ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයක් ගෙ&
ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයක් ගෙන ආ හැකියි
බිඟුන් මේනක ගමගේ
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය නිවැරැදි යැයි ද ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවකට ඡන්දය විමසීමට හැකි යැයි ද පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
කතානායක කරු ජයසූරිය මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය ස්ථාවර නියෝගවලට අනුකූල යැයි ද සෙනෙවිරත්න මහතා අවධාරණය කළේය.
ස්ථාවර නියෝග අත්නොහිට වූ තත්ත්වයකදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ආකාර සම්බන්ධයෙන් ‘ලංකාදීප’ සමග සාකච්ඡාවට එක්වෙමින් සෙනෙවිරත්න මහතා කීය.
නිහාල් සෙනෙවිරත්න මහතා 1981 සිට 1994 දක්වා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරුවේය.
ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවක් අනුමත කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි යැයි රජයේ කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පසුගියදා චෝදනා කළේය.
- http://www.lankadeepa.lk/latest_news/ස්ථාවර-නියෝග-අත්හිටුවා-විශ්වාසභංගයක්-ගෙන-ආ-හැකියි/1-540663

නිහාල් සෙනෙවිරත්න මහතා 1981 සිට 1994 දක්වා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරූ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු ඒ කාලය පුරා අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ලෙසද කටයුතු කර තිබේ. හෙතෙම පේරාදෙණිය සරසවියෙන් නීති උපාධිය ලැබූ අයෙක් වන අතර 1987 දී විමල් වීරවංශගේ මස්සිනා පාර්ලිමේන්තුවට ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී අනූ නමයෙන් දිවි ගලවා ගත් අයෙකි.
මේ අනුව ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවක් අනුමත කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි යැයි මරා-සිරා ජුන්ටාව පොළොවේ හැපි හැපී පැවසීම විහිළුවක් නොව තක්කඩි කමකි. - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2142031322528688/
Last edited:

පොංගලයා..