ස්වභාවික ව්‍යසන

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ස්වභාවික ව්‍යසන

Top Natural Disasters ever...



Nevado-del-Ruiz.jpg


අපි හොදටම දන්න සුනාමිය ගැන අපිට පොඩි අදහසක්වත් තිබ්බේ නැති නිසා වුන ලොකු ව්‍යසනය ගැන අපි කලින් අවබෝධයක් තිබ්බනම් මිට වඩා ලොකු ජිවිත ගානක් බේරගන්නත් තිබ්බා.

මේකේ වර්ග කිරීම වෙන්නේ නැතිවුන ජිවිත ගණන මත නෙමෙයි. විපතේ විශාලත්වය මතයි..




1. Spanish Influenza (1918)

Spanish-Influenza1.jpg


මාරාන්තික වෛරස කිහිපක් නිසා ස්පාඤ්ඤ ජාතිකයින්ගෙන් ආරම්භ වූ මෙය ආසියා, යුරෝපිය රටවල පමණක් නොව ඇමෙරිකාවටද පැතිරී මිලියන 40 ක් පමණ මියගිය බව පැවසෙනවා. තවත් තැනක මෙය මිලියන 100 ක් කියලත් තියනවා.


2. The Black Death (1348)

The-Black-Death.jpg


මේකනම් ගොඩක් ජනප්‍රිය විපතක්. 1348 සිට 1351 දක්වා පැවති මෙය නිසා යුරෝපිකයන්ගෙන් 60% ක් පමණ විනාශ වූ බව පැවසෙනවා. මේ වසංගතය නිසා මිලියන 70 - 200 ට ආසන්න ප්‍රමාණයක් මියගිය බවත් පැවසෙනවා.


3. Gujarat Earthquake (2001)

gujarat-earthquake.jpg


ඉන්දියානු 51 වන ජනරජ දිනයේ ඇතිවූ මේ භූමිකම්පාවේ විශාලත්වය 7.6 ක් වනවා. විනාඩි 2 ක් තිස්සේ පැවති මෙය 700km දක්වා දිස්ත්‍රීක්ක 21 ක් පුරා විහිදී තියනවා. මරණ 20,000 ක් සහ ලක්ෂ 4 කට නිවාස අහිමිවීම් ඇතිවී තිබෙනවා.


4. The Great White Plaque (1600s)

Tuberculosis.jpg


යුරෝපා රටවල සනීපාරක්ෂක ගැටළු නිසා ඇතිවූ මෙය ඒ කාලයේ ලොකු ඛේදවාචකයක් වුනාලු.


5. North American Smallpox Epidemic (1775)

Smallpox.jpg


පුරා වසර 7 ක් තිස්සේ ඇමෙරිකාව ආශිතව පැවති වයිරසයක් බව පැවසෙනවා. වමනය, හිසරදය, උණ වැනි ලක්ෂණ මේ රෝගය ඇති අයට තිබ්බලු.


6. Mozambique Flood (2000)

Mozambique-Flood1.jpg


පුරා සති 5 ක් තිස්සේ එකදිගට පැවති වර්ෂාව නිසා ඇතිවූ ගංවතුරෙන් මිනිසුන් 800 කට හා හරකුන් 20,000 කට මරු කැඳවූ මෙය මෑත ඉතිහාසයේ සිදුවූ දරුණුම විපතක් ලෙස සැලකෙනවා.


7. Yangtze River Floods (1931)

Yangtze-River-Flood.jpg


ලෝකයේ දිගම ගංගා අතරට වැටෙන මේ ගග 20 වන ශතවර්ෂයේ විශාලතම ව්‍යසනය සිදුකරමින් මිලියන 20 ක් ජනතාව මරු තුරුලට යවා තිබෙනවා.


8. European Heat Wave (2003)

2003-European-Heat-Wave.jpg


උෂ්නතවයේ සිදුවූ වැඩිවීම නිසා බොහෝ AC නොමැති අය වගේම වයසින් වැඩි බොහෝ දෙනෙක් මරණයට පත්වී තිබෙනවා. මේ කාලයේ 75% කට ආසන්න යුක්රේන ජනතාවක් පලා ගියා කියලත් කියනවා.


9. North Korean Famine (1994)

North-Korean-Famine.jpg


"දුෂ්කර මාර්තුව" ලෙසින්ද හැදින්වෙන මේ දුර්භික්ෂය නිසා මිලියන 2.4 ක් මියගොස් මිලියන 3.5 ක් රෝග වලට ගොදුරු වුනාලු. තවද මිලියන 5 කට අධික පිරිසක් සාගතයෙන් පිඩා වින්දා කියලා පැවසෙනවා. නමුත් දකුණු කොරියාව, ජපානය, චීනය හා ඇමෙරිකාව මගින් ලැබුණු අහාර මගින් මොවුන්ට අස්වැසිල්ලක් ලැබිලා තියනවා.


10. East Africa Drought (2011)

2011-East-Africa-drought.jpg


අප්‍රිකාවේ වසර 60 ක සිට පැවති නියගය නිසා 2001 වසර වනවිට මිලියන 12.4 ක ජනතාව කෑම අර්බුදයකට මුහුණදීලා තියනවා.


---------------------------------------------------------------------------
සැලකුවාට කමන්නෑ :D:D:D