ඔහුගේ කතාව ආරම්භ වන්නේ ත්‍රේශියාවෙන් ( අද බුල්ගේරියාව පිහිටා ඇති භුමිය) වුවත් නිශ්චිත ආරම්භය තවමත් විවාධයට තුඩු දෙන කරුණකි. ග්‍රීක ඉතිසාසඥ Plutarch,ස්පාර්ටකස් සංචාරක ගෝත්‍රයකට අයිති අයෙකු බව සඳහන් කර ඇති අතර රෝම ඉතිසාසඥ Florus සඳහන් කර ඇත්තේ ඔහු කුලී හෙවායෙකු බවයි. කෙසේ නමුත් එම සටහන් හා තවත් අතලොස්සක් තරම් වන විශ්වාස කල හැකි ඉතිහාස මුලාශ්‍ර මගින් ස්පාර්ටකස් ත්‍රේසය අතහැර රෝමයේ සොල්දාදුවෙකු වූ බව තහවුරු වී ඇත. තම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රෝමයට සේවය කලත් කුමක් හෝ කරුණක් නිසා ඔහුව පසුව කැපුවා වල සිරකරුවෙකි වී බටියාටස් ගේ ග්ලැඩියේටර් පාසලට (ludus) ඇතුලත් වීමට සිදු වී තිබේ.
ග්ලැඩියේටර් කෙනෙකුගේ ජීවිතය බටහිර සිනමාව අපිට පෙන්වනවා මෙන් ගෞරවයෙන් සහ මාන්‍යයෙන් පිරුණු එකක් නොවේ. බොහෝ විට ග්ලැඩියේටර් වරුන් වන්නේ අපරාධකරුවන්,නැත්තම් තමාගේ ස්වාමියන්ට අකීකරු වූ හෝ ඔවුන්ගේ අකමැත්තට ලක්වූ වහල් සේවකයන්ය. ඔවුන්ව පුරුදු කරන පාසල ඉතාමත් දැඩි කුරිරු විනය නීති යටතේ පවත්වාගෙන ගිය එකක් වේ. එම නිසා කවුරුවත් කැමැත්තෙන් එහි නොයයි. ග්ලැඩියේටර් ක්‍රීඩාව යනු අතීත රෝමයේ ප්‍රසිද්ධ හොඳ ආකර්ෂණයක් තිබු ක්‍රීඩාවකි. නමුත් එහි ආකර්ෂණය විනෝදය ඇත්තේ එය නරඹන අයට පමනකි. අතීතයේ රෝමානුවන් අපරාධකරුවන් ( ඔවුන්ගේ මිම්මට ) තමාගේ අවසානය ළඟා කරගැනීම සජීවීව බලා අතිශයින් විනෝද වී ඇත. සමහර තරඟ සකස් කරන්නේ ඔවුන්ව මරා දැමීමම අරමුණු කරගෙන නිසා ග්ලැඩියේටර් වරුන් යනු අතිශය දුෂ්කර ජිවිතයක් ගෙවූ අය වේ. එසේම ඔවුන් අතර එවැනි ඉරණමක් සුදුසු අය සිට ඇත්තේ අතලොස්සක් පමණක් බවද මතක තබා ගත යුතුය. ස්පාර්ටකස් ඔවුන් අතරට පැමිණියේ කෙසේදැයි යන්න අදටත් අභිරහසකි.
තුන් වන වහල් යුද්ධය ( ස්පාර්ටකස්ගේ යුද්ධය, ග්ලැඩියේටර් යුද්ධය ) - ක්‍රි.පු. 73-71
ස්පාර්ටකස් යම් කාලයක් (ඉතිහාසයේ කාලය සඳහන් වී නැත) ග්ලැඩියේටර් වරයෙකු ලෙස තම ජීවිතය රැකගෙන ජිවත් වී තිබේ. නමුත් ඔහු එම ජිවිතයේ ඇති අසාධාරණය කටුකත්වය නිසා ක්‍රි.පු 73 දී කුස්සියේ ආම්පන්න භාවිතා කර ග්ලැඩියේටර් පාසලේ අනෙක් ග්ලැඩියේටර් වරුන් සහ වහලුන් සමග එක් ව සටන් කොට නිදහස් වී ඔවුන්ගේ තරඟ සඳහා ඇති ආයුධ පැහැරගෙන Vesuvius කන්දට පැන ගොස් කඳවුරු ගසාගෙන තිබේ. නිදහස් වීමෙන් පසු අනෙක් වහලුන් විසින් ස්පාර්ටකස්, ඔනේමස්, ක්‍රිස්සස් ව ඔවුන්ගේ නායකයන් වශයෙන් පත් කරගෙන ඇත. ඔහුගේ යුධ සැලසුම් අනුව වහලෙක් වීමට පෙර ඔහුට යුධ පුහුණුවක් ලැබී ඇති බව විද්වතුන් විශ්වාස කරයි.
රෝමය විසින් ස්පාර්ටකස් ව මරා දැමීමට රෝමයේ ප්‍රේටර් වරයෙක් (කමාන්ඩර් හෝ මහේස්ත්‍රාත් වැනි) වූ ගයස් ක්ලෝඩියස් ග්ලෙබර් යටතේ සේනාංකයක් ඒවා ඇති අතර ඔවුන් ස්පාර්ටකස් සහ ඔහුගේ මිනිසුන්ව බඩගින්නේ තබා යටත් කර ගැනීමේ අරමුණින් Vesuvius කන්ද වට කර කවුරුන් හටවත් පැන යා නොහැකි සේ කඳවුරු බැඳ තිබේ. නමුත් වැල් මඟින් ලණු සෑදු ස්පාර්ටකස් කන්දේ බෑවුම් පැත්තෙන් බැස ගොස් ආරක්ෂා කර නොතිබූ කඳවුරු වල පිටුපස කොටසට පහර දී ඔවුන්ගෙන් බොහෝ කොටසක් මරා දමා ඇත. එලෙස රෝමානු සේනාංකයන් උපායෙන් සහ හැකියාවෙන් පරාජය කල ස්පාර්ටකස් ගේ හමුදාව මිනිසුන් 70000 වන තරමට වැඩි වූ බව ඉතිහාසයේ සඳහන් වේ.
ප්‍රේටර් ගයස් ක්ලෝඩියස් ග්ලෙබර් ගේ පරාජයෙන් තවත් සැලකිලිමත් වුනු රෝමය ක්‍රි.පු. 72 දී Lucius Gellius Publicola හා Gnaeus Cornelius Lentulus Clodianus
ගේ නායකත්වයෙන් යුතු සේනාංක දෙකක් ස්පාර්ටකස් වෙනුවෙන් පිටත් කර තිබේ. ඔවුන් විසින් ක්‍රිස්සස් නායකත්වය දැරූ 30000 පමණ විප්ලව වාදීන් පරාජය කෙරුවත් පසුව ස්පාර්ටකස් අතින් පරාජයට ලක් වී ඇත.
ඉතින් මේ වැළකිය නොහැකි පිරිසක් සේ පෙනුණු විප්ලවාදීන් නිසා වියරු වැටුණු රෝමයේ සෙනට් සභාව ස්පාර්ටකස් ව නැවතීමේ මෙහෙයුම රෝමයේ එවකට ධනවත්ම මිනිසා වූ Marcus Licinius Crassus ට භාර දී තිබේ. ඔහු රෝම සේනාංක 8 කට නායකත්වය සැපයූ අතර එහි හොඳින් පුහුණු රෝම සොල්දාදුවන් 40000 පමණ සිටි බව කියවේ.එසේම එම සේනාංක ඔහු විසින් ඉතාමත් තද විනය නීති යටතේ පාලනය කර ඇති බවත් ඉතිහාසයේ සඳහන් වේ. ඔහු නිසා ස්පාර්ටකස් ට ලුකෙනියාව හරහා දකුණු දෙසට යාමට සිදු වී ඇති අතර ක්‍රි.පූ. 71 අග භාගය වන විට ඔහු Rhegium වල කඳවුරු බැඳගෙන ඇත.
ස්පාර්ටකස් විසින් වහල් විප්ලවය සඳහා තවත් පිරිස එකතු කර ගැනීම උදෙසා Sicily වලට යාමට මුහුදු මංකොල්ල කරුවන්ට මුදල් ගෙවුවත් ඔවුන් ස්පාර්ටකස් ට ද්‍රෝහී වී ඇත. ස්පාර්ටකස් විසින්ම බෝට්ටු තැනීමට ගත් උත්සහයද Crassus විසින් සාර්ථක නොවීමට වග බලා ගත් බව සඳහන් වේ. ඉන් පසුව ස්පාර්ටකස් ගේ හමුදාව කොටු වී ඇති අතර ඔවුන්ගේ සැපයුම් ද අහුරා දැමීමට Crassus ගේ සේනාංකයන් සමත් වී තිබේ. එයින් විනය පිරිහී ගිය ස්පාර්ටකස් ගේ හමුදාව කුඩා කොටස් වලට බෙදී තැනින් තැනින් රෝම සේනාංකයන්ට පහර දීමට උත්සහ දරා තිබේ. ඉතින් ඉතිරි තමන්ගේ හමුදාව එකතු කර ගත් ස්පාර්ටකස් රෝමනුවන්ට එරෙහිව අවසන් සටන කිරීමට තීරණය කර ඇත. එම සටනින් බොහෝ විප්ලව වාදීන් මිය ගිය අතර ස්පාර්ටකස් ද මිය ගිය බව මුලාශ්‍ර වල සඳහන් වන නමුත් ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි වූ බවද සඳහන් වීම විශේෂත්වයකි. සටනින් පසු Crassus විසින් ස්පාර්ටකස් ගේ අනුගාමිකයින් 6000 රෝමයේ සිට කැපුවා දක්වා මාර්ගයේ කුරුසයේ තබා ඇන ගසා මරා දමා තිබේ.
අදටත් නිදහස වෙනුවෙන් කරන සටන් වලදී ස්පාර්ටකස් යන චරිතය උදාහරණයක් ලෙස ගෙන දක්වයි.
ස්පාර්ටකස් ගේ කතාව tv series එකක් විදියටත් ඇවිත් තියෙනවා.හැබැයි පොඩි වුන් ඉන්න පැත්ත පලාතකවත් තියන් බලන්න එපා. කතාව පුරාම තියෙන්නෙ තියෙන්නේ කපනවයි ****** වයි විතරයි.