ස්වයං රැකියාව

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
වයඹ පළාතට අයත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක පසුගිය දා ස්වයං රැකියා දිරිගැන්වීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක වූයේ ප‍්‍රාදේශීය දේශපාලකයන් කීපදෙනකු හා නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි.
මෙහිදී ස්වයං රැකියාවලදී කිසිවකුට වහල් නොවී තම කටයුතු නිදහසේ කරගෙන යාමට ඇති ඉඩකඩ පිළිබඳවත්, මෙබඳු ස්වයං රැකියා සඳහා පවුලේ හැමෝගේම ශ‍්‍රමය ලබාගත හැකිවීම පිළිබඳවත් දීර්ඝ දෙසුමක් කළ නිලධාරියකු ස්වයං රැකියා කරන අය මුහුණ පාන ගැටලූවලට විසඳුම් සෙවීම සඳහා ඔවුන්ට කඩිනමින් අයැදුම්පතක් පුරවා දෙන ලෙස ඉල්ලීය.
එහි ස්වයං රැකියාව හා ඊට ඇති බාධක ලියන ලෙස ද දැන් වූ නිලධාරියා පසුව ඒවා එකතු කොට සාකච්ඡුාවට යද්දී එක් අයකු සැපයූ පිළිතුරකින් තිගැස්සී ගියේය.
ස්වයං රැකියාව, කසිප්පු පෙරීම, බාධාව පොලිසියෙන් අල්ලා ගෙන යාම යනුවෙන් එහි සඳහන් වූ බව පැවසූ ඔහු එය ලියුවේ කවුදැයි විමසුවත් සභාවෙන් සිනාවක් මිස පිළිතුරක් නම් ලැබුණේ නැතිලූ


:lol::lol:

http://www.lankadeepa.lk/index.php/articles/75572
 
  • Like
Reactions: DemonAkalanka