ස්මාර්ට් බොම්බ

youngman

Member
Dec 2, 2014
243
51
0
ස්මාර්ට් බොම්බ

ඊශ‍්‍රායලයට ස්මාට් බෝම්බ 3000ක් ලබාදීමට ඇමරිකාව තීරණය කර ඇතැයි ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කර තිබේ.
ජාත්‍යන්තර මැදපෙරදිග මාධ්‍ය මධ්‍යස්ථානය පවසා ඇත්තේ මෙය ඊශ‍්‍රායලයට ලබාදෙන ඇමරිකානු යුධ ආධාර වැඩසටහන යටතේ ලබාදෙනු ඇති බවයි. 2016 නොවැම්බර් වන විට මෙම තොගය ලබාදී අවසන් වනු ඇතැයි පැවසේ.
මෙම ස්මාට් බොම්බ තොගයේ වටිනාකම ඩොලර් මිලියන 82ක් පමණ වේ. හාර්ටෙස් හා ප්‍රෙස් ටීවී මාධ්‍ය ආයතන මේ පිළිබඳ වාර්තා කර ඇති නමුත් පෙන්ටගන වෙබ් අඩවිය මේ පිළිබඳ කිසිවක් පළ කර නැතැයි වාර්තා වේ.

ස්මාට් හෙවත් සූක්‍ෂම ඉලක්ක නියමු බෝම්බ GPS තාක්‍ෂණය භාවිතා කර අදාළ ඉලක්කයට නිවැරදිව ප‍්‍රහාර එල්ල කිරීම සඳහා යොදාගැනේ.
පසුගිය කාලයේ ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එරෙහිව සිදුකළ ප්‍රොටෙක්ටිව් එජ් මෙහෙයුම සඳහා මෙම වර්ගයේ බෝම්බ භාවිතා කළ අතර ඒවා විසින් පලස්තීනුවන් 2100ක් පමණ මරා දමනු ලැබිණි.

මේ අතර බි‍්‍රතාන්‍යය හා ඊශ‍්‍රායලය අතර අවි ගණුදෙනු පිළිබඳවද පසුගිය සමයේ අනාවරණය වූ අතර අවි වෙළඳාමට එරෙහි ව්‍යාපාරය පවසා ඇත්තේ 2010 සිට බි‍්‍රතාන්‍ය විසින් ඩොලර් මිලියන 65.7ක් වටිනා අවි අලෙවි කර ඇති බවයි.

වාර්ෂිකව බි‍්‍රතාන්‍ය රජය විසින් ඊශ‍්‍රායලයට අවි සැපයීම සඳහා සිය අවි සැපයුම්කරුවන්ට පවුම් මිලියන 15ක් වටිනා බලපත් ලබාදෙන බවද වාර්තා වී තිබේ.


ස්මාර්ට් බොම්බ ගැන සැකසු විඩියෝවක්..