ස්නයිපර්..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ස්නයිපර් ඒක ගත්ත එකා ගිහින් දීපන්.. :D:D



    42284241_1855310221203793_4456890118564741120_n.jpg



    පොලිසියේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් වර්ගයේ ගිනිඅවියක් අතුරුදහන්වී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාගේ නියමයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යනු ලැබේ. මීට මාස කිහිපයකට ඉහතදී ඔඞ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ක්ලේමෝ බෝම්බ සමග අත්අඩංගුවට ගත් හිටපු එල්ටීටීඊ සාමාජිකයකුගෙන් හෙළි වූ තොරතුරු අනුව ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් මෙම ස්නයිපර් ගිනිඅවිය අත්අඩංගුවට ගෙන තිබිණි.
    ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ තිබූ ස්නයිපර් ගිනිඅවියක් අතුරුදන් වී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙසත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මීට පෙර පොලිස්පතිවරයාට දැනුම් දී තිබූ බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
    මේ සම්බන්ධයෙන් නීතිය හා සාමය පිළිබඳ ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම ස්නයිපර් ගිනිඅවිය අතුරුදන් වී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට දැනුම් දුන් බවය.
    ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාද මේ සම්බන්ධයෙන් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ඇමති රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමක් කර තිබිණි.
    අතිවිශේෂ ගිනිඅවියක් වන ස්නයිපර් අවිය ඉහළ සිට වෙඩි තැබීමට යොදා ගන්නා එකකි. මෙම ගිනිඅවියෙන් මීටර් 500 සිට 1000 දක්වා දුර ප්‍රමාණයක ඉලක්කයට වෙඩි තැබිය හැකි බවත්, මෙය පරිහරණය කළ හැක්කේ විශේෂ පුහුණුවක් ලැබූ ප්‍රගුණ වෙඩික්කරුවකුට පමණක් බවත් යුද හමුදා නිලධාරියක් පැවසීය.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,119
    16,974
    113
    ජෙප්පෙක්ද දන්නේ නැහැ ගත්තේ නාගව මරන්න.මිනීමරලා හොදට පුරුදු උන් නේ නේද මචාං:(




     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් භාවනා කරද්දී කවුරුහරි උස්සන්න ඇති