සංඝයා වහසේලාට නම් ඇවැත් කියලා පිටකේ තියෙනවා..
59. සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදෙයි නම්, සඟවෙසෙස් ඇවැත් වේ.
සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නො මිදේ නම්, ථුලැසිඇවැත් වේ.
සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, මිදෙයි නම්, ඇවැත් නො වේ.
සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.
නො සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, මිදේ නම්, ඇවැත් නො වේ.
නො සිතයි නම්, වෑයම් කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.
නො සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, මිදෙයි නම්, ඇවැත් නො වේ.
නො සිතයි නම්, වෑයම් නො කෙරෙයි නම්, නො මිදේ නම්, ඇවැත් නො වේ.
60. සිහිනෙන් ද, නො මුදන අදහස් ඇත්තහුට ද, උමතුවූවහුට ද, වික්ෂිප්ත සිත් ඇත්තහුට ද, වේදනාවෙන් පෙළෙන්නහුට ද, ආදි කර්මමිකයාට ද ඇවැත් නො වේ