ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයක් ගෙ&

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයක් ගෙ&

    ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංගයක් ගෙන ආ හැකියි

    බිඟුන් මේනක ගමගේ

    පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ ආකාරය නිවැරැදි යැයි ද ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවකට ඡන්දය විමසීමට හැකි යැයි ද පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයකු වන නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.

    කතානායක කරු ජයසූරිය මහතා විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අනුගමනය කර ඇති ක්‍රියාමාර්ගය ස්ථාවර නියෝගවලට අනුකූල යැයි ද සෙනෙවිරත්න මහතා අවධාරණය කළේය.

    ස්ථාවර නියෝග අත්නොහිට වූ තත්ත්වයකදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු යැයි ද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ආකාර සම්බන්ධයෙන් ‘ලංකාදීප’ සමග සාකච්ඡාවට එක්වෙමින් සෙනෙවිරත්න මහතා කීය.

    නිහාල් සෙනෙවිරත්න මහතා 1981 සිට 1994 දක්වා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරුවේය.

    ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවක් අනුමත කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි යැයි රජයේ කැබිනට් සමමාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා පසුගියදා චෝදනා කළේය.

    - http://www.lankadeepa.lk/latest_news/ස්ථාවර-නියෝග-අත්හිටුවා-විශ්වාසභංගයක්-ගෙන-ආ-හැකියි/1-540663

    නිහාල් සෙනෙවිරත්න මහතා 1981 සිට 1994 දක්වා පාර්ලිමේන්තුවේ මහලේකම් ධුරය දැරූ රාජ්‍ය පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. ඔහු ඒ කාලය පුරා අගමැතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක ලෙසද කටයුතු කර තිබේ. හෙතෙම පේරාදෙණිය සරසවියෙන් නීති උපාධිය ලැබූ අයෙක් වන අතර 1987 දී විමල් වීරවංශගේ මස්සිනා පාර්ලිමේන්තුවට ග්‍රෙනේඩ් ප්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේදී අනූ නමයෙන් දිවි ගලවා ගත් අයෙකි.

    මේ අනුව ස්ථාවර නියෝග අත්හිටුවා විශ්වාසභංග යෝජනාවක් අනුමත කිරීම ස්ථාවර නියෝගවලට පටහැනි යැයි මරා-සිරා ජුන්ටාව පොළොවේ හැපි හැපී පැවසීම විහිළුවක් නොව තක්කඩි කමකි.
    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2142031322528688/
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    F03Cgzk.png
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    රීති අත්හිටුවා විශ්වාසභංගය ගෙනඒමට හැකි බව එ.ජ.නි.ස පිළිගෙන තිබේ

    POSTED ON NOVEMBER 15, 2018 BY GAYANTHA - ARUNA NEWS PAPER

    14වෙනිදා පෙරවරු 8.30ට කතානායකවරයා විසින් කැඳවා තිබූ පක්ෂ නායක රැුස්වීමට පක්ෂ නියෝජිතයින් සියලූ දෙනාම පැමිණ සිටියහ. ”ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ප‍්‍රකාශයක් කරනවාදැයි” ජවිපෙ නායකයා විමසීය. ජනාධිපතිවරයා නොඑන බව දිනේෂ් ගුණවර්ධන පැවසීය.

    අනතුරුව තම පක්ෂය විසින් නීති විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ලෙස පත්කළ අගමැතිවරයාටත් කැබිනට් මණ්ඩලයටත් ආණ්ඩුවටත් එරෙහිව විශ්වාශභංගයක් ඉදිරිපත් කරන බවද පක්ෂ නායක රැුස්වීමේදී අනුර දිසානායක දැනුම් දුන්නේය. එදින සභාවේ න්‍යාය පත‍්‍රය තීරණය කිරීම මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්තෙන් සිදුකළ යුතු බවද තීරණය විය.

    මේ අතර පක්ෂ නායක රැුස්වීම අවසන්වී එළියට එන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප‍්‍රබල ඇමතිවරයෙක් අනුරට කියා සිටියේ ”ඔයාලට පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවල විශ්වාශභංගය ගේන්න පුළුවන්. එහෙම පාර්ලිමේන්තු සම්ප‍්‍රදායක් තියෙනවා” ලෙසය.

    14වෙනි දින පෙරවරුවේ විජිත හේරත්ගේ සහ අනුර දිසානායකගේ අත්සනින් විශ්වාසභංගය කතානායකවරයාට බාරදෙනු ලැබීය. කෙසේ වෙතත් එදින පාර්ලිමේන්තු සභාව ගාලගෝට්ටියක් වූ අතර පාර්ලිමේන්තුවේ රීති අත්හිටුවීමේ යෝජනාව සම්මත් වූ නිසා ජවිපෙ නායාකයා විසින් විශ්වාසභංගය කියවීය. අනතුරුව එය විවාදයට ගත යුතු වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරු එයට ඉඩ නොදුන්හ.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පිහිටුවාගත් ආණ්ඩුවට බහුතර මන්ත‍්‍රීන් සංඛ්‍යාවකගේ කැමැත්ත ලබාගත නොහැකි බව හැගී යන බව කතානායකවරයා ප‍්‍රකාශයට පත්කළේය. මේ අතර විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ බහුතරයක් මන්ත‍්‍රීවරුන් විසින් සම්මත කළ අතර වැඩිදුර කටයුතු සඳහා මන්ත‍්‍රීවරුන් 122කගේ අත්සන් යොදා විශ්වාසභංගය තහවුරු කළේය. විශේෂත්වය වූයේ මහින්ද රාජපක්ෂට සහය පළකළ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකුද විශ්වාසභංගයට අත්සන් කිරීමය.

    මෙයින් රාජපක්ෂ අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුවට බහුතරය නැති බව දැන් සනාථ වී හමාරය.

    - http://www.aruna.lk/රීති-අත්හිටුවා-විශ්වාසභං/
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    මම හිතුවෙ ස්ථාවර තැන්පතු වලට UNP බල්ලො ගහපු බදු අයින් කරපු මහින්ද අායෙත් ඒ බදු ගහලා කියලා..
     
    මරල හරි ගමු..සිරා නිසානේ දින්නේ.පැරදි පැරදි පීචං වෙවී හිටිය කාලෙ අමතක කරන්න පුළුවන්ද...:rofl: