TFS
ara pothe PDF eka ganna widiyak nadda bro
Pewdiepie මේ වීඩියෝ එකේ ඔයා කිව්ව පොතේ කොටසක් quote කරනවMotivational videos and self-help literature probably can't and won't help you (probably is the key term here, I'm not entirely sure). Not that their form is inherently ill equipped to convey any insight but most I’ve seen have been hindered by superficiality to an extent it is hardly of any importance. I think a lot of people share my sentiment.
Trivial wisdom can only carry you so far. One needs to derive something profound and workable out of their own personal crisis. At the end of the day, some form of a struggle is unavoidable.
But I won’t be presumptuous to say motivational videos are not useful to anyone. Who knows, despite being insufferably cringeworthy there may be people that find them extremely useful.
කංසා වගේ දැකල දුවගෙන ආපු මමමේකෙ වැදගත් මිනිස්සුත් ඉන්නවනෙ

ඔය කියන විධියට උබ අශුභවාදීයෙක්ටත් වඩා නරුමවාදියෙක් විදියට මට පේන්නේ. කලියුගය යුගාන්තය ඉන්න තිස්ස වගේ.නාස්තිකවාදෙයි අශුභවාදයෙත් ෆන්ක්ෂනල් වෙනසක් තියෙනව ඕක බලද්දි මතක් උනෙ.
නාස්තිකවාදය රිනවුන්ස් කිරීම ගැන ගැටලුවක් නෑ. ඒත් ශුභවාදය එක්ක අශුභවාදයත් ජීවිතෙ නොතිබීම ගැටලුවක් වෙනව. මෙතනදි තමා ධනාත්මක චින්තන ගුරාලගෙන් හැකිතාක් ඈතට දුවන්නෙ.
මිනිස් ස්වභාවය හිතද්දි ඒ ගැන මඟාරින්න බැරි තරමෙ අශුභවාදයක් තියෙනව. හැබැයි මිනිස්සුත් එක්ක වැඩ කරද්දි ආගමික භක්තියකින් ශුභවාදියි, කොයිතරම් අපතයො හිටියත් ඒක ආයෙ වෙනස් වෙන්නෙ නෑ. Pessimism in theory, optimism in practice.
නැහැ, දෙවනි පියවර— ජීවිතයට අර්ථයක් නැති නම් ජීවිතය අර්ථයකට අනුව හසුරුවන්න ඕන. යුක්තිය සාධාරණය සත්‍යය යහපත ගැන අදහස් අති මහත්වූ ආත්මීය විශ්වාසයකින් වැලඳ ගත යුතුයි. මෙතන දැඩි විශ්වාසයක් කියන්නෙ සීරියස් ආගමික භක්තියක් වගේ එකක්. විශ්වාසය කියන්නෙ සිද්ධාන්ත ගොන්නක් නෙමේ, විශ්වාසය තියෙන්නෙ ප්‍රැක්ටිස් එකේ. ඒක දැඩි විනයක් සහ කැපකිරීමක් අවශ්‍ය වෙන අමාරු අසීරු දෙයක්. සමහර වෙලාවට භයානක දෙයක්. අවස්ථාව අනුව අදහස් වෙනස් කරන ප්‍රායොගිකවාදියෙකුගෙ ජීවිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ කතාවක් මේ (මේ නිසයි මම අනාගමිකයෙක් නොවන්නේ).
ඔය කියන විධියට උබ අශුභවාදීයෙක්ටත් වඩා
නරුමවාදියෙක් විදියට මට පේන්නේ.
මේ කියන්නේ moral relativism ගැනද? සාපේක්ෂ සදාචාරයක් ගැනද?
මේකෙන් ගොඩ එන්න මම ගියපු පාර මේකයි: පළවෙනි පියවර—යුක්තිය සාධාරණය සත්‍යය යහපත ආදී සියල්ල මනුෂ්‍ය නිර්මාණ බව මට පේනව. ලෝකයට අපි දෙන අර්ථ නැතිනම් ලෝකය අරුත්සුන්. මම ජීවත් වන ලෝකය දිහා බැලුවම මම හොඳටම දන්නව (හොඳටම!) ලෝකයෙ යහපත-අයහපත ගැටලුව ගැන අපිට සපයල දීල තියෙන උත්තර ඔන්ටොලොජියක් විදිහට නිවරැදි නැති බව. මම හොඳටම දන්නව කර්මානුරුපිව හෝ වෙනයම් ක්‍රමයක් අනුව පැවැත්ම වැඩ නොකරන බව. දැන් එතකොට සියල්ල හරිද? පිළිතුර නාස්තිකවාදය ද?
නැහැ, දෙවනි පියවර— ජීවිතයට අර්ථයක් නැති නම් ජීවිතය අර්ථයකට අනුව හසුරුවන්න ඕන. යුක්තිය සාධාරණය සත්‍යය යහපත ගැන අදහස් අති මහත්වූ ආත්මීය විශ්වාසයකින් වැලඳ ගත යුතුයි. මෙතන දැඩි විශ්වාසයක් කියන්නෙ සීරියස් ආගමික භක්තියක් වගේ එකක්. විශ්වාසය කියන්නෙ සිද්ධාන්ත ගොන්නක් නෙමේ, විශ්වාසය තියෙන්නෙ ප්‍රැක්ටිස් එකේ. ඒක දැඩි විනයක් සහ කැපකිරීමක් අවශ්‍ය වෙන අමාරු අසීරු දෙයක්. සමහර වෙලාවට භයානක දෙයක්. අවස්ථාව අනුව අදහස් වෙනස් කරන ප්‍රායොගිකවාදියෙකුගෙ ජීවිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ කතාවක් මේ (මේ නිසයි මම අනාගමිකයෙක් නොවන්නේ).
..........
කොයිතරම් අපහසු උනත් ඒ අර්බුද රත්තරන් බවට හරවාගැනීමට වැඩ කිරීම හැමවිටම අතිශය උද්යෝගීමත් දෙයක්. නැවතත් ඉර එලිය පිරුණු දවසක, කුඩා ළමයි කෑගසන පරිසරේක එහෙම නැත්තම් කාන්තාවකගෙ සුන්දරත්වය විඳිය හැකි මනුස්සයෙක් බවට පත්වීම නරක දෙයක් නෙමෙයි නේද?

මේ ලෝකයට එක් අර්ථයක් තිබ්බනම් දබොම්බ් ඔයා කොහොමද ලව්දබොම්බ් වෙන්නෙ, ග්‍රීන්තන්ඩර් කොහොමද ග්‍රීන්තන්ඩර් වෙන්නෙ නේ. ග්‍රීන්තන්ඩර් හිතන විදිහට මේ අරුත් සුන්බවම තමා දබොම්බ් පෙන්වන ආත්මීය විශ්වාසය තියන මනුශ්‍යයාට ලැබෙන හොඳම ආශීර්වාදය.
Nietzscheට වුනත් බුදුදහමේ වටිනාකමක් දැනුනත් ඔහුට දෙන්න ඕනෙ පිලිතුර බුදුදහමේ පිලිතුරට හාත්පසින්ම වෙනස් නේ?
ඉතින් ඒ නිසා තමා: "ඔව් දෙවියන් මියගොස් ඇත, සෝ වට්! මේ අලුත් කටුක, අවිනිශ්චිත පරිසරයෙ උද්‍යෝගශීලිව අර්ථයක් අපිම සපයාගමු" වගේ එකක් එයා කියන්නෙ. ඔතනින් තමා එයාගෙ අර සුපර් මෑන් මිත්‍යාව රූපකයක් විදිහට එන්නෙ.
ඔය ලිව්වෙ කෙටි සමරියක්. ඔය සියල්ලම මම බරපතලව ගන්න අදහස් නෙමේ. ඌබර්මෙන්ෂ් ගැන ගැන ගැටලු තියෙනව. මිනිස් සමාජය වගේ ඒකක අම්බානක තියෙන සංකීර්ණ සමාජයක් ඕකෙන් මේන්ටේන් කරන්න පුලුවන් ද කියන එක ගැන ෂුවර් නෑ. ඇත්තටම මගෙ මුල් පෝස්ට් එකෙ අවසානෙට ව්‍යුත්පන්න කරගන්න එතික්ස් නීෂට වඩා ලඟ කියකිගා ට.
මම නීෂ ගෙන් ගන්නෙ එයා ජීවිතය ගැන බලන අර ගැම්ම, අනුරාගය. ඒක නැතුවම බැහැ අද වගේ කාලෙක ජීවත් වෙන්න. උඩ මෙම්බර් කෙනෙක් වැරදියට හිතන් තිබ්බා නරුමවාදයක්ද මේ කියල. දෙයියනේ අතක් පයක් නැති උනත් කමක් නෑ මේ කාලෙ තියෙන කාළකන්නි නරුමවාදයෙ නොගිලෙනව නම්.
දබොම්බ් පෙන්වන මේ එක්සිස්ටන්ශියල් ක්‍රයිසිස් එක අපි හැමෝටම ජීවිතයේ කොයි අවධියකදි හෝ මුහුණ දෙන්න සිදුවෙන දෙයක්. බෞද්ධ ඉගැන්වීමේ මේකට පිලිතුරක් දෙනවා වුනත් ඒ පිලිතුර නොගැලපෙන අයට දබොම්බ්ලා කරන ප්‍රශ්නය ඇක්නොලෙජ් කිරීමත්, දෙන පිලිතුරත් වැදගත් වේවි.
මුදුන (සිරස) වැටීම, පායදම් විසුරුවා හැරීම මුණිවරු ලොව උතුම්ම දෙය යැයි සැලකුවත්, ඒ මුණිවරුත් සසර පුරාවට තමන්ට පහරවදින වේවැලට වැඳවැටෙමින්, පාවිලංගු පින්තාරු කරමින් අර්ථාන්විත, සාධු සම්මත යහපත් ජීවිත ගතකලා නොවැ.
Edited - last paragraph.
අවුරුද්ද අවසාන වෙන්න ලඟ නිසාද මන්දා සාංකාමය කාංසාමය ත්‍රෙඩ්ස් පේනව. ෆුල් ඔන් සුයිසයිඩල් පෝස්ට්ස් ටිකක් දැක්කා. මේ ඇඩ්වයිස් නෙමේ, පොඩි කතාවක්.
පොඩ්ඩක් පර්සනල් නමුත් මේක කියන්න විදිහක් නෑ එහෙම නැතුව. ඩීටේල් අයින් කරනවා හැකිතාක්.
ඒලෙවල් කරල ඉවර උන ගමන් තමා ජීවිතෙ අඩියටම වැටුණු කාලෙ. යාලුවෙක්ගෙ මාර්ගයෙන් Thus Spoke Zarathustra ගෙන්නා ගත්තා. දන්නෙ නෑ මේකම කියවන්න හිතුනෙ ඇයි කියල, ඒ කාලෙ සාන්දෘශ්ඨිකවාදියො ගැන ආටිකල් කියවමින් ඉද්දි මේ පොත තැනින් තැන සඳහන් වෙලා තිබ්බා. තව ඒ කාලෙම බලපු Little Miss Sunshine කියල ෆිල්ම් එකේ ටීනේජ් කොල්ලෙක් ඉන්නවා ඌට ලෝකේ හැම එකාම එපා වෙලා ඉන්නේ, පවුලේ අය එක්ක වචනයක් කතා නොකර ජීවත්වෙන්නේ. පයිලට් කෙනෙක් වෙන්න හීන දකින ඌ Thus Spoke Zarathustra පොත තමා අතේ තියාගෙන ඉන්නේ ගොඩක් විට. අපි ගිලෙන්න ගියාම එල්ලෙන පිදුරු ගහ තෝරාගන්නේ කොහොමද? මම දන්නේ නෑ. කොහොමහරි මම තෝරගත්ත පිදුරු ගහ ඕක. මගේ වාසනාවට එල්ලුනේ පිදුරු ගහක නෙමේ වෙනම දේක.
ඉතිං ඔය පොත මම අවුරුද්දක් විතර නැවත නැවත හය හත් වතාවක් කියෙව්වා මගේ හිතේ. පොත ගැන ඕනෙනම් පස්සෙ ලියන්නම්, නමුත් මට කියන්න ඕනෙ උනේ වෙන දෙයක්.
නීෂ ඔය පොත ලියන්නේ ප්‍රේමයෙන් ප්‍රතික්ෂේප වෙලා අඩියටම වැටිලා ඉන්න වෙලාවක. ඒ වුනාට පොත කියෙව්වම මේකේ ෆීල් එක තියෙන්නේ දුර්මුඛභාවයක් නෙමෙයි. පොතේ ෆීල් එක මාර රෞද්‍ර අනුරාගයක් ජීවිතය ගැන. සරතුස්ත්‍රාගේ ඩිප්රෙෂන් එක වුනත් අපේ වගේ ඩිප්රෙෂන් එකක් නෙමෙයි. ඒකට ඉරහඳ වුනත් කළුවර වෙනවා. දුකත් මාර ගැඹුරු දුකක්. කොහොමහරි කඳුමුදුන තමයි සරතුස්ත්රාගේ අරමුණ. උඩම තැනට නගින්න ඕන. ඉහලම කඳු මුදුනට තමා දරුණුම ප්‍රපාතය පෙනෙන්නෙත්. මේ දෙකේම ගැඹුර තමයි හොයන්නේ. මම ගත්ත පොත පරිවර්තනය කරලා තිබ්බේ Walter Kaufmann. පරිවර්තකගේ ඉන්ට්‍රෝ එකේ නීෂ මේ කාලේ යාලුවෙක්ට යවපු ලිපියක එක වාක්‍යයක් ක්වෝට් කරලා තිබ්බා "How do I turn this muck into gold?", "මම මේ ජරාව සියල්ල රත්තරං බවට හරවන්නේ කොහොමද?". මේ 'ජරාව' කියල අදහස් කරන්නේ තමන්ගේ විඳවීම. නීෂ ඔතන කියන්නෙ "කොහොමද මම මගෙ පුද්ගල අර්බුදය නැවතත් ලෝකය පිළිබඳ ආදරෙන් බැඳෙන්න උපයෝගී කරගන්නෙ?" වගේ දෙයක් විදිහටයි මම තේරුම් ගත්තෙ. එයා තමන්ගෙ සාංකාවෙන් එලියට එන්නෙ තමන්ගෙ මැග්නම් ඔපුස් එක ලියලා.
ඔය ක්වෝට් එක ඒක මුලින්ම කියවපු දවසෙ ඉඳල අද වෙනකං ඕනෑම අවස්ථාවකදී ඔලුවේ තියෙනවා. කොච්චර කොහොම පහත තත්වයක හිටියත් චොර චාටර් වුනත් ඒක අවසානය නෙමෙයි. තවම පණපිටින්. මම ඔය ක්වෝට් එක ඇහුවේ රන් ඔෆ් ද මිල් ධනාත්මක චින්තනකාර සාර්තකත්ව ගුරු කෙනෙක්ගෙන් නොවී නීෂ වගේ එකෙක්ගෙන් වීම නිසා මම හිතන්නේ ලොකු ව්‍යසනයකින් ගැලවුනා කියල. පොතේ තියෙන්නේ නීෂගේ ඔය මනෝභාවයම තමයි. ප්‍රබන්ධයක් විදිහට සරතුස්ත්රා හරහා නීෂ ලියන්නේ ජරාව සියල්ල රත්තරං බවට හරවපු එකෙක් ගැන කතාවක්. ඒ කතාව ලංකාවේ අවුරුදු සීයකට විතර පස්සේ ඉන්න එකෙක් බැරි බැරි ගාතෙ කියෙව්වම වුනත් ඌට ඒක පිදුරු ගහක් වෙන්න පුළුවන්.
---
විශේෂයෙන් තරමක පහල මැද පන්තියේ සමහරුන්ට වෙන දෙයක් තමයි ජීවිතය එපා වීම. හේතු විවිධයි. සමහරු ප්‍රේම සම්බන්ධයන් බිඳීම නිසා, සමහරු අරමුණක් හදා ගැනීමට නොහැකි වීම නිසා, සමහරු රස්සා ප්‍රශ්න නිසා, සමහරු ජීවිතේ ගැන හිතලා හිතලා උස්මුරුත්තාවට ගිහින් එපා වීම නිසා, සමහරු දශක ගණන් මත්ද්‍රව්‍ය පාවිච්චිය නිසා... ආදී වශයෙන්. ප්‍රකාශිත හේතු මොකක් වුනත් මේ මානසික අවපාතය ලේසි නෑ ඉවර කරගන්න එක. බොහෝ විට අවුරුදු ගණන් එක දිගට ඇදෙනවා.
නීෂ තමන්ගෙ යාලුවට අරම කියන එකෙන් පේන්නෙ මේකයි—දුර්මුඛභාවයේ පතුලේදී වුනත් නීෂට අදහසක් තියෙනවා ජීවිතේ මෙහෙම වෙන්නම ඕන නෑ කියල. ඒ හේතුවෙන් ජීවත් වෙන්න පුළුවනි. තමන්ගේ දුර්මුඛභාවය රත්තරන් බවට හරවන්න උවමනාවක් එයාට තියෙනව.
අපිට කියන්න පුළුවන් මේ කාලේ අපිට නැත්තේ ඔන්න ඔය දැක්ම කියල. වැටුනට පස්සේ ගොඩ එනවා කියල එකක් නෑ. දණින් වැටුණ එකාට නැගිටිනවා කියල එකක් තේරෙන්නේ නෑ මොකද එහෙම උඩක් පහලක් හරි වැරැද්දක් නෑ. සියල්ල අර්ථ විරහිත නම් කිසිවෙක් කිසිවක් කරන්නේ මොකටද? ඒ නිසා දැන් දුර්මුඛභාවය කියන්නේ තාවකාලික තත්වයක් නෙමෙයි, සදාකාලික තත්වයක්. ලෝකය තුල අපි කිසිම යුක්තියක් සාධාරණයක් සත්‍යයක් යහපතක් දකින්නේ නැති නිසා කරන්න දෙයක් නෑ.
මේකෙන් ගොඩ එන්න මම ගියපු පාර මේකයි: පළවෙනි පියවර—යුක්තිය සාධාරණය සත්‍යය යහපත ආදී සියල්ල මනුෂ්‍ය නිර්මාණ බව මට පේනව. ලෝකයට අපි දෙන අර්ථ නැතිනම් ලෝකය අරුත්සුන්. මම ජීවත් වන ලෝකය දිහා බැලුවම මම හොඳටම දන්නව (හොඳටම!) ලෝකයෙ යහපත-අයහපත ගැටලුව ගැන අපිට සපයල දීල තියෙන උත්තර ඔන්ටොලොජියක් විදිහට නිවරැදි නැති බව. මම හොඳටම දන්නව කර්මානුරුපිව හෝ වෙනයම් ක්‍රමයක් අනුව පැවැත්ම වැඩ නොකරන බව. දැන් එතකොට සියල්ල හරිද? පිළිතුර නාස්තිකවාදය ද?
නැහැ, දෙවනි පියවර— ජීවිතයට අර්ථයක් නැති නම් ජීවිතය අර්ථයකට අනුව හසුරුවන්න ඕන. යුක්තිය සාධාරණය සත්‍යය යහපත ගැන අදහස් අති මහත්වූ ආත්මීය විශ්වාසයකින් වැලඳ ගත යුතුයි. මෙතන දැඩි විශ්වාසයක් කියන්නෙ සීරියස් ආගමික භක්තියක් වගේ එකක්. විශ්වාසය කියන්නෙ සිද්ධාන්ත ගොන්නක් නෙමේ, විශ්වාසය තියෙන්නෙ ප්‍රැක්ටිස් එකේ. ඒක දැඩි විනයක් සහ කැපකිරීමක් අවශ්‍ය වෙන අමාරු අසීරු දෙයක්. සමහර වෙලාවට භයානක දෙයක්. අවස්ථාව අනුව අදහස් වෙනස් කරන ප්‍රායොගිකවාදියෙකුගෙ ජීවිතයට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ කතාවක් මේ (මේ නිසයි මම අනාගමිකයෙක් නොවන්නේ).
කාංසාවට යෝජනා කරන ජනප්‍රිය මට්ටමේ පිළිතුර නම් කිසිම අර්ථයක් නොසපයන තිරිසන් කාමසුඛල්ලිකානු යෝගය. ඒ ගැන කතා කිරීමවත් තේරුමක් ඇති දෙයක් නෙමෙයි.
දිග වැඩි උනා, නමුත් සමස්ත අදහස මේකයි—අපි ජීවත් වෙන්නෙ අනර්ථකාරි ඝන අන්ධකාරය පිරුන පසුබිමක බව ඇත්ත. අපි කුඩා කාලයෙ ඉඳල වැඩිහිටි වයස දක්වා වැඩෙන්නෙ සියලුම පැති වලින් අල්ලාගෙන ඉන්න අත් වල වාරුවෙන්. නමුත් මේ අත්කාලයත් සමඟ අතහැරෙනව. සමහර අයට තමාව අල්ලාගන්න අත් හොයාගන්න අපහසු වෙනව (බොහෝ විට නම් වෙන්නෙ තමාව අල්ලන්න ඉදිරිපත් වෙන අයව තමන් විසින්ම ප්‍රතික්ෂේප කිරීම කියලයි මන් හිතන්නෙ). මේ සමාජයෙන් වියුක්ත වෙන තත්ත්ව ජීවිතෙ කෑලිවලට කඩලා දාන පුද්ගල අර්බුද වලට පරිවර්තනය වීම සාමාන්‍ය දෙයක්.
කොයිතරම් අපහසු උනත් ඒ අර්බුද රත්තරන් බවට හරවාගැනීමට වැඩ කිරීම හැමවිටම අතිශය උද්යෝගීමත් දෙයක්. නැවතත් ඉර එලිය පිරුණු දවසක, කුඩා ළමයි කෑගසන පරිසරේක එහෙම නැත්තම් කාන්තාවකගෙ සුන්දරත්වය විඳිය හැකි මනුස්සයෙක් බවට පත්වීම නරක දෙයක් නෙමෙයි නේද?
That first verse hit hard. අම්මපා මේ අමු බුවා නැත්තම් මේ සින්දුව මීට වැඩියෙන් එන්ජෝයි කරනව මම. ඕකෙ "වේවැලක් කැඩුනා" කෑල්ල කියෙව්වෙ කොහොමද උඹ?
වේවැල කියන්නෙ අපි විසින් ඇති කරගන්න ඇලීම් සහ ගැටීම්. වේවැල බිත්තියේ උඩ එල්ලලා තියනවා දැක්කත් අපිව පෙලන ස්වභාවය මතක් කරලා දෙන දෙයක්නේ. ඒ වුණත් අපි මේ වේවැල් නඩත්තු කරන්න ඕනෙ. වේවැල් නැතිව අපිට කිසිම ගමනක් යන්න බැහැ. බෝධිසත්වයෙක් වුනත් වේවැල ආධාර කරගෙන තමා වේවැල නසන්නෙ. ඒ නිසා වේවැල් කෙරෙහි මෛත්‍රි සහගත නිමුනු බැල්මක් පුරුදු කරගන්න අවශ්‍යයි. පදවලට අනුව මේ පෙලීමෙන් පූර්ණ නිදහස ලැබෙන්නෙ බෝසතුන් මැරුනාට පස්සෙ. වේවැලක් පවතින්නේ වේවැලෙන් ගුටිකන්න සත්වයෙක් පුද්ගලයෙක් ඉන්න තාක්කල්. ගුටිකන්න සත්වයෙක් නැතිනම් වේවැලේ කාර්යක් එතනින්ම අහෝසියි. බෝසතුන්ගෙ ධර්මාවබෝධය සමගින් වේවැල කැඩිලා බිඳිලා විනාශවෙලා යනවා. මෙතනින් ගීත රචකයා මුල්වතාවට, බුදුදහමේ ඉදප්පච්දයතා නම් පටිච්චසමුප්පාද න්‍යාය ගැන ඉඟියක් දෙනවා කියල හිතනව.
මේ සින්දුව ග්‍රීන්තන්ඩර්ට හරියටම මීනිංෆුල් විදිහට විවරණය වෙන්නෙ අවසාන පේලි කීපයත් සමග. මුල්ම වතාවට සින්දුව අහලා ඉවරවෙනකොට ඔලුවට ආවෙ පාරායණ (farther shore) වග්ගය. ඒ සිදුවීමේදි සිරස විදිහට අවිද්‍යාවත්, සිරසෙහි(පැලීම) වැටීම විද්‍යාව ලෙසටත් බුදුන් පෙන්වනවා. ඔටුනු වලින් සරසා තිබෙන මේ මුදුන කඩන්නට පහසු හුදු මැටි ගොඩක් විදිහට පෙන්වනකොට තමා අග ඉඳලා මුලට සින්දුව පූර්ණව අර්ථවත් වුනේ. මීට අමතරව මියුසික් විඩියෝවෙ ඉන්න ස්වාමීන් වහන්සේ මේ ඉවුරෙ ඉඳන් ඈත පෙනෙන දිවයින/ඉවුර දිහාට හැරීමත් උදව් වෙනව මේ අර්ථය තවත් රසවත් වෙන්න.
සින්දුව පුරාවටම පාරායණ වග්ගයේ සිදුවීම තමා මැවිලා පේන්නේ. කාලෙකට පස්සෙ අහපු ඇඟේ මවිල් කෙලින්වෙන සින්දුවක්. අනේ මටත් කවදා හරි මේ දේ කරන්න පුලුවන් නේද කියන ශ්‍රද්ධා කඳුලු එක්ක පුදුමාකාර බලාපොරොත්තුවක්, අභිප්‍රේරණයක් ඇතිකරවන සින්දුවක් වුනා මේක.
Edited -
ද බොම්බ් මේ සින්දුව කොහොම කියවයිද කියලා අනුමානයක් තියනවා. හැබැයි එහෙම කලොත් සින්දුවේ පද සීමා නිසා දෙවියන් වහන්සේගේ/ඇබ්සලියුට්වල අභාවය කියන අඳුරු වල තුල නවතින්න වෙනවා නේද. ප්‍රශ්නය පපුවට දැනෙන විදිහට ඉස්මතු කරන්න පුලුවන් හැබැයි.