දැන් කාලෙක ඉදන් TV චැනල්ස් ඔක්කොම යන්නෙ මහ කාලකණ්නි අසභ්‍ය දිහාවකට. පවුලෙ අයත් එක්ක ඉදන් බලන්න දැන් නාට්‍යයක් නැහැ ඉස්සර වගේ. පොඩි ළමයි ඉන්න ගෙවල් වල TV එකක්වත් බලන්නෙ කොහොමද කියල හිතාගන්න බෑ. කියන්නෙ පෙන්නන්නෙ අමු කුණුහරප. මේ තරම් අඩු කුලේ තත්වයකට ලන්කාවෙ මාධ්‍ය සදාචාරය වැටුනෙ කොහොමද කියල හිතාගන්න බෑ.
ප්‍රයිවට් චැනල් පැත්තකින් තියමු. ඉස්සර රජයේ මාධ්‍ය ඔය පාරෙ ගියේ නෑ. දැන් ඒකට ඒවත් ඒ පාත් එකම ප්‍රමෝට් කරනව පහුගිය කාලෙ දැක්ක. දැන් අවුරුදු තුන හතරකට උඩදිත් තණමල්විල කොල්ලෙක්, සුදු ඇදගෙන කලු ඇවිදින්, වීරයා ගෙදර ඇවිත්, කුඹියෝ, සහෝදරයා වගේ කොච්චර ලස්සන නාට්‍ය එහෙම ගියාද. රටකට වෙච්ච දෙයක්.