සාංකාව ගැන පොඩි කතාවක්

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    අවුරුද්ද අවසාන වෙන්න ලඟ නිසාද මන්දා සාංකාමය කාංසාමය ත්‍රෙඩ්ස් පේනව. ෆුල් ඔන් සුයිසයිඩල් පෝස්ට්ස් ටිකක් දැක්කා. මේ ඇඩ්වයිස් නෙමේ, පොඩි කතාවක්.

    පොඩ්ඩක් පර්සනල් නමුත් මේක කියන්න විදිහක් නෑ එහෙම නැතුව. ඩීටේල් අයින් කරනවා හැකිතාක්.

    ඒලෙවල් කරල ඉවර උන ගමන් තමා ජීවිතෙ අඩියටම වැටුණු කාලෙ. යාලුවෙක්ගෙ මාර්ගයෙන් Thus Spoke Zarathustra ගෙන්නා ගත්තා. දන්නෙ නෑ මේකම කියවන්න හිතුනෙ ඇයි කියල, ඒ කාලෙ සාන්දෘශ්ඨිකවාදියො ගැන ආටිකල් කියවමින් ඉද්දි මේ පොත තැනින් තැන සඳහන් වෙලා තිබ්බා. තව ඒ කාලෙම බලපු Little Miss Sunshine කියල ෆිල්ම් එකේ ටීනේජ් කොල්ලෙක් ඉන්නවා ඌට ලෝකේ හැම එකාම එපා වෙලා ඉන්නේ, පවුලේ අය එක්ක වචනයක් කතා නොකර ජීවත්වෙන්නේ. පයිලට් කෙනෙක් වෙන්න හීන දකින ඌ Thus Spoke Zarathustra පොත තමා අතේ තියාගෙන ඉන්නේ ගොඩක් විට. අපි ගිලෙන්න ගියාම එල්ලෙන පිදුරු ගහ තෝරාගන්නේ කොහොමද? මම දන්නේ නෑ. කොහොමහරි මම තෝරගත්ත පිදුරු ගහ ඕක. මගේ වාසනාවට එල්ලුනේ පිදුරු ගහක නෙමේ වෙනම දේක.

    ඉතිං ඔය පොත මම අවුරුද්දක් විතර නැවත නැවත හය හත් වතාවක් කියෙව්වා මගේ හිතේ. පොත ගැන ඕනෙනම් පස්සෙ ලියන්නම්, නමුත් මට කියන්න ඕනෙ උනේ වෙන දෙයක්.

    නීෂ ඔය පොත ලියන්නේ ප්‍රේමයෙන් ප්‍රතික්ෂේප වෙලා අඩියටම වැටිලා ඉන්න වෙලාවක. ඒ වුනාට පොත කියෙව්වම මේකේ ෆීල් එක තියෙන්නේ දුර්මුඛභාවයක් නෙමෙයි. පොතේ ෆීල් එක මාර රෞද්‍ර අනුරාගයක් ජීවිතය ගැන. සරතුස්ත්‍රාගේ ඩිප්රෙෂන් එක වුනත් අපේ වගේ ඩිප්රෙෂන් එකක් නෙමෙයි. ඒකට ඉරහඳ වුනත් කළුවර වෙනවා. දුකත් මාර ගැඹුරු දුකක්. කොහොමහරි කඳුමුදුන තමයි සරතුස්ත්රාගේ අරමුණ. උඩම තැනට නගින්න ඕන. ඉහලම කඳු මුදුනට තමා දරුණුම ප්‍රපාතය පෙනෙන්නෙත්. මේ දෙකේම ගැඹුර තමයි හොයන්නේ. මම ගත්ත පොත පරිවර්තනය කරලා තිබ්බේ Walter Kaufmann. පරිවර්තකගේ ඉන්ට්‍රෝ එකේ නීෂ මේ කාලේ යාලුවෙක්ට යවපු ලිපියක එක වාක්‍යයක් ක්වෝට් කරලා තිබ්බා "How do I turn this muck into gold?", "මම මේ ජරාව සියල්ල රත්තරං බවට හරවන්නේ කොහොමද?". මේ 'ජරාව' කියල අදහස් කරන්නේ තමන්ගේ විඳවීම. නීෂ ඔතන කියන්නෙ "කොහොමද මම මගෙ පුද්ගල අර්බුදය නැවතත් ලෝකය පිළිබඳ ආදරෙන් බැඳෙන්න උපයෝගී කරගන්නෙ?" වගේ දෙයක් විදිහටයි මම තේරුම් ගත්තෙ. එයා තමන්ගෙ සාංකාවෙන් එලියට එන්නෙ තමන්ගෙ මැග්නම් ඔපුස් එක ලියලා.

    ඔය ක්වෝට් එක ඒක මුලින්ම කියවපු දවසෙ ඉඳල අද වෙනකං ඕනෑම අවස්ථාවකදී ඔලුවේ තියෙනවා. කොච්චර කොහොම පහත තත්වයක හිටියත් චොර චාටර් වුනත් ඒක අවසානය නෙමෙයි. තවම පණපිටින්. මම ඔය ක්වෝට් එක ඇහුවේ රන් ඔෆ් ද මිල් ධනාත්මක චින්තනකාර සාර්තකත්ව ගුරු කෙනෙක්ගෙන් නොවී නීෂ වගේ එකෙක්ගෙන් වීම නිසා මම හිතන්නේ ලොකු ව්‍යසනයකින් ගැලවුනා කියල. පොතේ තියෙන්නේ නීෂගේ ඔය මනෝභාවයම තමයි. ප්‍රබන්ධයක් විදිහට සරතුස්ත්රා හරහා නීෂ ලියන්නේ ජරාව සියල්ල රත්තරං බවට හරවපු එකෙක් ගැන කතාවක්. ඒ කතාව ලංකාවේ අවුරුදු සීයකට විතර පස්සේ ඉන්න එකෙක් බැරි බැරි ගාතෙ කියෙව්වම වුනත් ඌට ඒක පිදුරු ගහක් වෙන්න පුළුවන්.


    ---​


    විශේෂයෙන් තරමක පහල මැද පන්තියේ සමහරුන්ට වෙන දෙයක් තමයි ජීවිතය එපා වීම. හේතු විවිධයි. සමහරු ප්‍රේම සම්බන්ධයන් බිඳීම නිසා, සමහරු අරමුණක් හදා ගැනීමට නොහැකි වීම නිසා, සමහරු රස්සා ප්‍රශ්න නිසා, සමහරු ජීවිතේ ගැන හිතලා හිතලා උස්මුරුත්තාවට ගිහින් එපා වීම නිසා, සමහරු දශක ගණන් මත්ද්‍රව්‍ය පාවිච්චිය නිසා... ආදී වශයෙන්. ප්‍රකාශිත හේතු මොකක් වුනත් මේ මානසික අවපාතය ලේසි නෑ ඉවර කරගන්න එක. බොහෝ විට අවුරුදු ගණන් එක දිගට ඇදෙනවා.

    නීෂ තමන්ගෙ යාලුවට අරම කියන එකෙන් පේන්නෙ මේකයි—දුර්මුඛභාවයේ පතුලේදී වුනත් නීෂට අදහසක් තියෙනවා ජීවිතේ මෙහෙම වෙන්නම ඕන නෑ කියල. ඒ හේතුවෙන් ජීවත් වෙන්න පුළුවනි. තමන්ගේ දුර්මුඛභාවය රත්තරන් බවට හරවන්න උවමනාවක් එයාට තියෙනව.

    අපිට කියන්න පුළුවන් මේ කාලේ අපිට නැත්තේ ඔන්න ඔය දැක්ම කියල. වැටුනට පස්සේ ගොඩ එනවා කියල එකක් නෑ. දණින් වැටුණ එකාට නැගිටිනවා කියල එකක් තේරෙන්නේ නෑ මොකද එහෙම උඩක් පහලක් හරි වැරැද්දක් නෑ. සියල්ල අර්ථ විරහිත නම් කිසිවෙක් කිසිවක් කරන්නේ මොකටද? ඒ නිසා දැන් දුර්මුඛභාවය කියන්නේ තාවකාලික තත්වයක් නෙමෙයි, සදාකාලික තත්වයක්. ලෝකය තුල අපි කිසිම යුක්තියක් සාධාරණයක් සත්‍යයක් යහපතක් දකින්නේ නැති නිසා කරන්න දෙයක් නෑ.

    මේකෙන් ගොඩ එන්න මම ගියපු පාර මේකයි: පළවෙනි පියවර—යුක්තිය සාධාරණය සත්‍යය යහපත ආදී සියල්ල මනුෂ්‍ය නිර්මාණ බව මට පේනව. ලෝකයට අපි දෙන අර්ථ නැතිනම් ලෝකය අරුත්සුන්. මම ජීවත් වන ලෝකය දිහා බැලුවම මම හොඳටම දන්නව (හොඳටම!) ලෝකයෙ යහපත-අයහපත ගැටලුව ගැන අපිට සපයල දීල තියෙන උත්තර ඔන්ටොලොජියක් විදිහට නිවරැදි නැති බව. මම හොඳටම දන්නව කර්මානුරුපිව හෝ වෙනයම් ක්‍රමයක් අනුව පැවැත්ම වැඩ නොකරන බව. දැන් එතකොට සියල්ල හරිද? පිළිතුර නාස්තිකවාදය ද?

    නැහැ, දෙවනි පියවර— ජීවිතයට අර්ථයක් නැති නම් ජීවිතය අර්ථයකට අනුව හසුරුවන්න ඕන. යුක්තිය සාධාරණය සත්‍යය යහපත ගැන අදහස් අති මහත්වූ ආත්මීය විශ්වාසයකින් වැලඳ ගත යුතුයි. මෙතන දැඩි විශ්වාසයක් කියන්නෙ සීරියස් ආගමික භක්තියක් වගේ එකක්. විශ්වාසය කියන්නෙ සිද්ධාන්ත ගොන්නක් නෙමේ, විශ්වාසය තියෙන්නෙ ප්‍රැක්ටිස් එකේ. ඒක දැඩි විනයක් සහ කැපකිරීමක් අවශ්‍ය වෙන අමාරු අසීරු දෙයක්. සමහර වෙලාවට භයානක දෙයක්. අවස්ථාව අනුව අදහස් වෙනස් කරන ප්‍රායොගිකවාදියෙකුගෙ ජීවිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ කතාවක් මේ (මේ නිසයි මම අනාගමිකයෙක් නොවන්නේ).

    කාංසාවට යෝජනා කරන ජනප්‍රිය මට්ටමේ පිළිතුර නම් කිසිම අර්ථයක් නොසපයන තිරිසන් කාමසුඛල්ලිකානු යෝගය. ඒ ගැන කතා කිරීමවත් තේරුමක් ඇති දෙයක් නෙමෙයි.

    දිග වැඩි උනා, නමුත් සමස්ත අදහස මේකයි—අපි ජීවත් වෙන්නෙ අනර්ථකාරි ඝන අන්ධකාරය පිරුන පසුබිමක බව ඇත්ත. අපි කුඩා කාලයෙ ඉඳල වැඩිහිටි වයස දක්වා වැඩෙන්නෙ සියලුම පැති වලින් අල්ලාගෙන ඉන්න අත් වල වාරුවෙන්. නමුත් මේ අත්කාලයත් සමඟ අතහැරෙනව. සමහර අයට තමාව අල්ලාගන්න අත් හොයාගන්න අපහසු වෙනව (බොහෝ විට නම් වෙන්නෙ තමාව අල්ලන්න ඉදිරිපත් වෙන අයව තමන් විසින්ම ප්‍රතික්ෂේප කිරීම කියලයි මන් හිතන්නෙ). මේ සමාජයෙන් වියුක්ත වෙන තත්ත්ව ජීවිතෙ කෑලිවලට කඩලා දාන පුද්ගල අර්බුද වලට පරිවර්තනය වීම සාමාන්‍ය දෙයක්.

    කොයිතරම් අපහසු උනත් ඒ අර්බුද රත්තරන් බවට හරවාගැනීමට වැඩ කිරීම හැමවිටම අතිශය උද්යෝගීමත් දෙයක්. නැවතත් ඉර එලිය පිරුණු දවසක, කුඩා ළමයි කෑගසන පරිසරේක එහෙම නැත්තම් කාන්තාවකගෙ සුන්දරත්වය විඳිය හැකි මනුස්සයෙක් බවට පත්වීම නරක දෙයක් නෙමෙයි නේද?
     
    Last edited:

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    698
    2,033
    93
    33
    උබ කියන දේ ළඟින් යන ගොඩක් සරල කරපු video එකක් කියලා හිතුනා මේක



    Little Miss Sunshine එකේ මාමාගේ පොත කියෙව්වද? Proust ගේ In Search of Lost Times
     
    • Like
    Reactions: Asmodeus

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    උබ කියන දේ ළඟින් යන ගොඩක් සරල කරපු video එකක් කියලා හිතුනා මේක



    නාස්තිකවාදෙයි අශුභවාදයෙත් ෆන්ක්ෂනල් වෙනසක් තියෙනව ඕක බලද්දි මතක් උනෙ.

    නාස්තිකවාදය රිනවුන්ස් කිරීම ගැන ගැටලුවක් නෑ. ඒත් ශුභවාදය එක්ක අශුභවාදයත් ජීවිතෙ නොතිබීම ගැටලුවක් වෙනව. මෙතනදි තමා ධනාත්මක චින්තන ගුරාලගෙන් හැකිතාක් ඈතට දුවන්නෙ.

    මිනිස් ස්වභාවය හිතද්දි ඒ ගැන මඟාරින්න බැරි තරමෙ අශුභවාදයක් තියෙනව. හැබැයි මිනිස්සුත් එක්ක වැඩ කරද්දි ආගමික භක්තියකින් ශුභවාදියි, කොයිතරම් අපතයො හිටියත් ඒක ආයෙ වෙනස් වෙන්නෙ නෑ. Pessimism in theory, optimism in practice.

    Little Miss Sunshine එකේ මාමාගේ පොත කියෙව්වද? Proust ගේ In Search of Lost Times

    Swann’s Way විතරයි කියෙව්වෙ. කාලෙකට පස්සෙ මේ ලොක්ඩවුන් එකේදි.

    උඹ මතක් කරපු එක හොඳයි, ඔය බෑනයි මාමයි අතේ තියෙන පොත් දෙක හරි සිම්බොලික්. දෙන්නගෙ ගැටලු දෙක අස්සෙ උන් එල්ලිලා ඉන්න දේවල්.
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,838
    113
    Mother Earth
    මම දන්නෑ බන්. උබ මාරම knowledge එකක් තියෙන කෙනෙක්. ම මේක කලිනුත් කියල තියෙනවා. සිංහලද ඉංග්‍රිසිද උබට ඕන එකක්. ඉතන් ඒ දැනුමින් මොකක් හරි පොතක් ලියල පබ්ලිෂ් කරපන්කො. අපි හිතමු "ඩිප්‍රෙෂන් වලින් ගොඩ එන්නෙ කොහොමද ?" අන්න ඒ වගේ title එකක්. උබ මේව එළකිරියෙ ෂෙයා කරාට උබේ දැනුමට ඇගයීමක් හෝ වටිනාකමක් ලැබෙන්නෙ නෑ මම හිතන්නෙ. :nerd: :nerd:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Ado Mata therune Nene. Eth sehenna watina content ekak kiyala nam theruna.

    Ara potha gena meke dahanko. Mokakda eke content eka?


    Puluwan nm ube knowledge eken thread series ekak start karapan. :yes:

    Ubata mona wage areas gena da hodatama knowledge eka thiyenne
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    මම දන්නෑ බන්. උබ මාරම knowledge එකක් තියෙන කෙනෙක්. ම මේක කලිනුත් කියල තියෙනවා. සිංහලද ඉංග්‍රිසිද උබට ඕන එකක්. ඉතන් ඒ දැනුමින් මොකක් හරි පොතක් ලියල පබ්ලිෂ් කරපන්කො. අපි හිතමු "ඩිප්‍රෙෂන් වලින් ගොඩ එන්නෙ කොහොමද ?" අන්න ඒ වගේ title එකක්. උබ මේව එළකිරියෙ ෂෙයා කරාට උබේ දැනුමට ඇගයීමක් හෝ වටිනාකමක් ලැබෙන්නෙ නෑ මම හිතන්නෙ. :nerd: :nerd:

    සෙල්ෆ්-හෙල්ප් ගුරෙක් බුද්ධිමතෙක් ගානට මාව දාන්න එපා යකුනෙ විලිලැජ්ජයි 😀

    මේවයෙ අලුත් දැනුමක් හෝ ඇත්තක් නෑ මේව හැමෝටම වෙනව එකම දේ කියවීම අඩු උනාම දේවල් ප්‍රොසෙස් කරගන්න කොන් හම්බවෙන්නෙ නෑ. කියවපන්. ඒ කොච්චර කියෙව්වත් අන්තිමට මොකක් හරි අර්ධ සත්‍යයක ජායාවක් වගෙ එකක් තමා ඉතුරු වෙන්නෙ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,899
    1
    60,838
    113
    Mother Earth
    Ado Mata therune Nene. Eth sehenna watina content ekak kiyala nam theruna.

    Ara potha gena meke dahanko. Mokakda eke content eka?


    Puluwan nm ube knowledge eken thread series ekak start karapan. :yes:

    Ubata mona wage areas gena da hodatama knowledge eka thiyenne
    මුගෙ බර වචන මටත් තේරුම් ගන්න බෑ. මම හිතුවෙ මට විතරයි තේරෙන්නැත්තෙ කියල. කොච්චර බරද කියනව නම් කොම්පියුටර් මේසෙ ගිලා බැස්සා. :nerd:
     
    • Haha
    Reactions: Erzo and Asmodeus