~~ ස්වභාව ධර්මයේ අපූරු සිදුවීමක් ~~

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    ~~ ස්වභාව ධර්මයේ අපූරු සිදුවීමක් ~~

    10931174_10152642225042217_5166090675229627168_o.jpg


    11038278_10152642224797217_6843946916257839201_o.jpg


    10887135_10152642224702217_548145942690164410_o.jpg


    11044994_10152642224397217_4452143180327221021_o.jpg


    මේ ඡායාරූපයෙන් දැක්වෙන සිද්ධිය හරහා සතුන් අතර පවතින අපූරු මිත්‍රත්වයක් සම්බන්ධයෙන් ඔබ මහත් සතුටට පත්වනවා වන්නට පුළුවන.

    කොළ පැහැති කොට්ටෝරුවෙකු විසින් මුගටි පැටවෙක් රැගෙන පියාඹා යන සංවේදී දර්ශනයෙන් ඔබ කුල්මත් වනවා වන්නට හැකි ය.

    එහෙත්, ඔබගේ නිගමන සම්පූර්ණයෙන් වැරදි ය.

    මේ මිත්‍රත්වයක් නොවේ. අහිංසක කොට්ටෝරුවෙකු, මුගටියෙකුගේ ග්‍රහණයෙන් මිදී දිවි ගලවා ගැනීම සඳහා කරන අරගලයකි.

    මාර්ටින් ලී මේ නමැති එංගලන්ත ජාතිකයෙකු නැගෙනහිර ලන්ඩනයේ පිහිටි Hornchurch Country Park නමැති උද්‍යානයේදී මෙම ඡායාරූපය ගෙන තිබේ.

    විනෝදාංශයක් ලෙස ඡායාරූප ගැනීමෙහි නිරත ඔහු පවසන්නේ, සිය බිරිඳ සමග අදාළ උද්‍යානයේ සිටියදී කොළ පැහැති කොට්ටෝරුවෙකු පියාඹා ගෙන පැමිණි බව ය.

    එවැනි කොට්ටෝරුවෙකු තමන් ඉන් පෙර දැක නොතිබූ හෙයින් වහා ඡායාරූපයක් ලබා ගත් බව ඔහු පවසයි.

    කෙසේ වෙතත්, අදාළ කොට්ටෝරුවා කෑ ගසමින් වේගයෙන් පියාඹා ගෙන පැමිණි බව ඡායාරූපය ගැනීමෙන් පසුව ඔහුට වැටහී ඇත.

    ඉන්පසු එම කොට්ටෝරුවා ආහාරයට ගැනීම සඳහා මුගටි පැටවෙකු උගේ බෙල්ලෙහි එල්ලී සිටින බව මාර්ටින් ලී මේ දැක තිබේ.

    එය දුටු වහා ම තමන් කොට්ටෝරුවා බේරා ගැනීම සඳහා ඉදිරියට යන අතරතුර මුගටියා බියට පත්වූ හෙයින් කොට්ටෝරුවා ග්‍රහණයෙන් මිදුණු බව මාර්ටින් ලී මේ පවසයි.

    ඒ අතරවාරයේ කොට්ටෝරුවා වහා ඉගිළ ගොස් සිය ජීවිතය බේරා ගෙන ඇත.

    newsfirst/
    bbc/
    PHOTO: Martin Le-May