ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය

    මෙම ලිපිය වයස 14ට වැඩි ඕනෑම කෙනෙක්ට කියවිය හැක.

    හැඳින්වීම

    ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය යන්න ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් කැපීම , ස්ත්‍රීන්ගේ චර්ම ජේදනය යන නම් වලින්ද හැඳින්වේ. මෙහිදී ස්ත්‍රියගේ බාහිර ලිංගික අවයව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම හෝ ලිංගික අවයව වලට තුවාල කිරීම සිදු කරයි. විවිධ හේතූන් මුල් කරගෙන දෙමාපිය කැමැත්ත මත විවිධාකාරයෙන් බොහෝරටවල මෙම ක්‍රියාදාමය සිදු කරයි.ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශනයන් සිදු කරනු ලබයි. ජාත්‍යන්තර මෙන්ම ප්‍රාදේශීය හා දේශීය වශයෙන්ද ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය වැළැක්වීම සඳහා සම්මුති හා නීති පනවා තිබේ

    ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය

    සංස්කෘතිමය හා වෛද්‍යමය නොවන හේතුන් සඳහා ස්ත්‍රියකගේ ලිංගික අවයව සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම් හෝ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව වලට සිදු කරන අනෙකුත් තුවාල කිරීම් හා සම්බන්ධ සියලුම ක්‍රියාදාමයන් ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය / කැපීම ලෙස හඳුන්වනු ලැබේ.
    ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය ලෝකය පුරා විවිධ ප්‍රදේශ වල විවිධ ජනවර්ග අතර විවිධාකාරයෙන් සිදුවේ. මේ සඳහා කාන්තාවන් මිලියන 100 - 140 ක ප්‍රමාණයක් භාජනය වී තිබේ. සෑම වසරකම මිලියන 2 ක ප්‍රමාණයක ගැහැණු ළමයි මෙම අවධානමට මුහුණ දෙති. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය බොහෝ වශයෙන් ව්‍යාප්ත වී තිබෙන්නේ අප්‍රිකාවේ නැගෙනහිර , බටහිර හා වයඹ ප්‍රදේශවල වේ. මැත කාලයේ ආසියා හා මැදපෙරදිග රටවල මෙන්ම ඇමරිකාවේ හා බටහිර රටවල පදිංචියට පැමිණි සංක්‍රමණිකයන් අතරද මෙම තත්ත්වය දක්නට ලැබේ.
    ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයේ ආරම්භය අපැහැදිලිය. ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයන් අතර හට ගෙන තිබේ. ඊජිප්තියානු මමීවල ස්ත්‍රී ලිංගික අවයව ජේදනය සිදු කර ඇති බවට පැහැදිලි ලක්‍ෂණ දක්නට ලැබේ. ඉතිහාසඥයන් දක්වන්නේ 15 වැනි ශතවර්ෂයේදී ඉතියෝපියාවේද මෙය පැවති බවයි. මීට අමතරව අප්‍රිකාව , පිලිපීනය , ඇමේසන් , ඕස්ට්‍රේලියාව , රෝමය හා අරාබිය යන රටවලද මෙම ක්‍රියාදාමය පැතිරී තිබී ඇත.
    මෙම කාර්යය , ගැහැණු ළමයකුගේ වයස අවුරුදු 7 -10 අතර කාලයේදී බොහෝ විට සිදු කරනු ලබයි. ඔවුන්ගේ ළමා කාලයේදී , වැඩිවියට පත් වූ පසු හෝ ඇතැම් විට විවාහක කාලයේදී , පළමු ගර්භනී කාලය අතර තුර , පළමු දරු උපතට පසුව මෙසේ ලිංගික අවයව ජේදනය සිදුකරයි. ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය සිදු කරන ආකාර ඒ ඒ ජන වර්ග වල සම්ප්‍රදායන් අනුව වෙනස් වේ.
    ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය විවිධ කාරණා හේතු කොට ගෙන සිදුවේ. එනම්, කාන්තාවන් ලිංගිකව හැසිරීම , තෘප්තිය , සීමා කිරීම , ලිංගිකව එක් වීමේදී පුරුෂයාට උපරීම ලිංගික තෘප්තියක් ලබා ගැනීම යනාදිය සඳහාය. එසේම සමාජය හා සංස්කෘතිය හා බැඳුණු මිත්‍යා මතවාදයන් මුල්කරගෙනද (එනම්, කාන්තාවන්ගේ භගමණිය නොකැපුවොත් පුරුෂ ලිංගය වර්ධනය වීම , ලිංගික අවයව කැපීම මගින් ළමයින්ට නොමැරී ජීවත් වීමට හැකියාව ලැබීම වැනි දේ.... ) පිරිසිදු බව , ආරක්‍ෂාව හා සුන්දරත්වය වැනි හේතුන්ද ( එනම්, කාන්තාවන්ගේ බාහිර ලිංගික අවයව අපිරිසිදු හා කැත ලෙස සළකා ආරක්‍ෂාව හා සුන්දරත්වය සඳහා ඉවත් කළ යුතු ලෙස සළකයි.) ආගමික බලපෑම් හා සමාජයයීය හා ආර්ථික හේතුන්ද බලපානු ලැබේ. ගැහැණු ළමයකුගේ ලිංගික අවයව ජේදනය කිරීම ඇගේ විවාහය සදහා පූර්ව සුදුසුකමක් ලෙස සළකන අතර ගැහැණු දරුවන් සිටිනා දෙමව්පියෝ තම දරුවන්ගේ ලිංගික අවයව ජේදනය කරති.
    මෙම කර්තව්‍ය සඳහා ඒ ඒ ජනවර්ග අතර තෝරා ගත් පුද්ගලයෝ සිටිති. වින්නඹු කාන්තාවන් , සාම්ප්‍රදායිකව සෞඛ්‍ය පිළිබඳව ක්‍රියාකරන්නන් , කරණවෑමියන් , ඒ සඳහා සිටින්නාවූ රහසිගත සාමාජිකයින් , කාන්තා නෑදෑයින් , ජනවර්ග අතර සිටින්නාවූ සාම්ප්‍රදායික වෛද්‍යවරුන් , අහිගුන්ඨක ගැහැණුන් විසින් සිදු කරනු ලබයි.
    ලිංගික අවයව ජේදනය කිරීම සඳහා කිසිදු වෛද්‍ය උපකරණයක් භාවිතා නොකරයි. ඒ සදහා විශේෂ පිහි , කතුරු , කුඩා පිහි , වීදුරු කැබලි , බ්ලේඩ් , දැලි පිහි , තියුණු ගල් පතුරු ආදිය භාවිතා කරන අතර කිසිදු විෂබීජ හරණයක් හෝ නිර්වින්දනයක් සිදු නොකර ස්ත්‍රියව සජීවීව මෙම ක්‍රියාදාමයට යොමු කරනු ලබයි. මෙම ක්‍රියාවලියේ දැඩි බව අඩු හෝ වැඩි වශයෙන් තීරණය වන්නේ භූගෝලීය වෙනස්කම් වලට අනුව සහ ඒ ඒ ප්‍රාන්තවල පවතින සංස්කෘතික ක්‍රියාදාමයන් අනුවය. අනතුරුව සති 10- 14 කාලයක් කකුල් එකට එක් කර සෙලවීමට නොහැකි වන පරිදි ගැට ගසනු ලබයි. මෙසේ කරන්නේ ඇයට සිදුවී තිබෙන තුවාල සුව වීම සඳහා බව දක්වයි.
    ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය මෙවැනි පසුබිමක් තුළ සිදු වීම නිසා අධික රුධිර වහනය , කම්පනය ,පිළිකා ඇති වීම , පිටගැස්ම , කැලැල් හට ගැනීම , මුත්‍රා හා ඔසප් රුධිරය පිටවීමේදී ඇතිවන අක්‍රමිකතා , වඳභාවය (සුඩානයේ චර්ම ජේදනය හේතුවෙන් කාන්තාවන් 25% ක් වඳභාවයට පත් වී ඇති බව දක්වයි. ) , මුත්‍ර මාර්ගයේ තදබල ආසාදන , මුත්‍රා ගල් ඇති වීම , වකුගඩු වලට හානි සිදු වීම ,ඒඩ්ස් වැළඳීම, පළමු ලිංගික එක් විමේදී අධික වේදනාව වැනි තත්ත්වයන් ඇතිවේ. Infibulated කාන්තාවන්ට ලිංගිකව එකතු වීමේදී මසා තිබෙන Labia majora විවෘත කිරීමට සිදු වන අතර බොහෝවිට පුරුෂයා විසින් පිහියකින් කපා දමනු ලබයි. මෙම තත්ත්වය නැවත විවිධාකාර රෝගී තත්ත්වයන් ඇති කිරීමට හේතු වේ. දරු උපතකට පසු නැවත මසා දමනු ලැබේ.
    එසේම මෙම නිසා මාතෘ හා ළමා මරණ සිදුවීමේ ප්‍රවණතාවක් පවතී. ලෝක සෞඛ්‍ය සංවිධානය කරන ලද විමර්ශනයකට අනුව අවයව ජේදනය සිදු කරන ආකාර වලින් (මෙම ක්‍රම පසුවට විස්තර කරනු ලැබේ.) පළමු ක්‍රමයේදී 15% ද දෙවන ක්‍රමයේදී 32% ද තෙවන ක්‍රමයේදී 55% ද ළමා මරණ ඇති වීමේ අවධානමක් පවතී. තෙවන ක්‍රමයට මුහුණදුන් කාන්තාවන් 30% කටම ශල්‍යකර්ම මාර්ගයෙන් දරුවන් බිහි කිරීමට සිදු වී තිබේ. ලිංගික අවයව ජේදනය නොකරපු අය සමග සැසඳීමේදී රුධිර වහනය 70% කින් වැඩිය. කාන්තාවන්ගේ ලිංගික අවයව කැපීම නිසා අප්‍රිකාවේ මව්වරු සහ දරුවන් දාහකට 10 - 12 අතර ප්‍රමාණයක් උපතේදීම මිය යන බවට තක්සේරු කර ඇත.
    එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ඊට අනුබද්ධ ආයතන දක්වන්නේ ස්ත්‍රීන්ගේ ලිංගික අවයව ජේදනය හේතුවෙන් කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ මානව හිමිකම් උල්ලංගනය වන බවයි. ජීවිතයට ඇති අයිතිය, කෲර වධහිංසා වලින් නිදහස් වීමට ඇති අයිතිය , සෞඛ්‍යට හා ආරක්‍ෂාවට ඇති අයිතිය , ළමා අයිතීවාසිකම් වැනි මූලික හා මානව හිමිකම් උල්ලංගනය වේ. මෙවැනි හේතුන් නිසා එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනයට එරෙහි ජාත්‍යන්තර දිනය වශයෙන් දෙසැම්බර් 06 නම් කරන ලදී.


    ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය සිදු කරන ආකාරය

    ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් කොපමණ ජේදනය කරනවාද යන්න එක් එක් ජනවර්ගවල සම්ප්‍රදායන් හා සංස්කෘතීන් මත පදනම් වේ. ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කරන්නාවූ ප්‍රමාණය අනුව විවිධ වර්ගීකරණයන්ට මෙම ක්‍රියාදාමය බෙදා ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව විමර්ශනයන් සිදු කර ජේදනය කරන ආකාර කිහිපයක් පෙන්වා දේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්ගීකරණය

    ලෝක සෞඛ්‍ය සංවිධානය ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය සිදු කරන ප්‍රධාන ආකාර හතරක් පෙන්වා දෙයි.

    පළමු ක්‍රමය
    200px-Type_i_-_Clitoridectomy.gif


    භගමණිය (Clitoris) සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම සහ / හෝ භගමණියේ වැස්ම (clitoral hood) ඉවත් කිරීම සිදු වේ. මෙහි අනු කොටස් දෙකකි. එනම්,
    1. හගමණියේ වැස්ම හෝ prepuce පමණක් ඉවත් කිරීම.
    2. prepuce සමඟ භගමණිය ඉවත් කිරීම.

    දෙවන ක්‍රමය
    200px-Type_ii_-_Clotoridectomy%28Excision%29after_Hemostatic_Stitching.gif


    labia majora ජේදනය කර හෝ නැතිව, භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් සහ labia minora ඉවත් කිරීම සිදු වේ. මෙම අවස්ථාව "ජේදනය කිරීම" ලෙස හඳුන්වයි. මෙහි අනු කොටස් තුනකි. එනම්,
    1. labia minora පමණක් ඉවත් කිරීම.
    2. භගමණිය සම්පූර්ණයෙන්ම හෝ කොටසක් සහ labia minora ඉවත් කිරීම.
    3. භගමණිය, labia minora සහ labia majora සම්පූර්ණයෙන්ම හෝ කොටසක් ඉවත් කිරීම.

    තෙවන ක්‍රමය
    200px-Type_iii_-_Total_Infibulation.gif


    යෝනි විවරය පටු වන පරිදි එය වැසී තිබෙන කොටස් කපා, භගමණිය ජේදනය කර හෝ නැතිව, labia minora සහ / හෝ labia majora එක්කර මසනු ලබයි. මෙය "INFIBULATION" ලෙස හඳුන්වයි. මෙම ක්‍රමය ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ඉතා අමානුෂික මෙන් බරපතලම ක්‍රමය වේ. මෙහිදී labia majora හි අතුළත සහ සම්පූර්ණ labia minora ද ඇතුළත්ව බාහිර ජනනේන්ද්‍රිය කොටස් විශාල ලෙස ඉවත් කෙරෙයි. අනතුරුව මුත්‍රා හා ඔසප් රුධිරය වහනයට පමණක් කුඩා සිදුරක් තබා labia majora කටු ගැසීමෙන් හෝ මැසීමෙන් එකට යා කර යෝනි විවරය වසා දමනු ලබයි. ඉන්පසු ස්ත්‍රියගේ කකුල් එකට එක් කර ගැට ගසා සති 10 - 14 නොසෙල්වන සේ තබනු ලබයි. මෙසේ කරනු ලබන්නේ ඇය සෙලවීමෙන් වැලැක්වීමට හා යෝනි මුඛයේ තුවාල සුව වීම සඳහාය. මෙම ක්‍රමය ගැහැණු දරුවකු වැඩිවියට පත් වීමට පෙර සිදු කරනු ලබයි.වින්නඹු කාන්තාවෝ මේ සඳහා කිසිදු නිර්වින්දන ක්‍රමයක් භාවිතා නොකරති. ඔවුහු සෑම සතියකටම වරක් පරික්‍ෂා කරන අතර අවශ්‍ය අවස්ථා වලදී මැසූ යෝනි විවරය විවෘත කරති.

    de - infibulation
    200px-Deinfibulation_Procedure.gif


    මෙහිදී ලිංගිකව එක් වීමට හා දරු ප්‍රසූතියට බාධාවක් ඇති කරනු ලබයි. Infibulated කාන්තාවන්ට ඇගේ පළමු විවාහ රාත්‍රියේදී මසා දමනු ලැබූ යෝනි විවරය විවෘත කිරීමට සිදු වන අතර එය සැමියා හෝ ඒ සඳහා වගකීමක් ඇති කෙනෙකු විසින් සිදු කරනු ලබයි. මෙහිදී අධික රුධිර වහනය , කම්පනය , අධික වේදනාව, රෝග ඇති වීම යනාදියට මුහුණ දීමට සිදුවේ. දරු ප්‍රසූතියේදී දරුවා බිහි වීමට මසන ලද යෝනි විවරය කුඩා හෙයින් නැවත යෝනි විවරය විවෘත කිරීමට සිදුවේ.

    re - infibulation
    දරු ප්‍රසූතිය සඳහා විවෘත කරන ලද යෝනි විවරය දරු ප්‍රසූතියෙන් පසු නැවත යෝනි විවරය කුඩා වන පරිදි වසා දමනු ලබයි. නැවත කකුල් ගැට ගසා සුව වීමට ඉඩ හරියි. දරු ප්‍රසූතිය රෝහලකදී සිදු වුවොත් වෛද්‍යවරු ප්‍රසූතියට සරිලන සේ යෝනි විවරය කපා විවෘත කරන අතර නැවත එය වසා දමන ලෙස රෝගියා විසින්ම ඉල්ලා සිටිනු ලබයි.

    සිව්වන ක්‍රමය
    අනෙකුත් විවිධාකාරයෙන් සිදු වන ලිංගික අවයව ජේදනය කිරීම් මීට අයත් වේ. මෙහිදී යෝනියේ අවයව ඉවත් කිරීමක් සිදු නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය සිව්වන ක්‍රමය ලෙස නිර්වචනය කරන්නේ, වෛද්‍ය අරමුණක් සඳහා නොවන ස්ත්‍රියකගේ ලිංගික අවයව වලට සිදු කරන සියලුම ආකාරයේ හිංසනීය ක්‍රියාවන් ලෙසයි. එනම් ,භගමණියට ඉදිකටු හෝ කූරු වලින් ඇනීම , හිල් කිරීම , යෝනිය කැපීම , ඇදීම ,යෝනි විවරය අවට සම සීරීම , ගිනියම් කළ ආයුධ වලින් පිළිස්සීම , යෝනිය ඉරීම ,ලේ ගැලීමට හා විවෘත වීමට ඉඩක් නැති වීම සඳහා යෝනිය තුළට විවිධ දේවල් ඇතුළත් කිරීම ආදිය වේ. මෙය හුදකලාවූ ජනවර්ග අතර දක්නට ලැබෙන අතර ඇතැම් විට අනෙකුත් ක්‍රම හා සම්බන්ධ වී භාවිතා වීමක්ද දක්නට ලැබේ.



    ස්ත්‍රීන්ගේ ජනනේන්ද්‍රිය කොටස් ජේදනය කිරීමට එරෙහිව පවතින ප්‍රධාන ජාත්‍යන්තර හා ප්‍රාදේශීය සම්මුතීන් හා ආයතන

    ජාත්‍යන්තර සම්මුතීන්
    මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය (1948)
    සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (1966)
    ආර්ථික, සමාජයයීය හා සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (1966)
    කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ සම්මුතිය (1979)
    කෲර, අමානුෂික අවමන් සහගත සැළකිලි හා දඬුවම් වලට එරෙහි සම්මුතිය (1984)
    ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (1989)
    මානව හිමිකම් පිළිබඳ විශ්ව සම්මේලනයේ වියානා ප්‍රකාශනය (1993)
    කාන්තාවන්ට එරෙහි හිංසන පිටු දැකීමේ ප්‍රකාශනය (1993)

    ප්‍රාදේශීය සම්මුතීන්
    මානව හිමිකම් හා මූලික නිදහස සුරැකීමේ යුරෝපියානු සම්මුතිය (1950)
    මානව හිමිකම් පිළිබඳ ඇමරිකානු සම්මුතිය (1978)
    මානව හා මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තිය (1981)
    ළමා අයිතිවාසිකම් හා සුභසාධනය පිළිබඳ අප්‍රිකානු ප්‍රඥප්තිය (1990)
    අප්‍රිකානු කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රොටකෝලය (2003)

    ආයතන
    කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් පිටු දැකීමේ කමිටුව
    මානව හිමිකම් කමිටුව
    ආර්ථික, සමාජයයීය , සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ කමිටුව
    ළමා අයිතිවාසිකම් පිළිබඳ කමිටුව
    ක්‍රියාකාරිත්වය සඳහා වූ කයිරෝ සම්මේලනය
    Beijing Declaration and Platform for Action of the Forth World Conference on Women,Beijing,Chaina,4-15September 1995
    UNESCO Universal Declaration on Cultural Diversity,adopted 2 November 2001
    Convention on the Protection of the Diversity of Cultural Expressions,adopted October 2005
    United Nations Economic and Social Council(ECOSOC),Commission on the Status of Women.Resolution on the Ending of Female Genital Mutilation (March 2007)


    වාරිස් ඩයිරි

    150px-Waris_Dirie.jpg


    1965 දී සෝමාලියානු කාන්තාරයක එඬේර පවුලක උපත ලද වාරිස් ඩයිරි, වයස අවුරුදු 5 දී ඇගේ ජනනේන්ද්‍රිය කොටස් ඉවත් කිරීමේ ක්‍රියාවලියට මුහුණ දුන්නාය. එහිදී අහිගුණ්ඨක ගැහැණියක් විසින් ඇගේ යෝනි තොල් කපා යෝනි විවරය කුඩා වන පරිදි මසන ලදී. තෙවන ක්‍රමය අනුගමනය කර ඇත. පියා විසින් අවුරුදු 61ක මිනිසකුට විවාහ කර දීමට යාම නිසා අවුරුදු 13 දී නිවසින් පැන ගියාය. පසුව ඇය ජගත් මෝස්තර නිරූපිකාවක් වූවාය. පසු කලකදී වාරිස් ඩයිරි ශල්‍යකර්මයක් මගින් මසන ලද යෝනි විවරය විවෘත කර ගත්තාය. ඩනා නම් පුද්ගලයකු සමඟ විවාහ වන වාරිස් 1997 දී අලීකී නම් පුතකු ලැබුවාය. ඇගේ ජීවිත කතාව රැගත් "A Healing Journey" නම් වාර්තා චිත්‍රපටය විකාශනය වීමෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස් Kofi Annan විසින් වාරිස් ඩයිරි කාන්තා ජනනේනද්‍රිය කොටස් සුන්නත් කිරීම තුරන් කරලීම සඳහා ක්‍රියාකාරී වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ විශේෂ තානාපතිවරියක ලෙස පත්කරන ලදී. එසේම ඇය කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ හිංසනයන් දුරුකරලීම සඳහා වන සටනේ නායිකාවද වන්නීය. 2007 වසරේදී ඇගේ මානුෂීය කාර්යයන් වෙනුවෙන් "Chevalier de la Legion d'honneur" නම් සම්මානය ලැබුවාය.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ගල්පාත මහත්තයා;11014404 said:
    චාරිස් ඩයිරි ගැන ලියැවුනු පොත
    මම ඊයේ කියවලා ඉවරකලේ,
    ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්
    දුකත් ගොඩක් මුසු වුණු
    :yes:

    සෙල්ලං නෑ ආ,,,
    හොඳ වෙලාවට පිරිමි උනේ අපි :rolleyes::rolleyes:
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ඇත්තටම මේක නම් කනගාටු දායක තත්වයක්..:dull: පිරිමියකුට වගේම ගැහැනියෙකුටත් සම්පූර්ණ අයිතිය තියෙනවා ලිංගික සන්සර්ගයේ උපරිම ආශ්වාදය ලබා ගැනීමට..:frown:
    මේ වගේ මෝඩ, බාල, හනමිටි පරම්පරාගත අදහස් නිසා ඔවුන්නේ ඒ අයිතිය නැතිවෙනවා..:( ඒක හරිම ඛේදජනක දෙයක්...:sorry:
    ලොකුම අවාසනාව මේ තරම් සීග්‍රයෙන් දියුණු වන ලෝකයෙත් මේ වගේ දේවල් සිද්ද වෙන එක...:growl::growl:


    ස්තුතියි මිත්‍රයා තොරතුරු වලට... :)
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇත්තටම මේක නම් කනගාටු දායක තත්වයක්..:dull: පිරිමියකුට වගේම ගැහැනියෙකුටත් සම්පූර්ණ අයිතිය තියෙනවා ලිංගික සන්සර්ගයේ උපරිම ආශ්වාදය ලබා ගැනීමට..:frown:
    මේ වගේ මෝඩ, බාල, හනමිටි පරම්පරාගත අදහස් නිසා ඔවුන්නේ ඒ අයිතිය නැතිවෙනවා..:( ඒක හරිම ඛේදජනක දෙයක්...:sorry:
    ලොකුම අවාසනාව මේ තරම් සීග්‍රයෙන් දියුණු වන ලෝකයෙත් මේ වගේ දේවල් සිද්ද වෙන එක...:growl::growl:


    ස්තුතියි මිත්‍රයා තොරතුරු වලට... :)

    අනේ මන්ද. මිනිස්සුන්ගේ අන්ද විශ්වාසය තමයි ඔය :dull::dull:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අද ලෝකය ඉන්නේ 21 වන සියවසේ,එහෙම ඉදලත් මේ වගේ නුගත් වැඩ කෙරීම කොහොමත් අනුමත කල නොහැකිය.ඒ අතින් බැලුවම ලංකාවේ කියන රටේ ඉපදීමට ලැබීමත් වාසනාවක්,මොකද මේවගේ වැඩ ලංකාවේ නොකෙරෙන නිසා.
    එල පොස්ට් +රේප් සහෝදරයා,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    owa mahanna yan natuwa tamanga hita palanaya karagattanam iwarane.
    aniwa machan :yes::yes:
    අම්මො
    :baffled::baffled:
    උබටත් සෙට් වෙන්නේ මාර ලිපි තමා....කොහොම උනත් වැදගත්....තැන්ක්ස් මචෝ
    :rolleyes::rolleyes::rolleyes:
    අද ලෝකය ඉන්නේ 21 වන සියවසේ,එහෙම ඉදලත් මේ වගේ නුගත් වැඩ කෙරීම කොහොමත් අනුමත කල නොහැකිය.ඒ අතින් බැලුවම ලංකාවේ කියන රටේ ඉපදීමට ලැබීමත් වාසනාවක්,මොකද මේවගේ වැඩ ලංකාවේ නොකෙරෙන නිසා.
    එල පොස්ට් +රේප් සහෝදරයා,
    ela ela macho. thanks
    ela ela
    :oo::oo::oo: