ස්වාධීනත්වයට තර්ජනයක් - හිජකුපාම කියයි
පිළිගත් ක්‍රමවේදයෙන් පිට මහාධිකරණ විනිශ්චයකාරවරයෙකු පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
මේ රටේ පිළිගත් ක්‍රමවේදය වන්නේ ශේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ හා මහාධිකරණයේ විනිශ්චයකාරවරුන් සියලු දෙනාම පාහේ එක්කෝ අධිකරණ සේවය තුළින්ම නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුව තුළින් පත් කිරීමයි. මේ ආකාරයට ජ්‍යෙෂ්ඨත්වය හා සුදුසුකම් මත විනිශ්චයකාරවරුන් පත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වය රඳා පවතින එක් ප්‍රධාන කුළුනක් වෙයි.