunda Railway Accident that happened in 1928. It is significant for two reasons

    The first head-on train collision
    The train accident with the highest death toll
    train accidents in sri lanka
    Photo Credit: Divaina | source
    Where?
    The accident happened between Kalutara South and Katukurunda railway stations. The specific location is now known as Wettumakada, some 2.2 km away from Kalutara town.

    When
    This unfortunate incident took place some 90 years before in 1928 March 12 at 8.06 pm.

    Collided Trains
    The two trains that collided were two passenger trains which were hauled by steam engines.

    🚂 No: 547 Colombo – Aluthgama

    Cabins: 08 Passenger cabins + A Fish transport cabin

    The train was running 18 minutes late and had reached Kalutara South station at a few minutes shy of 08.00 pm.

    🚂 No: 250 Matara – Maradana

    Cabins: 07 Passenger cabins + 03 Goods cabins + A Fish transport cabin

    The Situation
    The trains ran on a single line in those days and one has to wait for other incoming trains in a station with two tracks. The two trains in question usually crossed at Payagala station but due to the delay of Aluthgama train, it was decided to cross two trains in Kalutara south station.

    Aluthgama train reached the station at 08.00 pm and was signaled to stop at a side track but due to some miscommunication between the station master and the driver, the train proceeded towards Aluthgama towards the impending disaster.

    Colombo bound train passed Payagala obtaining instruction that the crossing would happen in Kalutara south.

    The Collision
    The two trains collided at 58 post bend in Wettumakada, Katukurunda. A mere 02 km from the Kalutara south station. The trains were traveling at the speed of 20 mph and 35 mph and the sound of the collision is said to have been heard in Dodangoda (some 10km away) as well.

    The Matara train’s engine was completely derailed and turned upside down while the other one stayed on the track being fully damaged.

    karukurunda train accident
    The accident took place on this culvert | Photo Copyright (Megaā Hike)
    Both drivers died of injuries sustained and the total death toll was 28 including the staff and passengers. Had this happened today the death toll could have been much worse due to a large number of people who travel on trains. To date, this accident retains the record of highest death toll incurred in a rail accident in Sri Lanka.

    katukurunda railway accident
    The location where the accident took place today. Another track is being constructed till Aluthgama. Photo Copyright (Megaā Hike)

    This page can't load Google Maps correctly.
    Do you own this website? OK
    Aftermath
    An investigation spearheaded by Lt. Col. F.R.H. Eustace of Indian Railway was conducted after a failed government investigation. The exact cause of the accident was, however, never uncovered because the railway staff from both trains were dead. Various speculations still circulate over the drinks as to what could’ve happened in those old time where no means of communication
    existed.

    මේ කතාව අනුව මේ අනතුරට හේතුව කියවෙන්නේ නැහැ. මා අසා තියන පරිදි මෙහි කියවෙන අලුත්ගම දුම්රියේ රියදුරුට ඉදිරියට (පයාගලට) යාමට දකුණු කළුතරදී ටැබ්ලට් එක දීලා. නමුත්, මේ දුම්රිය ප්‍රමාද නිසා, දුම්රිය මාරුව කළුතරදී සිදු කරන්න අවසර ඉල්ලුවාම, අවසර අරන් තියෙන්නේ ඔවුනට ලබා දුන් ටැබ්ලට් එක කළුතර දුම්රිය ස්ථානාධිපති ආපසු අරගෙනයි. එවිට රියදුරු හෝ සහායක ඇන්ජිමේ ඉඳලා නැතිලු (දෙන්නාම බැහැලා වැසිකිලියට ගියා කියලා කිව්වාට ෂොට් එකක් දාන්න ගියා කියලා තමයි කියවෙන්නේ.) ඔවුන් ආපසු පැමිණි විට මේ ගැන දැන්වීමට සිතා සිටියත්, ඔවුන් දෙදෙනා කොහෙන් හෝ එකපාරටම මතුවී, දුම්රිය ඉදිරියට ධාවනය කරවූ බවත්, කිසිවෙකුට දුම්රිය ඇන්ජිමට ගොඩ වීමට හෝ ඔවුන්ගේ අවධානය යොමු කර ගැනීමට නොහැකි උන බවත් කියවෙනවා. ඔවුන් ඉදිරියට යන්නේ ටැබ්ලට් එක නොමැතිවයි. නමුත් ස්ථානාධිපති ඒක ආපසු අරගත්ත බව රියදුරන් දෙදෙනාම දැකලා නැහැ. මේ කියන්නේ රාත්‍රී 8. 0 ට පමණ නිසා ටැබ්ලට් එක එන්ජිමේ ඊට අදාළ කොක්කේ නැති බවත් ඔවුන් දැකලා නැහැ.
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    FB එකේ ඔයවිදියටම පොස්ට් එක තියනවා. උබ FB එකෙන් ඉස්සුවද. එහනම් යටින් දාපන් මොන page එකෙන්ද ගත්තේ කියලා.
    නැත්නම් මේක උස්සලා FB දාලද?