සාකච්ඡා සාර්ථකයි-තෙල් වර්ජනය අත්හරින්න ත

monson

Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    සාකච්ඡා සාර්ථකයි-තෙල් වර්ජනය අත්හරින්න ත

    සාකච්ඡා සාර්ථකයි-තෙල් වර්ජනය අත්හරින්න තීන්දුයි ;):lol:;):lol:

    August 1, 2017 02:32 pm

    ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡා සාර්ථක වීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීමට තීරණය කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

    එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශයන් සැලකිල්ලට ගනිමින් වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ නොවීමට තීරණය කළ බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා පැවසුවේය.

    අද(01) දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණි.

    ඒ, හම්බන්තොට තෙල් ටැංකි සංකිර්ණය සංස්ථාවට පැවරීම ඇතුළු ඛනිජ තෙල් වෘත්තීය සමිති සිදුකළ ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

    සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදීමට එරෙහිව පසුගිය 24 වනදා ඛනිජ තෙල් වෘත්තීය සමිති විසින් වැඩ වර්ජනය සිදුකරනු ලැබීය.

    ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ලබාදීම හේතුවෙන් ආදාළ වර්ජනය නතර කෙරුණු අතර පසුගිය 25 වනදා රාත්‍රියේ සිට තෙල් බෙදාහැරීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට ද පත් කළේය.

    මේ අතර, සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට පැමිණ සිටින බැවින් තෙල් බෙදා හැරීම් කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව වාර්තා වෙයි.

    කෙසේ නමුත්, ඊයේ රාත්‍රියේ ද විශේෂයෙන් කොළඹ හා තදාසන්න ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබුණු බව සඳහන්ය.

    මේ අතර, ඛනිජ තෙල් වර්ජනය අතරතුර කොළොන්නාව - තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිට දී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ ඛනිජ තෙල් සේවකයන් 16 දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.

    මොවුන් වර්ජනය පැවතිය දා පොලිස් ඇප මත මුදා හැර තිබූ අතර ඊයේ ඔවුන් අත්අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කෙරුණේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

    කෙසේ නමුත්, අද ඔවුන් අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ නියෝගය මත සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත නිදහස් කර තිබේ.


    - http://sinhala.adaderana.lk/news/75861/-සාකච්ඡා-සාර්ථකයි-තෙල්-වර්ජනය-අත්හරින්න-තීන්දුයි
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,209
    113
    ගම මහනුවරයි
    Yay GIF by YoungerTV
     

    Similar threads