ස්වර්ණවාහිනියේ විලි ලැජ්ජා නැති අභිමානය

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ස්වර්ණවාහිනියේ විලි ලැජ්ජා නැති අභිමානය

    ස්වර්ණවාහිනියේ මේගා තරු තේරීම අවසන් ය . අවසන්ය කිවාට මට නම් ෂුවර්ම නැත. මොකද මෙතෙක් පැවති රියලිටි වැඩසටහන් අවසන් වූයේ ප්‍රීති ගෝෂා මධ්‍යයේ වුවත් මෙගා තරු තෙරීම අවසන් වුයේ "Megastar වැඩසටහන අවසන් බව කරුනාවෙන් සලකන්න " කියමින්ය . ගුටි කෙලියක් යන බව පෙනුනත් මොකා කොයිකාට ගහනවාද කියාවත් බලාගන්න හැකියාවක් ලැබුනේ නැත
    ඇතැම් විට අවසන් තීරණයෙන් උද්දාමයට පත් ප්‍රේක්ෂක ජනතාව කැමරා පොල්ලට 2 ක් වැඩැම්මවූවාද විය හැක නැතිනම් ගුටි කෙලිය බලන්න බැරි තරම් කැත වූවාද විය හැකිය.
    කොයිහැටි වෙතත් ලාංකීය රියලිටි වැඩසටහන් ඉතිහාසයේ පලමු වරට ජයග්‍රාහකයාට තම ත්‍යාග හරි හැටි ලබාගන්නටත් ඒවා ලබාගෙන ජනතාවට ආචාර කරන්නටත් නොහැකි වූ පලමු වැඩසටහන මෙයය . අනික් අතට එහෙම වීම සාධාරණය . මොකද සමස්ථ විනිශ්චය මණ්ඩලයත්, (කණ ඇහෙන ) ඕනිම පුද්ගලයෙකුත් අනුමත කරන්නාවු තීරණය ක් වෙනස් වූ පලමු අවස්ථාවත් මෙයය.


    කෙසේ නමුත් ශ්‍රි ලාංකීය අභිමානය යැයි කියා ගන්නා ස්වර්ණවාහිනිය ලාංකීය ප්‍රේක්ෂකයාට කල අවමානය නම් සුලු පටු නැත ඒ සමඟම තමන්ට කරගත් " චාටර" ය එසේමය. එනිසා ඔවුන් වැඩ සටහන අවසන් කිරීමට යොදා ගත් වාක්‍ය කණ්ඩයට යටින්


    "මෙතෙක් කල් megastar වැඩසටහන බැලු ඔබ ගොනාට ඇන්දුන බවත් වැඩසටහන කල අපි නප්පියටම "කිච" වූ බවත් කරුණාවෙන් සලකන්න"


    යන වාක්‍ය කණ්ඩයත් විකාශය කලා නම් ඉතා අගනේය.


    නමුත් මීට වසර කිහිපයකට පෙර යම් තාක් දුරකට මධ්‍යස්ථ හා කැතක් නැතුව බැලිය හැකිව තිබු ස්වර්ණවාහිනිය මේ තරම් පහත් තත්වයට ඇද දැමු වර්ථමාන වැඩසටහන් අධ්‍යක්ෂක වරයාට හක්කට පහරක් එල්ල කරගන්නට ප්‍රේක්ෂකයෙකුට අද අවස්තාවක් ලැබී තිබුන හොත් නම් රටේ ප්‍රේක්ෂක ජනතාවගේ අභිමානය යන්තම් හෝ බේරෙන බව නම් කිව යුතුමය.

     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    සිරස කලා නම් ඕක කොහොම හරි ගොඩ දාගන්නවා