- සාක්ෂරතාවය .ඇත්තටම මොකක්ක්ද මේ? කාගෙන් හරි කෙනෙක්ගෙන් සාක්ෂරතාවය කියන්නේ මොකක්ක්ද කියලා ඇහැව්වොත් කියයි ලිවීමේ හා කියවීමේ හැකියාව කියල .හරි වැරදි නැහැ .අපි උණත් හිතන්නෙ එහෙම තමා ,අපේ රටේ .ඒ කිව්වේ ශ්‍රි ලංකාවේ සාක්ෂරතාවය ගත්තොත් 90%-95% අතර අගයක තියෙන්නේ (ගැහැණු පිරිමි දෙගොල්ලෝම ).ඒ කියන්නේ සාමාණ්‍යයෙන් දියුණු රටක සාක්ෂරතා මට්ටම වගේ තමා .අපිට අසල්වැසි ඉන්දියාවේ සාක්ෂරතා අගය අපිට වඩා අඩු අගයක තමා තියෙන්නේ .ඉතිං අපේ රටේ ඉන්න ඉන්දියානු විරෝධී කස්ටිය (ක්‍රිකට් නිසා) ඉන්දියාවේ සාක්ෂරතා මට්ටම ලංකාවට වඩා අඩුවීම ගැන පොඩ්ඩක් විතර සමච්චලේ ට වගේ කතා කරනවා (හැබැයි ඒ අයම සිංහල film වලට වැඩිය හින්දි film වලට ආසකරනවා).
"මචං දැ බලපන් බන් අපේ රට දියුණුයි නේ බන් ඉස්සරට වඩා .එක එක එව්ව රට පුරාම හැදෙනවා,පාරවල් හැදෙනවා ,වරායවල් හැදෙනවා .අපි දැන් සංවර්ධනය වීගෙන එනවා බන් "
එතකොට මම කිව්වා ,
"මචං පාරවල් හැදෙන එක හොඳයි ,වරායවල් හැදෙන එක හොඳයි ,ඒත් බන් එව්වම නෙම්යි මචං සංවර්ධනේ කියන්නේ.තව කරුණු කාරණා ගනණාවක් ඉෂ්ඨ වෙන්න ඕනේ .අනික බන් මෙහෙම සංවර්ධනය වෙලා වැඩක් නැහැ බන් ."
එතකොට යාළුවා කිවා ,
" එහෙනම් මොකක්ක්ද තියෙන්න ඕනේ කියපන් "
මම කිව්ව එතකොට ,
"මචං මිනිස්සුන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ වෙන්න ඕනේ .අධ්‍යාපන මට්ටම කියලා මන අදහස් කලේ කොළ කෑලි වලට ලියලා පාස් වෙන්න(O/L A/L වගේ විභාග) විතරක් පොත් කට පාඩම් කරන එකම නෙමෙයි .අනෙක් දේවළුත් තියෙන්න ඕනේ .ඒ කිව්වේ සමාජය පිළිබඳ අවබෝධය වගේ එව්වා .ඉතිං බන් අපේ රටේ එහෙම එකක් නැහැ .අපේ රටේ උන්ගේ අධ්‍යාපනය අන්තිමයි ඒ අතින් නම් ."
එතකොට යාළුවා කියනවා ,
"උඹ කොහොමද එහෙම කිය්න්නේ උඹ හැම වෙලාවෙම හිතන්නේ අඩු තක්සේරුවෙන් බන් .අපේ රටේ අධ්‍යාපනය නැහැ කියල උඹ කොහොමද දන්නේ .දැන් බලපන් අපේ සාක්ෂරතා මට්ටම .හොඳ අගයක තියෙනවනේ .ඉන්දියාවෙවත් නැහැ එහෙම මට්ටමක් .අපේ අධ්‍යාපනය හොඳයි මොනවා කිව්වත් ."
එතකොට මන් කිව්වා ,
"මචන් අධ්‍යාපනය මනින්නේ සාක්ෂරතාවයෙන්ම නෙමෙයි .අනික සාක්ෂරතාවය කියන්නේ උඹල අපි දන්න විදියට ලිවීමේ හා කියවීමේ හැකියාවනේ .ඒක තිබ්බට මදි මචං මිනිහෙක්ගේ අධ්‍යාපනය මනින්න . "
ඒතකොට යාළුවා කියනවා ,
"අහ්! එහෙනම් සාක්ෂරතාවය කියන්නේ ලිවීමේ කියවීමේ හැකියාව නෙමෙයි නම් මොකක්ද ? අනේ නිකන් පලයං බන් යන්න. "
එතකොට මන් කිව්වා ,
"මචං සාක්ෂරතාවය කියල හඳුන්වන්නේ යම් කිසි කාරණාවක් ගැන විශ්ලේෂනාත්මකව සොයා බලා තෙරුම් ගැනීමේ හැකියාව .නැතුව මේ කොළකෑල්ලක ලියන්නයි, කියවන්නයි විතරක් දැන්ගෙනම මදි .ඒ ලියන දේ හා කියවන දේ කොච්චර නිවැරදිද ,කොච්චර ගැළපෙනවද ? කවුරු මොන අරමුණකින් ලිව්ව එකක්ද ? සිද්ධවෙන්න පුළුවන් දේ මොකක්ක්ද වගේ කරුණු ගණනාවක් ගැන විෂ්ලේශනය කරලා බලන්න අවබෝධය තියෙන්න ඕනේ මචං .අන්න එතනයි සාක්ෂරතාවය තියෙන්නේ. "
එතකෝට මගේ යාළුවා කිව්වා ,
"හරි උඹ කියන එක හරියි කියමු .උඹ කොහොමද කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සක්ෂර තාවය නැහැ කියල ? "
එතකොට මම කිව්වා ,
"මචන් උඹ කියන විදියට අපේ රටේ සාක්ෂරතාවය හොඳ නම් ,කුඩුකාරයෝ,මංකොල්ලකාරයෝ ,කසිප්පුකාරයෝ,ගෑනුහොරු ,ස්ත්‍රී දුෂකයෝ,නයිට්ක්ලබ් යන ගණිකාවෝ ,හොර කොමිස්කාරයෝ,ඉස්ස්කොලේ වැස්සටවත් දැක්ක නැති උන් ,රත්තරන් චේන් කඩපු හොරු බීඩි මිටියටයි ,අරක්කු බෝතලේටයි බත් බැකට් එකටයි රුපියල් 100 ටයි පාර්ලිමේන්තු යවන්න ඡන්දේ දෙයිද ? අනික රටේ තියෙන වටිනා සම්පත් ටික දේශප්‍රේමයේ නාමෙන් මංකොල්ල කාලා පිටරට එවුන්ට විකුණන කොට කටවහන් බලන් ඉඳියි ද ? තව, පවතින ආණ්ඩුව වැරැද්දක් කරලා ඉවර වෙලා ඒක සාධාරණීකරණය කරන්න පරණ කාලේ ආණ්ඩු කරපු වැරදි මතක් කරල ස්ද්දේන් කියවපුවහම එව්වා අහල හිත හදාගෙන 'කවුරු ආවත් හොහොමනේ 'කියලා නපුංසක විදියට කටවහන් බලන් ඉඳි ද .තමන්ගේ ආගමේ පිළිවෙත් ටික හරියට රැක ගන්න බැරුව අනෙක් ආගම් වල ඇද-කුද හොයයිද ? මට දැන් උත්තරයක් දීපං මෙව්ව්ට ."
මේ පැනයන් සමඟ මාගේ යහළුවා නිරුත්තර විය .ඔන්න ඕකයි තත්වේ .ඉතිං සාක්ෂරතාවය කියන්නේ ලියන්නයි කියන්නයි පුරුදුවේන එක විතරක් නෙමයි.ඒ ලියන දේ කියවන දේ, දකින දේ, පෙනෙන දේ හා ඇහෙන දේ පිළිබඳව විෂ්ලේශනාත්මකව ණුවණින් හා සංවේදීව දැකීමේ හැකියාව .පොඩ්ඩක් හිතලා බලන්න .






Last edited: