ස්වාමීන්_වහන්සේලාගේ ඝාතනය
ස්වාමීන් වහන්සේලාගේ ඝාතනය වෙනුවෙන් පොලිස් සුනඛයින් කැඳවයි-4 ක් අත්අඩංගුවේ
කෝට්ටේ රජ මහා විහාරයේ වැඩ වාසය කළ භික්ෂුන් වහන්සේලා දෙනමක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සිව්දෙනකු පොලිස් අත්අඩංගුවට පත්වූ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
සිද්ධිය සැලවීමත් සමග වහාම ක්රියාත්මක වූ පොලීසිය අද අලුයම පොලිස් සුනඛයන් යොදවා මෙම සිව්දෙනා අත්අඩංගුවට ගත් බව අප වාර්තාකරු කියා සිටියි.
පොලිස් සුනඛයන් රජ මහා විහාරයට ඉදිරිපසින් වන්නට ඇති ගොඩනැඟිල්ලක් හදමින් සිටි කම්කරුවන් පිරිසකට ඉව කළ බවත්,එම පිරිස ඒ වන විට මත්පැන් පානය කරමින් සිටි බවත් අප වාර්තාකරු සඳහන් කරයි.
ප්රකෝප වූ අසල්වාසීන් එම පිරිසට පහරදීමට උත්සාහ කළත් ආරක්ෂක අංශ වහා මැදිහත්වී තත්ත්වය පාලනය කළ බවත්,ඒ අනුව පුද්ගලයින් සිව්දෙනා පොලිස් අත්අඩංගුවට ගත් බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.
ඊයේ රාත්රීයේ විහාරස්ථානය තුළදීම පිහියෙන් ඇණ බරපතළ තුවාල සිදුකිරීමෙන් පිටිගල ජිනසිරි(80)සහ බොරලැස්ගමුවේ ගුණරතන(60)යන ස්වාමීන් වහන්සේලා මෙසේ ඝාතනයට ලක් කර තිබුණි.
එක් ස්වාමීන් වහන්සේ කෙනකු එම ස්ථානයේම මිය ගොස් සිට ඇති අතර අනෙක් ස්වාමීන් වහන්සේ රෝහලට ඇතුළත් කරද්දී මිය ගොස් ඇති වග අප වාර්තාකරු කියා සිටියි.