ස්‌ත්‍රී_දූෂණය

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ස්‌ත්‍රී_දූෂණය

    පවිටන් අටදෙනෙකුට ගොදුරු වූ අහිංසකාවිය!




    post_rape.jpg




    ස්‌ත්‍රී දූෂණයන්ට හසුව වැරදිකරුවන් වන අයට අවු( 15 හෝ 20 සිර දඬුවම් නියම වන අවස්‌ථා පුවත්පත් වල වාර්තාවේ. තරුණයකු මේ අවුරුදු 15 ක්‌ සිර ගෙදර ගත කිරීම යනු ඔහුගේ ජීවිත කාලයෙන් සෑහෙන කොටසකි. හිර ගෙදරින් නිදහස්‌ව ආවද ඔහුට හරි හමං රැකියාවක්‌ නොලැබෙනු ඇත. රැකියාවක්‌ ලැබුණද එය දුකසේ කරන රැකියාවක්‌ වනු ඇත.

    අනිත් අතට සිර ගෙදර යනු නිකම් කකා බිබී සිටිය හැකි තැනකැයි සිතන්නෝද වෙති. සිර ගෙදර යනු නිදහස සහමුලින්ම ඇහිරුනු තැනකි. කන්නට ලැබෙන්නේ නීරස බත්වේලකි. ඊට ද පෝලිමේ යා යුතුය. රෑ නිදන්නට ලැබෙන්නේ පැදුරු කඩමාල්ලක්‌ පමණි. ඒ ද තවත් තුන්හතර දෙනෙක්‌ දැමූ සිරමැදිරියකය. බිත්ති හතරෙන් ඉහල හිස්‌ අහස විනා දඬුවම හමාරවී එළියට එනතුරු එදිනෙදා සැමදා දකින හිරකාරයන් විනා වෙනත් අමුතු කිසිවක්‌ දක්‌නට කිසිදු අවස්‌ථාවක්‌ නැත. පවුලේ කෙනෙකු හෝ ඥතියකු දකින්නට අවස්‌ථාව ලැබෙන්නේ මසකට එක්‌ අවස්‌ථාවක්‌ පමණි.

    හිරගෙදර ගියදා සිට හිරකාරයා සිටින්නේ දවස්‌ ගණන් කරමිනි. ඒ නිදහස්‌ වී ගෙදර යන්නට ලැබෙන දිනය එළඹෙන තෙක්‌ය.

    ස්‌ත්‍රී දූෂණයක්‌ යන්න ස්‌වල්ප මොහොතකට ආශ්වාදනය ලබා දෙන්නක්‌ පමණි. නමුත් එහි ප්‍රතිඵලය ඉතා දුක්‌බරය. හිරේ විලංගුවේ වැටීම යනු සිම්පල් කාරණාවකැයි සිතන්නෝ වෙත්නම් එය මෝඩ කල්පනාවකි.

    එහෙත් යුවතියක්‌ ගැහැනියක්‌ දූෂණය කොට හිරේ යැම සිම්පල් වැඩකැයි සිතන අය දැන් වැඩි වෙමින් තිබෙන බව පෙනේ. ස්‌ත්‍රී දූෂණ වලට බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වන සිද්ධීන් පිළිබඳ පුවත්පත් වාර්තා නිතර පළවේ. සිර දඬුවමට අමතරව ලක්‍ෂ ගණනින් දඩ මුදල්ද නියම වේ.

    තත්ත්වය මෙසේ තිබියදීත් පසුගියදා 06 දා දෙනියායේ තරුණයෝ පිරිසක්‌ නිර්ලඡ්ජිත එවැනි අපරාධයක නිරත වූහ.

    පියා මියගිය පවුලක දියණියක්‌ තරුණයකු සමග පෙමින් බැඳී සිටියාය. එම තරුණයා අසනීපයෙන් පසුවන්නේයෑයි ඔහුගේ යහළුවෙකුගෙන් අර තරුණියට දුරකථන ඇමතුමක්‌ ලැබිණි. අසනීප තරුණයා බලන්නට යනු පිණිස අසුවල් වඩුමඩුව ළඟට එන්න යෑයිද දුරකථන ඇමතුමෙන් වැඩිදුරටත් කියවිණි. අවංක යුවතිය අසනීප පෙම්වතා බැලීමට යැමට ඔහුගේ මිතුරන් හමුවීම පිණිස වඩුමඩුව ළඟට ගියාය. මෝටර් සයිකල් දෙකකින් පැමිණි තරුණයෝ සිව් දෙනෙක්‌ ඇය නංවාගෙන මිතුරා බැලීම පිණිස යනු වෙනුවට පාළු කඩයකට ගෙන යනු ලැබීය. මේ කළේ වංචාවක්‌ බව ඇය දැන ගත්තේ එවිටය. තරුණයන් හතර දෙනාම ඇය දූෂණය කළා පමණක්‌ නොව තවත් සගයින් හතර දෙනෙකුට ද ඇය බිලි දුන්හ.

    තරුණයන් අට දෙනකු අතින් දූෂණයට ලක්‌වූ යුවතියකගේ මානසික තත්ත්වය කෙබඳු විය හැකිද? කරකියා ගත හැකි දෙයක්‌ නොවූ යුවතිය දෙනියාය නගරය පුරා ඇවිද්දේ උමතුවෙනි. ඇය පොලිසියට හසුවූයේ එසේ උමතුවෙන් ඇවිද යමින් සිටියදීය.

    මේ තරුණයන් අට දෙනාගෙන් තවමත් පොලිසියට හසුව ඇත්තේ එක්‌ අයෙකි පමණකැයිද කියති.

    දිනපතාම පාහේ මෙවැනි අවාසනාවන්ත සිදුවීම් පුවත්පත්වල වාර්තාවේ. ඒ සමගම ස්‌ත්‍රී දූෂණ චෝදනා වලට වැරදිකරුවන් වන අයට උසාවිවලින් දෙන දඬුවම් ද වාර්තාවේ. එහෙත් රැල්ල වැඩි වනවා මිස අඩුවන බවක්‌ නොපෙනේ.

    නිල් චිත්‍රපට අසභ්‍ය දර්ශන මේවාට හේතුවී ඇතැයි සමහරු කියති.

    නමුත් ප්‍රධාන හේතුව සමාජයේ හිරි ඔතප් බිඳ වැටීම යෑයි කිව නොහැකිද? හිරි ඔතප් යනු ලඡ්ජා බිය යන දෙකයි. ස්‌ත්‍රී දූෂණ වැඩිවීම රාජපක්‌ෂ පාලන යුගයේ සිදුවූ දෙයකැයි රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි. සමාජයේ ලැඡ්ජා බය නැතිවීම ආරම්භ වී දැන් බොහෝ කල්ය. නිල් චිත්‍රපට පිළිබඳ අවිචාරවත් සමය ආරම්භ වන්නේ නවසිය අසූ ගණන්වල මුල සිටය. එහෙත් මේ සා ස්‌ත්‍ර්‍රS දූෂණ සිදු වූයේ නැත.

    අපේ මවුවරු මැද පෙරදිග යැම ඇරඹුණේද 80 ගණන්වල මුල සිටය. මව නැති පවුලේ විනය කඩා වැටෙන්නේ එතැන් සිටය. මව එවන මුදලින් මත්පැන් බොන පියා ඉන් පසු දියණිය දූෂණය කරයි. ඒවා පුවත්පත්වල පළවේ. ඉන් පසු එය සාමාන්‍ය දෙයක්‌ බවට පත්වේ. හෙට මැරුණත් හිතට සැපයි අද ජොලි කරලා මතය අපේ ජනමතයේ තැන්පත්ව දැන් බොහෝ කල්ය.

    මුදල් හදල් යහමින් නොවූ අල්පේච්ඡ සමාජ ජීවිතයක්‌ ගත කළ අපේ මුල් කාලීන සමාජයේ මෙවැනි දෑ වාර්තා වූයේ නැත. මුදල් සෙවීමේ පහසු මං වැඩිවීමත් සමග මුදල් සමාජය තුළ ඉහඳ තැබීමත් සමග සමාජ සදාචාරය බිඳ වැටේ.

    මේ සිදුවී ඇත්තේ එයයි. එදා කෙල්ලක්‌ රැගෙන යැමට ගමක මෝටර් සයිකල් තිබුණේ නැත. දැන් දෙනියායේ ඈත ගමක වුවද මෝටර් සයිකල් ඕනෑ තරම් තිබේ. එදා ගමක තරුණයකු කුමක්‌ හෝ වැඩක යෙදුණේය. අද ගමෙහි නගරයෙහි කොපමණක්‌ නම් තරුණයෝ නිකරුණේ සිටිත්ද? ඩෙනිම් කලිසම් හැඳ හෑන්ඩ් ෙµdaන් අතින් ගෙන මෝටර් සයිකල් වල නැගී එහා මෙහා යනවා විනා ඔව්හු යම් කිසි කර්මාන්තයක නියුක්‌තයෝ නොවෙති. ඉදින් නිකරුණේ ඔබ මොබ යන ඔවුන් කතිකා කරන්නේ අර අදින්නේ යුවතියක්‌ ඩැහැ ගැන්මට නොවේද?

    එකල අපේ ගමේ තරුණයකු තරුණියක්‌ ඔසවා ගෙන යන්නට තැත් කළේය. තරුණිය කෑ කෝ ගසා බිමට පැන දිව්වාය. උසාවියේ නඩු අසා තරුණයාට දෙවසරකට ඇඟ බඳිනු ලැබීය. ඒ තරුණයාට විවාහයක්‌ කර ගන්නට බැරි විය. ඔහු කළ වරද හැම විටම ඉදිරියට ආවේය. නමුත් අද එසේ නොවේ. දූෂකයාට අද එවැනි සමාජ අවමානයක්‌ නැත. දෙතුන් වසරකට හිරගෙට ගොස්‌ පෙරළා එන ඔහු සමාජයට බහින්නේ ගණංකාරයෙකු ලෙසය. එපමණක්‌ නොවේ. ඔහුට විවාහයක්‌ කර ගැනීමේ කිසිදු අපහසුවක්‌ නැත. දූෂණ නඩුවලට පෙනී සිටීමට ඇතැම් දූෂකයන් උසාවියට පැමිණෙන්නේ සිය විවාහක බිරිඳ සමගිනි.

    ස්‌ත්‍රී දූෂකයකු වීම සමාජ අවමානයට කරුණක්‌ නොවේ. ලඡ්ජා බය දෙක පිරිහීම යනු එයයි. ගෝනවල සුනිල් උදාහරණය ඊට ප්‍රසිද්ධ උදාහරණයකි. ගෝනවල සුනිල් ගමන් කරන දුම්රියකදී දොස්‌තර මහත්මයකුගේ දියණියක්‌ දූෂණය කළ අයෙකි. ඔහු සිරගෙට නියම වූ කල එවක ජනාධිපතිව සිටි ඡේ. ආර්. ජයවර්ධන මහතා විශේෂ සමාවක්‌ යටතේ ඔහු නිදහස්‌ කරන ලදී. අනතුරුව ඔහු සාමදාන විනිශ්චයකාර ධුරයක්‌ ද ලැබ රැකියාදීම්, ස්‌ථානමාරුවීම් හදාගැනීම්, පාසල් වලට ළමුන් ඇතුළත් කිරීම් යනාදී දේශපාලන කටයුතු කරමින් කැලණිය ප්‍රදේශයේ ප්‍රභූවරයකු ලෙස කටයුතු කරමින් සිටියදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වෙඩි පහරකට ලක්‌ව මිය ගියේය.

    එවකට කැලණිය ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වූයේ වත්මන් විපක්‍ෂ නායකයාය.

    ඒ එදා දුන් ආදර්ශයයි. අද වන විට ඒ ආදර්ශය බොහෝ දුර ගමන් කර ඇත. එදා එජාපයේ ගෝනවල සුනිල් වෙනුවට වර්තමාන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ගෝනවල සුනිල්ලා එමට සිටින බව වට පිට බලන විට පෙනේ.ඉදින් එබඳු සමාජයක ස්‌ත්‍රී දූෂකයන් සුලබවීම පුදුමයක්‌ නොවේ. එබැවින් මහින්ද රාජපක්‍ෂ යුගයේ ස්‌ත්‍රී දූෂණවලට ඇඟිල්ල දිගු කිරීමේ අයිතියක්‌ රනිල් වික්‍රමසිංහ මහතාට නැතුවාසේම ඔහුගේ චෝදනාවෙන් ගැලවීමටද වර්තමාන රජයටද පුලුවන්කමක්‌ නැත.

    ස්‌ත්‍රී දූෂණ ඉදිරියටත් පවතිනු ඇත. මේ සමාජ ආර්ථික ක්‍රමය ගෙන යන තාක්‌ ස්‌ත්‍රී දූෂණ පවතිනු ඇත.




    චන්ද්‍රසිරි දොඩන්ගොඩ

    divaina 12/08/2012
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    ගෝනවල සුනිල් ගමන් කරන දුම්රියකදී දොස්‌තර මහත්මයකුගේ දියණියක්‌ දූෂණය කළ අයෙකි.:shocked:

    e kaleth mara walaththayone idala thiyenne.:dull:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් හරිනේ 8 දෙනාම කපනකො පරිප්පුව හිරේ ඇතුලේ . අපේ එඋං ට පිස්සු .අතින් වාරු කරන් ඉන්නේ නැතුව rape කරන්න ගිහින්. පව් බන් කෙල්ල. ඇත්තටම අපේ මිනිස්සුන්ට මොකද මේ වෙන්නේ. අපි pakistan වල හරක් මරණ හැටි facebook එකේ share කරනවා, කරලා කියනවා සත්ව හිංසනය පිටුදකිමු කියල ,යකෝ un මේවා share කරොත් එක බල්ලෙක් වත් ලංකාවට එන්නේ නැහැ :angry::angry::angry::angry::angry::angry: