ස්ථූපය (කෙටි සටහනක්)
පෙර දිනයක ස්ථූප පිළිබඳව තැබූ සටහනකට ලද ප්‍රතිචාර නිසා මේ කෙටි ලිපිය සැකසීමට සිතුවෙමි.
ස්ථූප පිළිබඳව ලංකාවාසී ජනතාව තුළ ඇත්තේ විවිධාකාර මතවාදයන් ය. සමහරුන්ට අනුව ලංකාවේ පළමු ස්ථූපය මෙන්ම ලෝකයේ පළමු ස්ථූපය වන්නේ ගිරිහඬු සෑයයි. නමුත් බෞද්ධ සාහිත්‍යය තුළ සිදුහත් කුමාරයාගේ කෙස් නිධන් කොට ශක්‍ර දිව්‍යරාජයා විසින් සැකසූ ස්ථූපයක් ගැන ද සඳහන් වේ. කෙසේවෙතත් ගිරිහඬු ස්ථූපය ලොව පළමු ස්ථූපය ලෙසින් සැලකීමේ හැකියාව සමහරුට නැත. ලංකාවාසී බහුතරයක් සිතා සිටින්නේ ස්ථූප යනු බෞද්ධයන්ට පමණක් අයිති වස්තුවක් ලෙසිනි. නමුත් එය නොදන්නා කම නිසා ඇති කර ගෙන ඇති මතයකි. ස්ථූපය බෞද්ධයන්ට පමණක් අදාළ වන්නා වූ නිර්මාණයක් නොවන බව ප්‍රථමයෙන් කිව යුතු ය.
ලෝකය තුළ විවිධ හේතූන් නිසා ස්ථූප ලෙසින් හඳුන්වන්නේ නැති වුවද යම් පුද්ගලයන් ස්මරණය කිරීම සඳහා ඈත අතීතයේ සිටම පස් වලින් හෝ මැටියෙන් නැත්නම් ගල් වලින් හෝ වැලි වලින් කන්දක් මෙන් හැඩයට සැකසූ ගොඩනැගිලි නිර්මාණ සිදු කර ඇත. මේ පිළිබඳව ක්‍රි.පූ.8 සියවසේ පමණ සිට වාර්තා වේ. ලෝකය තුළ ‘ටුමුලුස්‘ යන නම මෙවැනි නිර්මාණ සඳහා භාවිතා කරයි. අදටත් මෙකී නිර්මාණ දැක ගැනීමට හැකියාව ඇත.
බුදුරජාණන්වහන්සේ පහල වීමට පෙර පවා මෙවැනි ආකාරයේ නිර්මාණ ලෝකය තුළ තිබිණි. ඒ සියළු නිර්මාණවල අරමුණ වී ඇත්තේ යම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකුගේ මරණයෙන් පසු ඔහුව සිහි කිරීම සහ ඒ පුද්ගලයාට ගරු සම්මාන කිරීම ය. ත්‍රිපිටකය තුළ බුද්ධ කාලයට පෙර ස්ථූප වන්දනා කළ අයවලුන් ගැන ඕනෑ තරම් සඳහන්ව තිබේ. ඒ සඳහා අවශ්‍යතාවය ඇතියවුන් කළ යුත්තේ ථෙර ගාථා කොටස පරිශීලනය කිරීම ය. එවිට බුද්ධ කාලයට පෙර ස්ථූප තිබූ බවට එහි සඳහන්ව ඇති ආකාරය හඳුනා ගත හැක. කෙසේවෙතත් එකක් ඇත. මේ ස්ථූප පුරාවිද්‍යාත්මක කැණීම් හෝ පර්යේෂණ මගින් සොයා ගෙන නැත. ඒ පිළිබඳව ත්‍රිපිටකයේ සඳහන්වනවා පමණි. එනිසා සමහරක් විට සිංහල ජනතාව මේව පිළිගැනීමට සූදානම් නැතුවා වන්නට ඇතැයි සිතේ. එසේම ත්‍රිපිටකය තුළ බුදුරජාණන්වහන්සේ විසින් ම මූලිකත්වය ගෙන ස්ථූප සෑදවූ අවස්ථා ද දක්නට ලැබේ. නිදසුනක් ලෙස බාහිය දාරුචීරිය මහරහතන්වහන්සේ වෙනුවෙන් කළ ස්ථූපය සඳහන් කළ හැක. බුදුරජාණන්වහන්සේ මෙවැනි නිර්මාණ සිදු කළේ ඒ වන විටත් එවැනි නිර්මාණ ලොව තුළ පැවති නිසාවෙන් බව යම් ආකාරයක සිහි බුද්ධියක් ඇති අයකුට වැටහෙනු ඇත. කෙසේවෙතත් එවන් කරුණු ගැන උනන්දුවන්නකුට වැදගත් විය හැකි යැයි මට සිතෙන විස්තරයක් මෙහි සඳහන් කරමි.
ධම්මපදයේ මෙසේ ගාථා ද්විත්වයක් ඇත. ඒවායේ සිංහල අර්ථය ද එහි දක්වමි.
පූජාරහෙ පූජයතො බුද්ධෙ යදි ව සාවකෙ - පපඤ්චසමතික්කන්තෙ තිණ්ණසොකපරිද්දවෙ.
(ආමිස ප්‍රතිපත්ති දෙකින්) පිදීමට සුදුසු වූ, (තෘෂ්ණා දෘෂ්ටි මාන යන තුන්) ප්‍රපංචයන් මොනොවට ඉක්මියා වූ, ඉක්ම ගිය ශෝක පරිද්‍රව ඇති (හෙවත් ශෝකපරිද්‍රව දුඃඛයෙන් එතෙර ට ගියා වූ) බුදු පසේබුදුන් ද නොහොත් බුදුසව්වන් ද වන්‍දනමානනාදියෙන් සිවු පසයෙනුත් යමෙක් පුදා ද,
තෙ තාදිසෙ පූජයතො නිබ්බුතෙ අකුතොභයෙ - න සක්කා පුඤ්ඤං සඞ්ඛාතුං ඉමෙත්තමපි කෙනචි.
රාගාදි කෙලෙස්ගිනි නිවීමෙන් නිවුනු සිත් ඇති, කිසි බියෙකින් වත් අරමුණෙකින් වත් උවදුරක් නැත්තා වූ, එ බඳු (හෙවත් මෙකී ගුණෙන් යුත්) ඒ බුදු පසේබුදු සව්වන් (දිවමන් කල්හි ද පිරිනිවි කල්හි ද) පුදන්නහුගේ පින්කම් මේ මෙතෙකැ යි ගණින්නට කිසි පුද්ගලයකු විසිනුදු නො පිළිවනි.
මෙකී ගාථා පාඨ දේශනා කිරීමට බුදුරජාණන්වහන්සේ කටයුතු කලේ මෙවැනි හේතුවක් නිසාවෙනි. එනම් දිනක් උන්වහන්සේ සංඝයා වහන්සේලා සමඟ සැවැත් නුවර සිට බරණැස් නුවර කරා වඩිමින් සිටින අතර තුර තොද්‍යෙය ගමේ එක්තරා ගොඩනැගිල්ලක් අසල වැඩ සිට ඒ ගොඩනැගිල්ල බලා කියා ගන්නා බ්‍රාහ්මණයාට එහි පැමිණෙන ලෙසින් ආනන්ද හිමියන් මගින් පණිවිඩයක් යොමු කරන ලදි. එහි පැමිණි බ්‍රාහ්මණයා බුදුරජාණන්වහන්සේට ගරු සත්කාර නොකොට පෙර කී ගොඩනැගිල්ලට වැඳ පූජා කළේ ය. එසේ කිරීමේ හේතු විමසූ විට ඔහු බුදුරජාණන්වහන්සේට උත්තර දුන්නේ මෙම ස්ථානය අප පරම්පරාවෙන් ආ සෑ තැනකි, ගෞතමයන් වහන්ස එනිසා වන්දනා කරමි ලෙසිනි. එවිට බුදුරජාණන්වහන්සේ බ්‍රාහ්මණයාට ඔහු විසින් කළ සෑ වන්දනාවේ වටිනාකම පැහැදිලි කර දී ඔහු සතුටු කරවිය. මේ අසා සිටි සංඝයා වහන්සේලාට බුදුරජාණන්වහන්සේ විසින් බ්‍රාහ්මණයාව සතුටු කිරීම ගැන සැක මතුවිනි. එවිට බුදුරජාණන්වහන්සේ උන්වහන්සේලාගේ සැකය දුරු කරනු වස මජ්ජිම නිකායේ සඳහන් වන ඝටීකාර සූත්‍රය දේශනා කරනු ලැබීය. එසේම එම ස්ථානයේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ ධාතූ නිධන් කොට තනවා තිබූ සෑය රනින් නිර්මාණය කොට සංඝයා වහන්සේලාට පෙන්වා දුන් සේක. තවද මහා පරිනිර්වාණ සූත්‍රයේදී මෙන් ස්ථූප සෑදීම පිළිබඳව විස්තර කොට ශාරීරික - උද්දේසික සහ පාරිභෝගික ස්ථූපයන් පිළිබඳව විස්තර කර ධර්ම දේශනා කළහ. මේ අසා බ්‍රාහ්මණයා සෝවාන් වූ බව කියයි.
මෙකී ස්ථූපය ගැන ෆා හියන්ගේ මෙන්ම හ්‍යුත් සාංගේ වාර්තාවල සඳහන් ව තිබේ. අවශ්‍ය අයකුට ඒ කියවා බලා ගත හැක. ඔබට පහසුව සඳහා ෆා හියන් වාර්තා වල ලෙග්ගේගේ පරිවර්තනයේ 21 පරිච්ඡේදය බලන්න. තවද, දැනටත් නේපාලයේ කත්මණ්ඩු නිම්නයේ ඇති චාරුමතී ස්ථූපයේ කාශ්‍යප බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට ඇති බව සැලකේ. මෙම ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයකි.
මෙනිසා ස්ථූපය යන්න බුද්ධ කාලයට පෙර පටන්ම මිනිසුන් දැන සිටි විශේෂයෙන් ම බුදුරජාණන්වහන්සේ දැන සිටි නිර්මාණයක් බව පැහැදිලි ය. මේ මා කථා කලේ බෞද්ධ ස්ථූපය ගැන පමණි.
ජම්බුදීපය ලංකාවයැයි නැත්නම් බුදුරජාණන්වහන්සේ ලංකාවේ ජීවත් වූවා යැයි කියා සිටින නමුත් උන්වහන්සේගේ සමකාලීන ජෛන නිඝණ්ඨනාතපුත්ත ගැන කථා නොකරන තවත් කොටසක් ලංකාවේ සිටිති. ජෛන සාහිත්‍යයේ දී ද ස්ථූප ගැන සඳහන් වේ. මේ ගැනත් මෙහිදී කථා කල යුතු බව පෙනෙන්නේ මේවා නොදන්නා වූ පිරිසක් ද සිටින නිසාවෙනි. ඔබ නොදැනුවත් වූ විට ඔබට ‘ගොනා‘ කිරීමට ඕනෑ අයකුට පුළුවන.
මථුරාවේ කන්කලි ටිලාහි ‘දෙව් නිර්මිත ස්ථූප‘ නම් වූ ස්ථානයක් ඇත. මෙම ස්ථානය කැණීම්වලට ලක් කිරීමේ දී එය ජෛන ආගම සමඟ සම්බන්ධ ස්ථානයක් බවට හඳුනා ගෙන තිබේ. කන්කලි ටිලා වනාහි කන්දක් ස්වරූපයෙන් ඇති ස්ථානයකි. එයට ඒ නම ලැබී ඇත්තේ ඒ ආසන්නයේ මෑත කාලයේ සකස් කළ කන්කලි දේවතාවියකට අයත් දේවාලයක් නිසාවෙනි. වසර 3000 ක් පමණ පැරණි ජෛන ස්ථූපයක් මෙම ස්ථානයෙන් කැණීම් කරන්නෝ සොයා ගැනීමට සමත්ව තිබේ. මීට අමතරව තවත් විශාල පුරාවස්තු තොගයක් ඉන් හමු වී තිබේ. එම ස්ථානයේ ස්ථූප දෙකක් ඇති බවට මත පළ කරයි. මෙයින් හමුවූ මූර්ති ඇතුළු නිර්මාණ දැනට ලක්නව් සහ මථුරා කෞතුකාගාරවල තැන්පත් කර තිබේ. මේ සමඟ අමුණා ඇති අයාපත්ත නොහොත් වන්දනා පුවරු වලින් එකක ස්ථූපයකට වන්දනා කරන ආකාරය පැහැදිලිව දක්වා ඇත. එහි දැක්වෙන්නේ මථුරාවෙහි තිබූ එක් ජෛන ස්ථූපයකි. ජෛන සාහිත්‍ය තුළ ස්ථූප යන වචනය තනි වචනයක් ලෙසින් යෙදෙන්නේ නැත. එය තවත් වචනයක් සමඟ සම්බන්ධ වී යෙදේ. අචරංග් සූත්‍රයෙහි (මෙය ක්‍රි.පූ. 6 – 5 සියවසට අයත් ය) ‘කධර්‘ සහ ‘චෙතිය‘ ලෙසින් එය දක්වා තිබේ. කධර් යන්නෙහි සාමාන්‍ය අර්ථය ‘ගොඩ‘ යන්න වන අතර ‘චෙතිය‘ යන්නෙහි සාමාන්‍ය අර්ථය වන්නේ ගල් ගොඩක් නැත්නම් ස්මාරකයක් වැනි අර්ථයකි. භගවතී සූත්‍රය සහ ශතනග සූත්‍රයේදී චෙතයි සම්බන්ධයෙන් පුළුල් අර්ථ විවරණයක් ලබා දී තිබේ. එසේම අන්ග් සහ උපංග සාහිත්‍යයට අමතරව අවශ්‍යක් නිර්යුක්ති, අවශ්‍යක් චාරුණී, ව්‍යවහාර් චාරුණී වැනි ග්‍රන්ථ වලට ස්ථූප ගැන සඳහන් කොට තිබේ. මෙහි ඇති ස්ථාපූය ගැන 7 වන සියවසේ විසූ හරිබද්‍ර සූරී, 9 වන සියවසේ විසූ ආචාරිය හරිසේන, 10 වන සියවසේ විසූ ආචාරිය සෝමදේව ආදීන් විස්තර කර තිබේ. ජෛන සාහිත්‍යය පරිශීලනය කරන ඔබට ස්ථූප ගැන තවත් දේ දැන ගත හැක.
මෙවැනි තත්ත්වයක් තිබියදී මේවා ගැන නිසි දැනුමක් නොමැතිවීම නිසාවෙන් ස්ථූපය සම්බන්ධයෙන් ද විවිධාකාර අර්ථ ගන්වමින් විවිධ නිරුක්ති දෙමින් වාද විවාද කරන්නෝ සිටින නිසාවෙන් මේ කෙටි සටහන තැබුවෙමි.
කෙසේවෙතත් මෙහි ඇති දේ එලෙසින් ම පිළිගැනීමට අවශ්‍ය නැත. ඔබට ඒ පිළිබඳව තවත් විස්තර සොයා බලා තමුන්ගේ ම අවබෝධයෙන් කරුණු වටහා ගත හැක. අවසන් වශයෙන් කිව යුතු වන්නේ ස්ථූපය යන බුද්ධ කාලයට පෙර සිට ම මිනිසුන් දැන සිටි නිර්මාණයක් වන බව පමණි.