~~ ස්මාට් ලෝකයේ Smart සපත්තු ~~

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ~~ ස්මාට් ලෝකයේ Smart සපත්තු ~~

    image_c5e6001038.jpg


    ර්තමාන ලෝකයේ සෑම සියලු දෙයක්ම පාහේ 'Smart' වෙමින් පවතින බව අතිශයෝක්තියක් නොවේ. ඔබේ අත ඇති Smart Phone, පරිගණකය, ටැබ්ලට් උපාංගය පමණක් නොව, ඔබේ නිවසේ ඇති ස්පීකරය මෙන්ම සමස්ත නිවසම පාහේ 'Smart' වී තිබේ. නිවසක භාවිත වන විදුලි බුබුලේ සිට මුළුතැන්ගෙයි උපකරණ දක්වාද Smart තාක්ෂණයන් අඩු වැඩි වශයෙන් පැතිර ගොස් තිබේ.

    මෙවැනි පසුතලයකදී ඔබේ ඇඳුම් පැලඳුම් හෝ සපත්තුද Smart වීම බලාපොරොත්තු විය හැකිය. සැබැවින්ම Smart පාවහන් මේ වනවිටත් වෙළෙඳ පොළට පැමිණ තිබේ.
    සැබැවින්ම Smart සපත්තු යුගලයකට කළ හැකි දෑ මොනවාද? ඊට පිළිතුරු දීම සඳහා උදාහරණයක් ලෙසින් DIGITSOLE SMARTSHOE Smart පාවහන් යුගල ගත හැක. මෙහි ප්‍රධානතම කර්තව්‍යය වන්නේ පලඳින්නාගේ ශරීර චලනයන් හා පියවර වාර්තා කරමින්, ‍Fitness Tracker උපාංගයක් ලෙසින් ක්‍රියාත්මක වීමයි. අතේ පලඳින ‍Fitness Tracker උපාංගයකට වඩා නිරවද්‍ය ලෙසින් ක්‍රියාත්මක වීමට හැකි මෙයට Smart Phone හි නියමිත යෙදුම වෙත දත්ත සැපයිය හැක. එසේම ඒ ඔස්සේ Smart Phone යෙදුම මගින් පරිශීලකයාට අවශ්‍ය පුහුණු උපදෙස් ලබාදීම හා වැඩිදුර අධීක්ෂණය සිදුකරනු ඇත.

    මීට අමතරව මෙම Smart පාවහන් යුගලයට ස්වයංක්‍රීයව පලඳින්නාගේ ප්‍රමාණයට තද වීමට හැකියාව ඇති බැවින්, තවදුරටත් සපත්තු ලේස් ගැටගැසීමට වෙහෙස විය යුතු නැත.
    මේ වනවිට Xiaomi සහ Under Armour වැනි සමාගම් මගින්ද Smart පාවහන් නිෂ්පාදනය කර ඇති අතර, ඉක්මනින්ම ලෝකයේ ප්‍රමුඛ පෙළේ පාවහන් නිෂ්පාදකයන්ද මෙම Smart පාවහන් නිර්මාණය සඳහා යොමු වනු ඇත.


    image_3b50da30ac.jpg


    උපුටා ගැනීම --http://www.ada.lk/technology/%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A-%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A-Smart-%E0%B7%83%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94/5-342922
     
    Last edited:

    Similar threads