ස්මාර්ට් ෆෝන්, අයි ෆෝන්
ස්මාර්ට් ෆෝන්, අයි ෆෝන්වල බැටරි බලය රැකගන්නේ කොහොමද?
ස්මාර්ට් ෆෝන් සහ අයි ෆෝන් කියන්නේ දැන් අප රටේ බහුලව භාවිතා වන ඉලෙක්ට්‍රෝනික උපකරණ, වැඩ රාජකාරි රැසක් පහසුවෙන් කරගත හැකි බහුකාර්ය උපාංගයක් නිසා මෙය දැන් කා අතරත් ඉතා ජනප්‍රියයි. එහෙත් මේ උඅපකරණය භාවිතා කරන පිරිස මුහුණදෙන ලොකුම ගැටලුව තමා එහි බැටරි බලය ඉක්මනින්ම වියැකී යාම. එක් දවසක් තුළදි මෙයින් ගත යුතු වැඩරාජකාරි එමට ගොඩගැසි තිබුණත් දවස ගෙවෙන්නටත් පෙර බැටරි බැස යාම නිසා බොහෝදෙනා ලොකු අපහසුතාවකට පත්වෙනවා...
මේනිසා ස්මාර්ට් ෆෝන් සහ අයි ෆෝන්වල බැටරි බලය රැකගන්න පහසුවෙන්ම යොදාගත හැකි උපක්‍රම කිහිපයක් ගැන ඔබට කියන්නටයි අද අපි අදහස් කළේ....
මේ දුරකතන භාවිතා කළ යුතු සහ භාවිතා නොකළ යුතු අවස්ථාවන් පැහැදිලිව හදුනා ගැනීම තමා මෙහිදි අනුගමනය කළ යුතු මුල්ම පියවර. ඔබ ගුවන් යානයක් බදු තැනක නැතිනම් ඔබට අවශ්‍ය සංඥා නොලැබෙන එබදු තැනක සිට මේ දුරකතන ක්‍රියාත්මක කරවා එමගින් විවිධ සබදතා ලබා ගැනිමට උත්සාහ දරන මොහොතක් පාසා ඔබේ බැටරියේ ශක්තිය නිරපරාදේ වැයවෙනවා.ඔබ සාකච්ඡාවක යෙදි සිටින විට, ආහාර ගන්නා විට, පෞද්ගලික ගමනක යෙදෙන විට දුරකතනය ක්‍රියා විරහිත කර තැබිමෙන් ඔබේ බැටරියේ බලය පහසුවෙන් රැකගත හැකිය.....
WiFi යනු නිදහසේ තොරතුරු ලබා ගැනිමට භාවිතා වන උපාංගයක්. එහෙත් මෙය අනවශ්‍ය ලෙස පණ ගන්වා ඇතිවිට එනම් ඔබට එයින් අවශ්‍යතාවක් නැති විටත් එම උපාංගය WiFi ක්‍රියාකාරිත්වය සහිත අනෙකුත් උපාංග හා සබදතා ගොඩනගා ගැනීමට සෙවිල්ලේ යෙදෙමිනුයි සිටින්නේ. ස්වයංක්‍රියව සිදුවන මේ සුපිරික්සුම සදහා ඉතා විශාල බැටරි බලයක් වැයවන බව ඔබ මෙතෙක් නැදැන සිටින්නට ඇති. ඒ නිසා අනවශ්‍ය සැමවිටම මෙම විකල්පය(Oප්ලිම්) ක්‍රියා විරහිත කර තැබීම ඔබේ බැටරි බලය රැකදෙන ප්‍රධානම උපක්‍රමයක්....
බ්ලූ ටූත් උපාංගයන් බැටරි බලය මසුරු ලෙස කා දමන විකල්ප පහසුකමක්. අනවශ්‍ය විටක මෙයත් ක්‍රියා විරහිත කර තැබීම බැටරි බලය රැක දීමට සමත්ය..
ඔබ ඔබේ පහසුව සදහා බොහෝ විට එකවර විකල්ප පහසුකම් කිහිපයක් විවෘත කර තිරය මද රද්වා තිබිමට පුළුවනි. ඊමේල්, ට්වීටර්, ෆේස්බුක් මෙන්ම රූපවාහිනියත් විවෘතව තිබෙනවා වන්නට පුළුවන්. එහෙත් ඔබ එක් වරක් භාවිතා කරන්නේ මෙයින් එක් විකල්පයක් පමණයි. එසේ වුවත් ඔබ නොදන්නවාට ඔබ විවෘත කර ඇති අනෙකුත් විකල්ප රදවා පවත්වා ගැනිම සදහා ඔබේ බැටරියට අමතර ශක්තියක් වැය කිරිමට සිදුවෙනවා. මේ නිසා වරකට අවශ්‍ය කරන විකල්පය පමණක් භාවිතා කිරිමෙනුත් ඔබට බැටරි බලය රැක ගන්නට හැකිය...
විවිධ "ඇනිමේෂන්" හෙවත් සජීවීකරණ රූප ඇතුළත් දර්ශන දුරකතන තිරය සදහා යොදා ගැනිම බොහෝ දෙනාගේ පුරුද්දක්. ඇත්තටම මේ ක්‍රියාවත් බැටරි බලය කා දමන්නක්....
එසේම ඉතාමත් දීප්තිමත් ආකාරයට තිරය ආලෝකමත් කර තිබීමත් බැටරියට හානි කරයි. අවශ්‍ය පමණට මද දීප්තියක් ලබාදෙන මට්ටමට තිරයේ ආලෝකය සකස්කර ගැනීමත් බැටරි බලය රැකදෙන පහසු උපක්‍රමයක්...
විවිධ සිහි කැදවීම් (Alert's) ඔබේ දුරකතනයට යොදා තිබෙන්නට පුළුවන්. කාලගුණය, ක්‍රීඩා තොරතුරු, හදිසි පුවත් ආදිය සදහා යොදන සිහිකැදවීම් සදහාත් ඒ සදහා යොදන විවිධ සංගීතමය නාද උදෙසාත් ව්ශාල බැටරි බලයක් වැය වන බව ඔබ නොදැන සිටින්නට ඇති....
දුරකතන ඇමතුම් ලැබීමේදි එය සිහිගන්වන සංගීත නාද වෙනුවට, කම්පන ස්පන්දක (Vibration) යොදා ගැනීමත් බැටරිය කා දමන ක්‍රියාවක්. මේ සංඥා හැගවුම් ක්‍රියාකාරිත්වය අනවශ්‍ය පහසුකමක් ලෙසයි දැන් බොහෝ නිෂපාදකයන් පවා පෙන්වා දෙන්නේ......
සැබැවින්ම එදිනෙදා දවස තුළදි දුරකතනය ක්‍රියාකාරිත්වයෙන් තිබිම අවශ්‍ය නොවන වෙලාවන් බොහෝමයක් ඔබට තමන්ගේ ජීවන රටාව අනුව සොයාගන්නට හැකිය. මේ අවස්ථාවන්වලදි දුරකතනය මුළුමනින්ම ක්‍රියා විරහිත කර තැබිම මේ සදහා ගත හැකි හොදම පියවරයි........

ලක්බිම පත්තරේ තිබුන ලිපියක් මම මගේම දෑතින් ටයිප් කර ඔබ වෙත ගෙනා වගයි.........
========================================================
~~~~~~~~මගේ අනිකුත් ත්‍රෙඩ් ~~~~~~~~
ලෝකේ තියන භයානකම ගුවන් තොටුපලවල්
http://www.elakiri.com/forum/showthread.php?t=1222748
පාසල් ජීවිතය පළමු දිගහැරුම.......
http://www.elakiri.com/forum/showthread.php?t=1231662
Prison Break බලලා නැත්නම් බලාපල්ලා.....
http://www.elakiri.com/forum/showthread.php?t=1267010
...::: WELCOME TO THE MOVIE ZONE :::...
http://www.elakiri.com/forum/showthread.php?t=1285409
මේ දිනේ ඔබට මතකද?
http://www.elakiri.com/forum/showthread.php?t=1288936