අපි අද කතා කරමු ස්වභාවික රසකාරක ගැන. විවිධ වර්ගයේ කෘතීම රසකාරක පිරිලා ඉතිරිලා යන්න තරම් තියෙන කාලේක මේ ස්වභාවික රසකාරක ගැන මතකයක්වත් අපිට නැති තරම්. ඒ තරම්ම මිනිස්සු කාර්යබහුල වෙලා. කෘතීම රසකාරක වලින් තොර ලොවක් අපිට දැන් නැහැ. පොඩිහිටියගේ සිට වැඩිහිටියා දක්වා කෘතීම රසකාරක අඩංගු ආහාර අපේ කෑමට එකතු වෙලා. අපි හැමෝම ලෙඩ්ඩු වෙලා.
අපේ ආදී මුතුන් මිත්තන් දැනගෙන සිටියා ස්වාභාවික රසකාරක භාවිතයෙන් ඔවුන්ගේ ජීවීත නීරෝගීමත් වුණ බව, එයින් ඔවුන් නීරෝගීව බොහෝ කලක් ජීවත් වුණා. අපි නැවතත් කෘතීම රසකාරක භාවිතයෙන් ඉවත්ව ස්වභාවික රසකාරක වලට යොමු වීම අතිශය අත්‍යවශයයි.
කෘතීම රසකාරක කැට, කුඩු ටිකෙන් ටිකවත් ආහාර රටාවෙන් ඉවත්කර ගැනීම අපි හැමෝගේම යුතුකමක් හා වගකීමක්.
දැන් අපි බලමු ස්වාභාවික රසකාරක කියන්නේ මොනවාද කියලා.
ආහාර රසවත් කර ගැනීමට පමණක් නොව ඖෂධීය වශයෙන් ශරීරයට හිතකර වාසි රැසක් හිමිවන, බෝ නොවන රෝග වලින් අපිව ආරක්ෂාකරන වටිනා සම්පතක් බව.
ස්වාභාවික රසකාරක වර්ග කිහිපයක්,
කරපිංචා / රම්පේ /ගොරකා / කුරුදු / උළුහාල් /අබ / කරාබු නැටි / ගම්මිරිස් / සාදික්කා / වසාවාසි / එනසාල් / කහ / ඉගුරු / සුදු ලූණු / රතු ලූණු / පොල් / අමු මිරිස් / වියළි මිරිස් / සියඹලා / සූදූරු / මාදූරු / දෙහි / කොත්තමල්ලි /සේර
එකීනොකී තවත් බොහෝ රසකාරක අප අතර තිබෙනවා. මීට අමතරව ඔයාලා දන්න තවත් රසකාරක අපිට Comment කරන්න. අපි දැනුම බෙදා ගෙන ඉදිරියට යමු.
ස්වභාවික රසකාරක ආහාරයට එකතු කර ගැනීමෙන් ලැබෙන වාසි...
- අපේ කෑමට මනා රසයක් එකතු වීම.
- බෝ නොවන රෝග වලින් ආරක්ෂා වීම. (පිළිකා ආදී දරුණු රෝග)
- නීරෝගීව , ක්රීයාශීලීව ජීවත් වීමට හැකි වීම.
- Vitamin ඌනතාවයන්ට ගොදුරු වීම අවම වීම.
- දීර්ඝායුෂ ලැබීම
කෘතීම රසකාරක ගැන කතා කරොත් අපි හැමෝම දන්නවා මෙම රසකාරක අඩංගු ආහාර ගැනීමෙන් අපට බොහෝ රෝග වැළදෙන බව, Instant Noodles, Tipi Tip, Biscuits, Yoghurt, කොත්තු ආදී කෘතීම රසකාරක යෙදු බොහෝමයක් ආහාර අද වෙළඳ පොළේ දක්නට තිබෙනවා. අප රෝගී කරන මෙම ආහාර ස්වාභාවික රසකාරක භාවිතයෙන්ද අපිට හදා ගන්න පුලුවන්. ඉදිරියේදි මම ඔයාලට ඒ ගැන ස්වභාවික රසකාරක භාවිතයෙන් රසපදමට හදන හැටි කියලා දෙන්නම්.
මෙවැනි ලිපි දිනපතා කියවන්න අපගේ wishmitha lokaya app එක google play එකෙන් install කර ගන්න.
Original Article Click Here