පාදඩ මාධ්‍යකරණයේ නූතන සළකුණ ස්වර්ණවාහිනී !
මෝටර් රථයක් මාර්ගයේ යම් මාර්ග නීතියක් කඩකිරීම නිසා මාර්ග රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙක් විසින් එම මෝටර් රථය නවතා අදාළ රියදුරු අසළට ගොස් වැරැද්ද පෙන්වා දී රියදුරු බලපත්‍රය ඉල්ලත්දී කොහොදේ සිට පැමිණෙන ස්වර්ණවාහිනී සොකඩ කැමරා කරුවෙක් එය වීඩියෝ ගත කරන සහ අදාළ රියදුරුගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන වීඩියෝවක් ස්වර්ණවාහිනිය විසින්ම මුදාහැර ''වැරැද්ද කළා මදිවට සද්දෙත් දානවා'' යන්න හුවා දක්වමින් සිය පාදඩ මාධ්‍ය භාවිතාව පෙන්වන වීඩියෝවක් දුටුවෙමි.
කුමක් හෝ වාහනයක් මාර්ගයේ වැරද්දක් කරනතුරු සිය කැමරා මානාගෙන බලාසිටින,එය ප්‍රවෘත්තියක් කොට එදාවේල පිරිමහගන්න හදන ස්වර්ණවාහිනී පාදඩ මාධ්‍ය භාවිතාවට එරෙහි විය යුත්තේ මක් නිසාද යන්න ඉහත සිද්ධියේ රියදුරුම හොද පණිවිඩයක් ලබා දෙනවා ඇසුනි.
''වැරද්දක් උනානම් ඒක පිළිඅරගෙන අදාළ කටයුතුවලට මමයි,පොලිසියයි මැදිහත්වෙන්නම්,ඔයා මේක වීඩියෝ කරන්නේ මොකද,එහෙම අයිතියක් ඔයාට ලැබෙන්නේ කොහොමද.''මේක මගේ ප්රයිවසිඑක'' !!
''මේක මගේ ප්රයිවසිඑක''
රියදුරා වැරද්දක් කලත් ඔහුගේ කතාව සම්පුර්ණයෙන්ම සැබෑය,එය ඔහුගේ පුද්ගලිකත්වයයි,එය පොලිසිය සමග බේරාගෙන අදාළ කටයතු කරනවා වෙනුවට එය වීඩියෝ ගතකර ප්‍රසිද්ධ කිරීමට ස්වර්ණවාහිනී නම් පාදඩ මාධ්‍ය ආයතයට ඇති අයිතිය කුමක්ද?දිනපතා දහස් ගණනින් සිදුවන එවැනි සිද්ධීන් වලින් එකක් සිය පුවත් විකාශය හරහා ප්‍රචාරය කිරීමෙන් අගතියට පත්වන්නේ එක් රියදුරකු පමණක් නොවේද? එසේනම් සියල්ල වීඩියෝ කර පෙන්විය යුතුය.
අදාළ අවස්තාව වීඩියෝ ගත කිරීමට පොලිසිය ඉඩ දෙන්නේ ඇයි? නිතිය වුවුද යම් පුද්ගලයකුගේ පුද්ගලික්වත්ය ඉදිරියේ ගෞරවය ලබාදිය යුතු වන අතර මාධ්‍යට එවැනි ආචාරධර්මයක් ගැන අබමල් රේණුවක තරම්වත් දැනීමක් ඇතිබව උගන්වා නැත්තේ ඇයි? අපරාධකරුවකුගේ වුවුද පුද්ගලිකත්වය සමග මෙසේ ස්වර්ණවාහිනිය සෙල්ලම් කර පළවෙනි අවස්තාව මෙය නොවේ,සේයා දැරියගේ සිද්ධියේදී පවා අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සැලකුවේද ඔවුන්ගේ පුද්ගලික්වත්ය හැකි පහතම අඩියටම ඇදදමමිනි.එවන් වගකීම් විරහිත පුද්ගලිකත්වයට හානි කරන මාධ්‍ය භාවිතාවකින් රටට ඇති කිසිදු ඵලයක් නැති බව ස්වර්ණවාහිනියේ ප්‍රවුර්ති අංශයේ පාදඩයෝ ටික දැන්වත් තේරුම් ගත යුතුය !
තවද ස්වර්ණවාහිනිය ඔබේ කකුස්සියට පැමිණ ඔබ මළපහ කළ ආකාරය හරිද වැරදිද යන්න තීරණය කරන දිනය වැඩි ඈතක නොවන බවද මතක තබා ගන්න !